Sunday, January 29, 2012

වෘත්තීය ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදුවන බව දැනුම් දීම

අප සංගමය හෙද සේවාවට බලපාන ප‍්‍රධාන ඉල්ලීම් 18 ක් පිළිබද සාකච්ඡ කිරීම සදහා කඩිනම් සාකච්ඡ අවස්ථාවක් ඉල්ලම් කලද, ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප‍්‍රතිචාරයක් අප වෙත නොලැබිම කණගාටුවට කරුණකි. එසේම මෙම කරුණු සාකච්ඡ මාර්ගයෙන් විසදාගැනීම සදහා අප සංගමය දෙසතියක කාලයක් එනම් 2012.01.30 දක්වා කාලය ලබා දී තිබීය දී මේ පිළිබද අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව නැවත වරක් ප‍්‍රකාශ කරමු.

ඒ අනුව මෙම ඉල්ලීම් පිළිබද සාධාරණ විසදුමක් ලබා ගැනීම සදහා අකමැත්තෙන් වුව ද වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඔබතුමාට දන්වන අතර, එහි මුල් ක‍්‍රියාමාර්ග 2012.01.31 දින දහවල් 12.00 ට කෑම පැයේ උද්ඝෝෂණයක් රෝහල් ඉදිරිපිට සිදු කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමු.   

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය    

No comments:

Post a Comment