Tuesday, December 20, 2011

Curcular

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික පරිපාලනය පිළිබඳව ආණ්ඩුකාරවරයාගෙන් විධිමත් විමර්ෂණයක් ඉල්ලීම

    බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සිය පරිපාලන බලය අත්තනෝමතික ලෙස යොදවමින් හා පරිපාලන නීතිරීති වලට පිටින් ක‍්‍රියාකිරීම නිසා පළාත් සභා හෙද කාර්ය මණ්ඩලය බලවත් අසාධාරණයකට ලක්කර ඇත.
    මෙම අසාධාරණ හා පරිපාලන විරෝධී ක‍්‍රියාදාමයට සාධාරණ විසඳුමක් නොලැබීම නිසා පළාත් සභා සෞඛ්‍ය පරිපාලනය කෙරෙහි බලවත් අප‍්‍රසාදයක් ද කාර්ය මණ්ඩලය වෙතින් එල්ල වෙමින් තිබේ.
    පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් සිදුකර ඇති පහත සඳහන් පරිපාලන විරෝධි අත්තනෝමතික ක‍්‍රියාවන් පිළිබඳව සාධාරණ විධිමත් විමර්ෂණයක් පවත්වන මෙන් 2011.09.27 දින බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අප ඉල්ලා සිටියද, මේ දක්වා එවැනි පරීක්ෂණයක් පවත්වා නොමැත.

පරිපාලන විරෝධී ක‍්‍රියාවන්
1.    ජාත්‍යන්තර කම්කරු ප‍්‍රඥප්ති අංක 87 හා 98 ද 1935 වෘත්තීය සමිති ආඥ පනත ද උල්ලංඝණය කරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට සම්බන්ධ වු හෙද නිළධාරීන් ස්ථාන මාරු කිරීම
2.    2009.11.11 දින විනය පරීක්ෂණයක් පසුව පවත්වනවා යැයි කියමින් මීගමුව රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියක දිවුලපිටිය රෝහලට මාරු කිරීම හා මේ දක්වා විනය පරීක්ෂණයක් නොපැවැත්වීම
3.    2010.11.02 පළාත් සෞඛ්‍ය ඇමතිවරයා විසින් සේවක උපදේශක සභා පළාත් සභාව තුළ ස්ථාපිත කිරීමට ගත් තීරණය හිතාමතා ක‍්‍රියාත්මක නොකිරීම
4.    ගම්පහ රෝහලේ ෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියකට මීගමුව රෝහලට ලැබුණු විශේෂ ශ්‍රේණියේ උසස් වීම අවලංගු කර, හොරණ රෝහලට බලහත්කාරයෙන් මාරු කිරීම
5.    ආයතන සංග‍්‍රහය අනුව වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල පළාත් සභාව තුළ නොපැවැත්වීම
6.    20011.02.18 දින පශ්චාත් ප‍්‍රාථමික හෙද පුහුණුව හැදැරීමෙන් පසු පත්වීම් ලැබිය යුතුව තිබු හෙද සොහොයුරියන් 79 දෙනෙකුහට පළාත් අධ්‍යක්ෂකගේ අකාර්යක්ෂමතාවය නිසා උසස් වීම් මාස 6 කට ප‍්‍රමාද වීම
7.    එම නිළධාරීන් 79 දෙනාට උසස් වීම් දීමේ දී අනුගමනය කළයුතු ලකුණු ප‍්‍රමුඛතා ක‍්‍රමය :ඵැරසඑ කසිඑ* නොසලකා පලාත් අධ්‍යක්ෂකගේ හිතවතුන්හට පහසු සේවා ස්ථාන ලබා දීම
8.    2010.08.08 දින කොරියානු ශිෂ්‍යත්ව සඳහා අවිස්සාවේල්ල රෝහලින් සුදුසුකම් නොමැති හෙද නිලධාරීන් තෝරා යැවීම
9.    මීගමුව මූලික රෝහලේ විශේෂ ශ්‍රේණියට උසස්වීමක් නොලැබු ෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියකට නිල් පැහැති උසස් වීමට අදාල නිල ඇඳුම ඇඳ රාජකාරී කරන ලෙස වැරදි උපදෙස් ලබාදීම

මෙසේ දිගින් දිගටම පරිපාලන බලය අයුතු ලෙස යොදවමින්, අත්තනෝමතික ලෙස පරිපාලන නීති උල්ලංඝණය කරන පළාත් අධ්‍යක්ෂකවරයා පිළිබඳව විධිමත් විමර්ෂණයක් පවත්වන මෙන් ආණ්ඩුකාරවරයාගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

Curculars

Wednesday, November 30, 2011

Duty Leave

අයවැය වැටුප් වැඩි කිරීම ප්‍රෝඩාවක් රාජ්‍ය හා පෞද්ගලික සේවක වැටුප් වැඩි කරනු !

