Sunday, January 29, 2012

විරෝධතා උද්ඝෝෂණය

හෙද සේවය       -     දිනෙන් දිනම
පිටුපස්සට          -     ඇදල දාන
ප‍්‍රතිගාමී              -     හොර සැලසුම්
උපන් ගෙයිම     -     වලදාන්න

හෙද සේවෙට     -    හිමි නිසි තැන
ටික ටික හරි       -    ලබා ගන්න
වාද භේද            -    අමතක කර
අපි හැමෝම      -    පෙරට ආවෙ

අප වනසන       -    අප රවටන
උත්සාහය          -    පරද්දලා
හෙද සේවය       -    දිනවන්නයි
එකා වගේ         -    පෙරට ආවෙ

නිල ඇඳුමේ     -    ඉන්වෙන්ටි‍්‍රයේ
ශල්‍ය ගාරෙ      -    හා අනතුරෙ
දීමනාව           -    අද කාලෙට
ගැලපෙන ලෙස    -    ලබා දියව්

අ`ඵත් මිනිට්     -    එක ඇවිදින්
වසර ගණන්     -    ගත වුණාට
උසස් වීම්          -    දෙනව තියා
ලකුණක්වත්     -    පේන්න නෑ

මෙච්චර කල්     -    ප‍්‍රමාද වුන
ටූ එ් වල          -    උසස් වීම්
පරණ මිනිට්      -     එකට අනුව
වසර පහෙන්     -     ලබා දියව්

ගිය වසරේ           -     නොපවත්වපු
ට‍්‍රාන්සර් බෝඞ්     -     මීටින් එක
පමා නොකර        -     පවත්වලා 
සුදුසු අයට            -     මාරු  දියව්

අධි සේවක       -     එක ශ්‍රේණියේ
වැටුප් තලය      -     උපය ගත්තු
සිය`ඵ දෙනා     -     නියමිත තැන
පරණ මිනිට්      -     අනුව තබව්

පී. එස්. එම්       -     එකේ අයට
නිකුත් කරපු     -     ආකාරෙට
මාණ්ඩලික       -     චක‍්‍රලේඛෙ
හෙද සේවෙට    -     නිකුත් කරව්

වසර ෙදාලහෙ     -     එක ශ්‍රේණිය
පෙරදාතම              -     අසු අටට
සිදු කරලා              -     හිඟ වැටුපත්
හෙද සේවෙට        -     ලබා දියව්

සරසවියෙන්     -     හෙද උපාධි
ලබා ගත්තු        -     සියඵ දෙනා
රජයේ හෙද      -     සේවාවට
පමා නොකර     -     බඳව ගනිව්

දැන් සේවයේ     -    ඉන්න අයගේ
 

උපාධියට        -    ගැලපෙන ලෙස
සේවාවට        -     සරිලන ලෙස
වර්ධකයන්     -     ලබා දියව්

හෙද සේවෙට         -     ලබා නොදි
වෙන අයහට          -     ලබා දුන්න
දුර ඇමතුම්             -     දීමනාව
ගැලපෙන ලෙස     -     ලබා දියව්

වාර්තාව          -     එළි දක්වපු
දවස් පහේ       -     සතිය දියව්
අපෙ සේවා     -     මුරය අනුව
අතිකාලය       -      ලබා දියව්

මිනිට් එකෙන්     -     අයින් කරපු
අපි පෙන්නපු      -     හොඳ දේවල්
ඇතුල් කරල       -     සංශෝධිත
මිනිට් එකක්        -     වහා හදව්

තුට්ටු දෙකේ     -     බේසික් එක
ඉක්මවන්න      -     මැරෙන තරම්
ලැජ්ජ නැතිව     -     එ සොච්චම
කපනා එක       -     නතර කරව්

නව පත්වීම්      -     උසස් වීම්
කුසලතාවෙ     -     පදනම මත
ලබා දෙන්න     -     එකඟ වෙච්ච
චක‍්‍රලේඛෙ      -     නිකුත් කරව්

පැය තිස්හයෙ        -     චක‍්‍රලේඛෙ
තියෙන ලෙසම     -     තිබිච්චාවේ
එ්කට බොරු      -     ලෙඩ දාන්න
ඇවිත් එපා           -     මට්ටු වෙන්න

පි‍්‍රින්සිපල්ට     -     ඩිරෙක්ටර්ට
සූපර් ගේ‍්‍රඞ්     -     එකේ අයට
තීරු බද්ද        -     අයින් කරපු
බලපත‍්‍රය         -     ලබා දියව්

සේවාවට            -     සෙත සදන්න
ජනතාවට           -     සුව ගෙනෙන්න
ෂෝටෙජ් එක     -     නැති කරන්න
සියේට තිහක්      -     පිරිමි ගන්න

හෙද සේවය     -     බිම දාන්න
දියත් කරන     -     කුමන්ත‍්‍රණේ
ආට් වලින්       -     බඳව ගන්න
නතර කරව්     -     කුමන්ත‍්‍රණේ

කථා බහට         -     සූදානම්
සංවාදෙට          -     සූදානම්
අපෙ ඉල්ලම්     -     නොදුන්නොතින්
අපි සටනට        -     සූදානම්

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය

No comments:

Post a Comment