Wednesday, October 28, 2015

2016 අයවැය තුළින් රාජ්‍ය සේවකයන්ට පොරොන්දු වූ වැටුප් වැඩිවීම් ඇතුළු ජීවත්වීමට සරිලන සහන ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති යෝජනා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර මහතා සමඟ කළ සාකච්ඡාව


Monday, October 26, 2015

PBS සියළු සිසුන්ට පුහුණුව නොවැම්බර් මස සිට, විභාගය එකම දිනයක

2015 මැයි මස ඇරඹි PBS පුහුණුවේ සූතිකා හා මානසික හෙද පුහුණුව හදාරන සිසුන්ට එම පුහුණුව අවසන් වීමෙන් පසු කළමනාකරණ හා අධීක්ෂණ පුහුණුව 2015 නොවැ. මස දී ආරම්භ කිරීම‍ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමඟ සංගමයේ නිළධාරින් කළ සාකච්ඡාවේ දී  තීරණය විය.

ඒ අනුව
1. කාසල් විදියේ කාන්තා රෝහල් දේශන ශාලාව, ආර්ථික  සංවර්ධන අමාත්‍යංශයේ දේශන ශාලාව හා පශ්චාත් ප්‍රාථමික        හෙද විදුහලේ දේශන ශාලාවන්හි පුහුණුව පැවැත්වේ.

2.   රෝහල් සේවා කළමනාකරණ පුහුණුව සම්පූර්ණයෙන් අවසන්      වූ පසු සියළුම දෙනාට එකවර විභාගය පැවැත්වේ.

3. දැනට රෝහල් සේවා කළමනාකරණ පුහුණුව හදාරන  කණ්ඩායමට දෙසතියක පුනරීක්ෂණ පාඨමාලාවක් විභාගය      ආසන්නයේ දී පැවැත්වේ.


Tuesday, October 13, 2015

රජයේ හෙද නිළධාරින්ගේ සංගමයට අනුබද්ධ රජයේ හෙද ආචාර්ය සංගමයේ 2 වන නිළධාරි මණ්ඩල රැස්වීම 2015.10.12 දින සංගම් කාර්යාලයේ දී පැවැත්වූ අවස්ථාව


හෙද ආචාර්ය සංගමය පිහිටුවයි.

දීර්ඝ කාලයක සිට හෙද අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල ගැටළු නිරාකරණය කර ගැනීමට සහ හෙද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම සඳහා රජයේ හෙද නිළධාරි සංගමය යටතේ රජයේ හෙද ආචාර්ය සංගමය නමින් සංවිධානයක් 2015.09.28 දින රජයේ හෙද නිළධාරින්ගේ සංගම් මූලස්ථානයේ දී ආරම්භ කරන ලදි.

Thursday, October 1, 2015

Grade 3 EB Exam Result Released

Result released on 30th See. www.health.gov.lk
Staff Access , Exam and results


Best wishes for got through

Saman Rathnapriya - President
N. H. Hettiarachchi - Secretary