2011 නොවැම්බර් 21 දින වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2012 අයවැය යෝජනා හරහා රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් අපේක්ෂා කල ඉල්ලම් කිසිවක් ලැබී නොමැති බව පැහැදිලිය.

2012 අයවැයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි නොකිරීමට අදාලව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබ`දව අදහස් දක්වන ජනමාධ්‍ය සාකච්ඡවක් 2011 නොවැම්බර් 30 වන බදාදා පෙ.ව 11.00ට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධාන කාර්යාලයේ දී පැවැත් වුනි.
එම ජනමාධ්‍ය සාකච්ඡවේ දී,
    ජනාධිපතිවරනයේ දී රු.2,500/- ක පොරොන්දු වූ වැටුප් වැඩිවීම ලබාදෙනු !
    රාජ්‍ය සේවාවට වර්තමානයේ ගෙවන 15‍% දීමනා වැටුපට එකතු කරනු !
    රු.3,860/-ක් වු හිඟ ජීවන වියදම් දීමනාව ගෙවනු !
    අග‍්‍රහාර රක්ෂණයෙන්, විශ‍්‍රාම යෑමේ දී රු.100,000/-ක පාරිතෝෂිකයක් ලබාදෙනු !
    ජීවන අංක දීමනාව, රු.280 අගය නිත්‍යානූකූලව ගැසට් කරනු !
    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට අදාල උපයන විට අය කරන බද්ද අහෝසි කරනු !
    රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිත්‍ය සේවාවන් වලට, මානව සම්පත් ආයතන වලින් කොන්ත‍්‍රාත් පදනම මත සේවකයන් බඳවා ගැනීම නතර කරනු !

යන ඉල්ලීම් ලබාදීමට හැකිවන පරිදි 2012 අයවැයට සංශෝධන එකතු කරන ලෙස රජයට බලකිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති අදහස් දක්වන ලදී.

මෙහිදි රජය වැඩි කල 10‍% දීමනාව තුලින් අවම වැටුප් ලබන රජයේ සේවකයන්හට සත්‍ය ලෙස හිමිවන්නේ රු.593ක දීමනාවක් බවත් අවධාරණය කල අතර, රුපියල අවප‍්‍රමාණය කිරීම නිසා දැනට ලබන වැටුප් 3‍% කින් අඩුවන බව පැහැදිලි කෙරිනි. මේ සදහා සෞඛ්‍ය, තැපැල්, දුම්රිය, වරාය, රක්ෂණ, ගුරු, කළමණාකරන සහකාර, මුද්‍රණාල, වතු, ඇගලූම් හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් වෘත්තීය සමිති 20ක් පමණ සහභාගී විය.

මෙම ඉල්ලීම් දිනා ගැනීම සදහා,
x දෙසැම්බර් 2 දින සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් දැනුවත් කිරීමට අත් පත‍්‍රිකා ලක්ෂයක් බෙදා හැරීමටත්,
x    දෙසැම්බර් 06 දින පොස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමටත්,
x    රජයේ ප‍්‍රතිචාර නොමැති නම් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීමටත්,
තීරණය කළ බව වෘත්තීය සමිති නායකත්වය විසින් අවධාරණය කරන ලදී.
 
සමන් රත්නප‍්‍රිය

Monday, November 14, 2011

ඌණ කාර්ය සාධන ව්‍යාපාර සහ ඌණ උපයෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත් කිරීමේ පනත් කෙටුම්පත - රට ආපස්සට හරවන්නක්

    වර්තමාන ආණ්ඩුව පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පතක් 2011 නොවැම්බර් 08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර, එය හදිසි පනතක් ලෙස විවාදයට ගෙන සම්මත කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇත. එයට අප සම්මේලනයේ බලවත් විරෝධතාවය ප‍්‍රකාශ කරන්නෙමු.

    හදිසි පනත් ඉදිරිපත් කල හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව, ජාතික අවශ්‍යතාවයක් ඇති හදිසි අවස්ථාවල පමණක් වන අතර, එවැනි හදිසි ආපදාවක් හෝ වෙනත් හදිසි තත්ත්වයක් රටේ උද්ගත වී නැත.

    එසේම මේ පිළිබඳව මහජනයා අතර සාකච්ඡුාවක් ඇති වීමට ඉඩ නොදීි කඩිමුඩියේ සම්මත කර රජයට පවරා ගැනීමට යාම තුළ ආණ්ඩුව මෙය සද්භාවයෙන් ඉදිරිපත් නොකරන එකක් බව පැහැදිලි වේ.

    මෙම පනත හරහා යම් දේපළක් රජයට පවරා ගතහොත් එයට අභියෝග කිරීමට හෝ සාධාරණ වන්දියක් ඉල්ලා අධිකරණයට යැමේ බලය ද දේපළ අයිතිකරුට අහිමි කර ඇත.

    එසේම පනත අනුව මූලිකව රජයට පවරා ගැනිමට ලැයිස්තු ගතකර ඇති ආයතන 36 තුළ ලාභ ලබන සෙවනගල හා පැල්වත්ත සීනි සමාගම් හා ලංකා ට‍්‍රැක්ටර්ස් සමාගම ඇතුලත් කර තිබීම පනතේ නීතිමය ප‍්‍රතිපාදන වලට පටහැනිය. නමුත් පාඩුපිට යන හි`ගුරාන සීනි කර්මාන්ත ශාලාව ලේඛනයට ඇතුත් කර නැත.

    ආණ්ඩු වලට ව්‍යාපාර සාර්ථකව ක‍්‍රියාත්මක කල නොහැකි බව ඉතිහාසයේ දී ඔප්පු වී ඇත. වසර කිහිපයකට පෙර ලාභ ලබන වතු ද රජයට පවරා ගත් ආණ්ඩුව ඒවා බංකොලොත් වීම නිසා පසුව නැවත පුද්ගලික අංශයට විකුණන ලදි. එසේම රජයට පවරාගත් ෂෙල් සමාගම ද විකුණා දැමීමට ආණ්ඩුව කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කිරීමෙන් පෙනීයන්නේ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි බවය.

    එසේම රජයට අයත් රාජ්‍ය ආයතන 26 ක 2010 දී පාඩුව රු. කෝටී 1100 කි. ඛණිජතෙල්, වරාය, විදුලිය, ජනතා සන්තක ප‍්‍රවාහන සේවය හා මිහින් ලංකා වැනි රජයේ ආයතන පාඩු පිට යන අතර ඒවා ලාභ ලැබීමට හැකි තත්ත්වයකට පත් කිරීමට රජයට නොහැකි වී ඇත.

    එසේම මෙවැනි පනතක් සම්මත කිරීම හරහා දේශීය හා විදේශීය ආයෝජකයන් රට තුළ ආයෝජනය කිරීම දුර්වල කරන අතර එය රටේ සංවර්ධනයට බාධාවක් වනු ඇත.

    එසේම පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමෙන් එම ආයතන වල සේවක සුභ සාධනය ඉහළ දැමීමට හැකි බව ආණ්ඩුව ප‍්‍රකාශ කලද, දැනට රජය යටතේ ඇති පාඩු ලබන ආයතන තත්ත්වයට මෙම ආයතන ද වැටුණු පසු වැටුපවත් ලබා ගැනීමට එම සේවකයන්ට නොහැකි වනු ඇත.

    මෙම තත්ත්වයන් හමුවේ මෙවැනි පනතක් මේ මොහොතේ ගෙන ඒමට කිසි`දු සාධාරණ හේතුවක් නොමැති බවත් මේ හරහා රට ආපස්සට ඇද දමන බවත් පැහැදිලිය.

    එබැවින් මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නොගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකර කියා සිටින්නෙමු.

Wednesday, November 9, 2011

අයවැයෙන් වැටුප් වැඩි කරනු - රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ උද්ඝෝෂණය නොවැම්බර් 09 බදාදා දවල් 12.00 ට ලිප්ටන් වටරවුමේ දී

2012 ඉදිරිපත් කිරීමට යෝජිත අයවැයෙන් පහත සදහන් වැටුප් වැඩි කිරීම හා වැඩ කරන පංතියට සහ ජනතාවට වහාම සහන ලබා දෙන ලෙස බලකරමින් 2011 නොවැම්බර් 09 දහවල් 12.00 ට කොළඹ ලිප්ටන් වටරවුමේ දී පවත්වනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරයේ දී රජයට ඉදිරිපත් කරන ඉල්ලිම් පහත පරිදිය.


x    ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවට පොරොන්දු වූ රු.2,500 /-ක වැටුප් වැඞී වීම ලබා දීම
x    ජීවන වියදම් දර්ශකයේ වැඩිවීම අනුව රු.2.50/- බැගින් ජීවනාංකයකට ගෙවන බවට වූ පොරොන්දුව අනුව මේ වන විට පවතින හි`ග රු.3,860/-ක ජීවන වියදම් දීමනාව ලබාදීම
x    ඉහළ හා පහළ (කම්කරු හා ස්ථිර ලේකම්) අතර දැනට පවතින වැටුප් වර්ධක අනුපාතය වන 1: 11.875 අඩු අගයකට ගෙනෙමින් 1: 9.5 දක්වා අඩු වන පරිදි ඉහළම වැටුප් වර්ධකය වැඩි නොකර දැනට ගෙවන පහළම වැටුප් වර්ධකය      රු.120 සිට රු.150 දක්වා වැඩිකර එයට සමානූපාතිකව මැද කණ්ඩායම් වල වැටුප් වර්ධක වැඩි කිරීම 
x    අග‍්‍රහාර රක්ෂණය මගින් රජයේ සේවකයන්හට විශ‍්‍රාම යන විට රු.100,000/- දීමනාවක් ලබාදීම
x    ආපදා ණය හා දේපල ණය සඳහා ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන වැඩි කිරීම හා ණය සහන මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම
x    ඉතුරුම් සඳහා බැංකු පොළි  අනුපාතය අඩුකල ආකාරයටම දේපල ණය සඳහා පොලි අනුපාතය 4‍% දක්වා අඩු කිරීම
x    06/2006 වැටුප් චක‍්‍රලේඛයේ විෂමතා ඉවත් කිරීම සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම
x    අයවැයෙන් දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ වලට වෙන් කරන වාර්ෂික ප‍්‍රතිපාදන කප්පාදු නොකර ලබා දීම
x    රාජ්‍ය සේවාව සඳහා ආරවුල් බේරුම් කිරීමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා අදාල ආයතන ස්ථාපිත කිරීමට මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම
x    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සම්මේලනයට රාජ්‍ය අංශයේ නියෝජිතයන් යැවීම සඳහා මුදල් ප‍්‍රතිපාදන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා වෙන් කිරීම
x    අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා අයකරන බදු ඉවත්කර ජනතාවට සහන සැලසීම
x    රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිත්‍ය සේවාවන් වලට මානව සම්පත් ආයතන වලින් කොන්ත‍්‍රාත් පදනම මත සේවකයන් බඳවා ගැනීම නතර කිරීම
x    අර්ධ රාජ්‍ය අංශය සඳහා රජයේ අනුමත නියමිත ජීවන වියදම් දීමනාව ගෙවීම
x    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට අදාල උපයන විට අයකරන බද්ද අහෝසි කිරීම
x    ජලය, විදුලිය හා බස් ගාස්තු වැනි අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සඳහා අයකරන බදු අඩු කිරීම
x    සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශයට පත්කල පවුල් ඒකකයක වියදම වන රු.42,476/- ක මුදල අවම වැටුප් ලෙස ලබාදීම සඳහා වැඩ පිළිවෙලක් අයවැය මගින් ඉදිරිපත් කිරීම

මෙම උද්ඝෝෂණය සදහා පහත සදහන් ප‍්‍රධාන වෘත්තිය සමිති හා සම්මේලන සහභාගී විය.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
දුම්රිය සේවා වෘත්තීය ඒකාබද්ධ පෙරමුණ
රා. ප. රාජ්‍ය කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සංගමය
ස. පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සංගමය
ස්වාධීන වරාය සේවක සංගමය
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය
අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ
සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය
ලංකා බැංකු සේවක සංගමය
තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය
ලංකා ගුරු සංගමය
රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
තොරතුරු හා විදුලි සංදේශ සියඵ සේවක සංගමය
රක්ෂණ සේවක සංගමය
ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සංගමය
දුම්රිය එන්ජින් රියදුරු (ෂන්ටින් සේවය) සංගමය

Monday, November 7, 2011

1

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කල අධ්‍යාපන වැඩමුඵවක්

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කල අධ්‍යාපන වැඩමුඵවක් 2011.11.04 දින වවුනියාව මූලික රෝහලේ දී පවත්වන ලදි. එහිදි වෘත්තීය සමිතිවාදය පිළිබඳව සභාපති සමන් රත්නප‍්‍රිය සහෝදරයා ද, හෙද ව්‍යවස්ථාව පිළිබඳව ලෙකම් නාලක හෙට්ටිආරච්චි සහෝදරයා ද, මූල්‍ය රෙගුලාසි පිළිබඳව රෝහලේ ගණකාධිකාරී මහතාද දේශනා පවත්වන ලදි.
 

මේ සඳහා වවුනියාව හා මන්නාරම දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් හෙද නිළධාරීන් සහභාගී විය.
 

එහි අවස්ථා කිහිපයක් 





Thursday, October 27, 2011

හෙද නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට පෙර නීතිපති අවසරය ලබා ගන්නා ලෙස ඉල්ලීම

ඔබගේ නියෝග පරිදි නිකුත් කළ චක‍්‍රලේඛයකින් ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෛද්‍යවරුන් සම්බන්ධ නීතිමය කටයුතු වලදී අත් අඩංගුවට ගැනීමට සිදු වන්නේ නම් ඒ සඳහා නීතිපති අවසරය අනිවාර්ය කොට ඇත. මේ පිළිබඳ සංගමයක් වශයෙන් සතුටුවන අතර, දැනට සෞඛ්‍ය සේවාවේ නිරත වන වෛද්‍ය සේවාව හැරුණු කොට ප‍්‍රමුඛතම වෘත්තීමය කණ්ඩායමක් වන හෙද සේවාව සඳහා එම නියෝග අදාල කර ගැනීමට උපදෙස් නිකුත් නොකිරීම කණගාටුවට කරුණකි.

වෘත්තීමය සේවාවක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති හෙද සේවාව ද වෘත්තීයට අදාලව ලබන පුහුණුවෙන් පසු  වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමෙන් අනතුරුව සේවයේ යෙදෙන අතර, හෙද වෘත්තීයේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් හෙද සේවාව වෙනුවෙන් ද, මෙලෙස චක‍්‍රලේඛයක් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව සේවාව නියෝජනය කරන ප‍්‍රමුඛ වෘත්තීය සංගමයක් ලෙස අප විශ්වාස කරන්නෙමු.

එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කොට හෙද සේවාව වෙනුවෙන් ද මෙවැනි චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඒ පිළිබඳ සාකච්ඡ කිරීමට කඩිනමින් සාකච්ඡ අවස්ථාවක් ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලමි.   
 
සමන් රත්නප‍්‍රිය           

හෙද නිළධාරීන්ගේ ඔක්තෝබර් මස වැටුපෙන් බදු අය කිරීමට කටයුතු කිරීම

ඔබ ආයතනයේ සේවය කරන විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් ඇතුඵ හෙද නිළධාරීන්ගෙන් ඔක්තෝබර් මස දළ වැටුප රු.50,000 ඉක්මවු විට බදු අය කිරීමට කටයුතු කර ඇති බව සංගමයට වාර්තා වේ.

නමුත් එලෙස රු.50, 000/- සීමාව ඉක්මවු වෛද්‍ය නිළධාරීන්ගෙන් බදු අය කර නොමැති අතර, එය එකම රෝහලක සේවය කරන කාර්ය මන්ඩල වලට දෙආකාරයකට සැලකීමකි.

මෙම බදු අය කිරීම මූලික වැටුප පමණක් සලකා කරන ලෙසට සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට හා භාණ්ඩාගාර ලේකම්ට කරුණු දක්වා ඇති අතර අවසන් විසදුමක් ලැබෙන තෙක් මෙලෙස බදු අය නොකිරිමට ද ඉල්ලා ඇත.

මුදල් අමාත්‍යාංශයේ චක‍්‍රලේඛයක් පදනම් කර ගනිමින් විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් ඇතුඵ හෙද නිළධාරීන්ගෙන් මෙලෙස බදු අය කිරීමට කටයුතු කිරීම පිළිබඳ එකගවිය නොහැකි අතර, සාකච්ඡ වලට අදාල අවසන් විසදුමක් ලැබෙන තෙක් බදු අය කිරීම තාවකාලිකව අත්හිටවන ලෙසත්, දැනට බදු වෙනුවෙන් අය කොට ඇති මුදල් නැවත ගෙවීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලමි.  
 
සමන් රත්නප‍්‍රිය           

2012 අයවැයෙන් රජයේ සේවකයන්හට ලබාදිය යුතු සහන පිළිබඳව රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනයේ යෝජනා

2011.10.27 දින පුංචි බොරැල්ල සෞඛ්‍ය සන්ධාන කාර්යාලයේ දී පවත්වන ලද ජනමාධ්‍ය සාකච්ඡවේ දී රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය 2012 අයවැය පිළිබදව පහත සදහන් යෝජනා ඉදිරිපත් කරන ලදී.
 
  • 2009 ජනාධිපතිවරණයේ දී වර්තමාන ජනාධිපති හා ආණ්ඩුව රජයේ සේවකයන්හට පොරොන්දු වූ රු.2500/- වැටුප් වැඩිවීම වහාම ලබාදීම 
  • ආණ්ඩුව මහින්ද චින්තන පළමු අයවැයෙන් ලබදුන් ජීවන වියදම් දීමනාවට අදාලව මේ වන විට රජයේ සේවකයන්හට ලැබිය යුතු හිඟ දීමනාව වන රු.3860/- වහාම ගෙවීම 
  • ඉහළ හා පහළ (කම්කරු හා ස්ථිර ලේකම්) අතර දැනට පවතින වැටුප් වර්ධක අනුපාතය වන 1 : 11.875 අඩු අගයකට ගෙනෙමින් 1 : 9.5 දක්වා අඩු වන පරිදි ඉහළම වැටුප් වර්ධකය වැඩි නොකර පහළම වැටුප් වර්ධකය රු.120 - රු.150 දක්වා වැඩිකර එයට සමානූපාතිකව මැද කණ්ඩායම් වල වැටුප් වර්ධක වැඩි කිරීම  
  • අග‍්‍රහාර රක්ෂණය මගින් රජයේ සේවකයන්හට විශ‍්‍රාම යන විට රු.100,000/- දීමනාවක් ලබාදීම 
  • ආපදා ණය හා දේපළ ණය සඳහා ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන වැඩි කිරීම හා ණය සහන මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම 
  • 06/2006 වැටුප් චක‍්‍රලේඛයේ විෂමතා ඉවත් කිරීම සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම 
  • ඉතුරුම් සඳහා බැංකු පොළි  අනුපාතය අඩුකල අකාරයටම නිවාස ණය සඳහා පොලි අනුපාතය 7% දක්වා අඩු කිරීම
  • අයවැයෙන් දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ වලට වෙන් කරන වාර්ෂික ප‍්‍රතිපාදන කප්පාදු නොකර ලබා දීම 
  • රාජ්‍ය සේවාව සඳහා ආරවුල් බේරුම් කිරීමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා අදාල ආයතන ස්ථාපිත කිරීමට මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම 
  • ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සම්මේලනයට රාජ්‍ය අංශයේ නියෝජිතයන් යැවීම සඳහා මුදල් ප‍්‍රතිපාදන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා වෙන් කිරීම
මෙම ජනමාධ්‍ය සාකච්ඡව සදහා පහත සදහන් වෘත්තීය සමිතිවල නායකත්වය සහභාගී විය.
 

සමන් රත්නප‍්‍රිය         - (ප‍්‍රධාන ලේකම් - රා.සේ.වෘ.ස.සම්මේලනය,     සභාපති - සෞ.සේ.වෘ.ස.සන්ධානය )
සම්පත් රාජිත         - (සම සභාපති - රා.සේ.වෘ.ස.සම්මේලනය,     කැදවුම්කරු  - දුම්රිය ඒකාබද්ධ පෙරමුණ)
ජෝසප් ස්ටාලීන්     - (ජාතික සංවිධායක - රා.සේ.වෘ.ස.සම්මේලනය,     සභාපති - ලංකා ගුරු සංගමය)
එම්.ඞී.ආර්. අතුල     - (භාණ්ඩාගාරික - රා.සේ.වෘ.ස.සම්මේලනය,     සභාපති - රජයේ මුද්‍රණ ශීල්පීන්ගේ සංගමය)
රණතුංග         - (නියෝජ්‍ය ලේකම් - තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය)
රාජා කන්නංගර     - (සභාපති  - දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ)
විජිත පේ‍්‍රමරත්න     - (ලේකම් - රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමණාකරන සහකාර නිළධාරීන්ගේ සංගමය)
සමන් පීරිස්         - (නියෝජ්‍ය ලේකම් - සමස්ථ ලංකා රාජ්‍ය කළමණාකරන සහකාර නිළධාරීන්ගේ සංගමය)
ජී.ඞී.කේ.ඞී. විජේසේකර     - (සභාපති – දුම්රිය මැදිරි පරීක්ෂකවරුන්ගේ සංගමය)

 
සමන් රත්නප‍්‍රිය

Friday, September 23, 2011

හෙද සේවාවට කලා හා වාණිජ අංශයෙන් හෙද කණ්ඩායමක් බඳවා ගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම 2011 සැප්තැම්බර් 23 සිකුරාදා පෙ. ව. 11.30 ට

අමාත්‍ය මණ්ඩලය 2010.10.10 දින අනුමත කල හෙද සේවා ව්‍යවස්ථාවට පටහැනිව කලා හා වාණිජ අංශවලින් හෙද පුහුණුවට කණ්ඩායමක් බඳවා ගැනීමට සෞඛ්‍ය බළධාරීන් කටයුතු කරමින් සිටි. 

හෙද සේවයට හෙද ව්‍යවස්ථාව අනුව බඳවාගත යුතු වන්නේ අ.පො.ස. උසස් පෙල විද්‍යා අංශයේ z අගය මත වන අතර, එසේ නොකර උක්ත තීරණය ක‍්‍රියාත්මක වුවහොත් හෙද සේවාවේ වෘත්තීමය තත්ත්වය බාල්දු වීම, ජාත්‍යන්තර පිළිගැනීම අඩුවීම හා හෙද සේවාවේ පැවැත්ම අභියෝගයන්ට ලක්වීම සිදුවනු ඇත. 

මෙම තත්ත්වයට එරෙහිව මෙම නීත්‍යානූකූල නොවන හා අසාධාරණ තීරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් 2011 සැප්තැම්බර් 23 සිකුරාදා පෙ.ව.11.30 ට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කරන ලදී. 












Monday, September 19, 2011

නායකත්ව පුහුණු දෙදින අධ්‍යාපනික වැඩමුලුව




රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ACILS ආයතනය සමග එක්ව උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන සංගමයේ සමාජික හෙද නිළධාරීන් වෙනුවෙනුවෙන් සංවිධාන කළ නායකත්ව පුහුණු දෙදින අධ්‍යාපනික වැඩමුලුව 2011-09-15/16 දෙදින කොළඹ ලංකා වතුසේවා නිළධාරීන්ගේ සංගම් ශ‍්‍රවණාගාරයේදී පැවැති අතර, එහිදි

1. ජුනි මස අවසානයේ ත‍්‍රිකුණාමලයේ පැවති වැඩමුලුව පිළිබද පසු විපරම
2. වෘත්තීය සමිති නායකයෙකු වශයෙන් භූමිකාව සකස්කර ගැනීම
3. ඉදිරි වැඩමුලු උතුරු හා නැගෙනහිර පළාත් වල සංවිධානය කිරීම යන අරමුණු වලට සාර්තකව ලගා වීමට හැකි වු අතර, මෙ සදහා උතුරු හා නැගෙනහිර පළාත් නියෝජන කරමින් සමාජික යන් 20 පමණ සහභාගි විය

විශේෂ නිවේදනයයි

2012 ජනවාරී 01 වන දින සිට බලාත්මක විය යුතු හෙද සේවයේ 2011 වසර සඳහා ස්ථාන මාරු අයදුම්පත්
2011.09.30 දිනට පෙර ආයතන ප‍්‍රධානියා හරහා
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන්න.
ඉන් පසුව
රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ
සාමාජිකයන් වු ඔබ ස්ථාන මාරු අයදුම්පතෙහි 

පිටපතක් හා අදාල තොරතුරු 
සංගමයට එවන්න


සම්බන්ධීකරණය

  • ජයන්ත විමලසිරි  – 0714941438
  • නන්දසේන – 071 4444461
  • උපාලි විජේකොන් – 0714428544
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය

Tuesday, September 13, 2011

හෙද සේවාවට බඳවා ගැනිමේ අධ්‍යාපන සුදුසුකම් පහත දමා බඳවා ගැනීමට එරෙහිව, උද්ඝෝෂණය 2011.09.14 බදාදා - දහවල් 12.00 ට - කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී

    උතුරු නැගෙනහිර හෙද සේවාවට බඳවා ගැනීම සඳහා දැනට පවතින අධ්‍යාපන සුදුසුකම් අඩුකර අ.පො.ස. උසස් පෙළ කලා හා වාණිජ අංශවලින් බඳවා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.
   
    2010.11.01 දින සිට ක‍්‍රියාත්මක හෙද ව්‍යවස්ථාවේ 7.2.4. වගන්තිය අනුව හෙද සේවාව සඳහා බඳවා ගැනීමේ දී අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා, ගණිත හා කෘෂි විද්‍යා ධාරාවන්ගෙන් ’ අගය මත පමණක් බඳවා ගත යුතු බව පැහැදිලිව දක්වා ඇත. 2010 ට පෙරද හෙද සේවාවට බඳවා ගනු ලැබුවේ අ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් වන අතර, මෙසේ අධ්‍යාපන සුදුසුකම් අඩුකර බඳවා ගැනීම කිසිසේත් අනුමත කල නොහැක.
    මෙලෙස  බඳවා ගනු ලැබුවහොත්,

1.    ඉදිරියේදී නියම අධ්‍යාපනයක් නොලද හෙද නිළධාරීන්ගෙන් රෝගී සත්කාරය ලබා ගැනීමට ජනතාවට සිදුවීම
2.    ජාතිකව හා ජාත්‍යන්තරව හෙද සේවාවට පවතින වෘත්තීමය තත්ත්වය හෑල්ලූවට ලක් වීම
3.    හෙද අධ්‍යාපනය විද්‍යා විෂය මත පදනම් වුවක් බැවින් කලා හා වාණිජ අංශවලින් බැඳෙන ළමුන්හට හෙද පුහුණු විෂය නිර්දේශයේ විශයයන් ග‍්‍රහණය කරගත නොහැකිවීම යන බරපතල ගැට`ඵ වලට හෙද සේවාවට මුහුණු දීමට සිදුවනු ඇත.

    අප දිගින් දිගටම ලිඛිතව හා වාචිකව මේ පිළිබඳව විරෝධය පලකර තිබීයදීත් මෙම තීරණය ක‍්‍රියාත්මක කිරීමට අදාල සම්මුඛ පරීක්ෂණ 2011.07.17 දින යාපනය, 24 දින මඩකලපුව හා 25 දින අම්පාර දී ද පවත්වා ඇත.

     මෙම තීරණය අවලංගු කිරීමට බල කෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාරයේ පළමු පියවර ලෙස මඩකලපුව හා කල්මුනේ අෂ්රෆ් රෝහල් ඉදිරිපිට දී අගෝස්තු 03 දින අප සංගමය විසින් ක‍්‍රියාත්මක කරන ලදි. එසේම මේ පිළිබඳව සෞඛ්‍ය ලේකම් සමග අගෝස්තු 03 බදාදා සාකච්ඡුාවක් පවත්වන ලද අතර, එහිදි අවසාන විසදුමක් ලබාදීමට අපොහොසත් විය. එනිසා අගෝස්තු 10 දින ත‍්‍රි‍්‍රකුණාමල රෝහල ඉදිරිපිට දී ද උද්ඝෝෂණ ව්‍යාපාරයක් අප සංගමය විසින් ක‍්‍රියාත්මක කරන ලදි.

    ගැටඵවට විසදුම් ලබාදීමට මෙතෙක් අපොහොසත් නිසා මීළඟ පියවර ලෙස  සේවාවේ අනාගත අභිවෘද්ධියට බලපෑමක් ඇති කරන සේවා තත්ත්වය පහත වැටීමට හෙතුවන මෙම තීරණයට එරෙහිව බලපෑමක් සිදු කිරීම සඳහා හෙද නිළධාරීන් 2011.09.14 දින මධ්‍යාහ්න 12.00 සිට ප.ව. 1.00 දක්වා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

    මෙම උද්ඝෝෂණය ආවරණය කිරීම සඳහා ජනමාධ්‍ය නිළධාරීන් යොදවන ලෙස කාරුණිකව ඉල්ලමි. 

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය
                   

Application Form Tamil

Friday, August 26, 2011

ජාතික රෝහලේ ඖෂධ 2 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි



ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ රෝගීන් සඳහා ලබාදුන් ප‍්‍රතිජීවක නික්ෂේපණ ඖෂධ වර්ග 2 ක් එම ඖෂධ වර්ග ලබාදුන් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත.

ශ‍්‍රි ලංකා ජාතික රෝහලේ වාට්ටු අංක 72 වෛද්‍යවරුන් විසින් කරන ලද පැමිණිලි නිසා මෙසේ ජාතික රෝහලේ ප‍්‍රධාන ඖෂධවේදී විසින් භාවිතයෙන් ඉවත් කර ඇත්තේ, 

1. Cefuroxime 750 mg (zinazef)

නිශ්පාදන සමාගම - Makcuro

ඉවත් කල කාණ්ඩ අංක  – Ep 735 
2.  Amoxacyllin clavunic acid 1.29 (argmentin)

                නිශ්පාදන සමාගම - Ranbaxy laboratories LTD                ඉවත් කල කාණ්ඩ අංක -  2263444
                
2278449 යන කාණ්ඩ අංක වලට අයත් ප‍්‍රතිජීවක ඖෂධ වේ.
මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීම හා රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම තුළ මෙම ඖෂධ වල ප‍්‍රමිතිය හා තත්ත්වය පිළිබඳව බරපතල සැකයක් ඇතිවන අතර, එය විධිමත් විමර්ෂනයක් තුලින් සොයාගත යුතුය.

එසේම දිගින් දිගටම ඖෂධ ගෙන්වීම හා බෙදාහැරීමට අදාලව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ දුෂණ හා වංචා සිදුවෙමින් පවතින තත්ත්වය තුළ මෙම කාරණය ද තවත් දුෂණයක් විය හැකි බැවින් මේ පිලිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාහට අවධාරණය කරන්නෙමු.                
 
සමන් රත්නප‍්‍රිය