Tuesday, December 20, 2011

Curcular

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික පරිපාලනය පිළිබඳව ආණ්ඩුකාරවරයාගෙන් විධිමත් විමර්ෂණයක් ඉල්ලීම

    බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සිය පරිපාලන බලය අත්තනෝමතික ලෙස යොදවමින් හා පරිපාලන නීතිරීති වලට පිටින් ක‍්‍රියාකිරීම නිසා පළාත් සභා හෙද කාර්ය මණ්ඩලය බලවත් අසාධාරණයකට ලක්කර ඇත.
    මෙම අසාධාරණ හා පරිපාලන විරෝධී ක‍්‍රියාදාමයට සාධාරණ විසඳුමක් නොලැබීම නිසා පළාත් සභා සෞඛ්‍ය පරිපාලනය කෙරෙහි බලවත් අප‍්‍රසාදයක් ද කාර්ය මණ්ඩලය වෙතින් එල්ල වෙමින් තිබේ.
    පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් සිදුකර ඇති පහත සඳහන් පරිපාලන විරෝධි අත්තනෝමතික ක‍්‍රියාවන් පිළිබඳව සාධාරණ විධිමත් විමර්ෂණයක් පවත්වන මෙන් 2011.09.27 දින බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අප ඉල්ලා සිටියද, මේ දක්වා එවැනි පරීක්ෂණයක් පවත්වා නොමැත.

පරිපාලන විරෝධී ක‍්‍රියාවන්
1.    ජාත්‍යන්තර කම්කරු ප‍්‍රඥප්ති අංක 87 හා 98 ද 1935 වෘත්තීය සමිති ආඥ පනත ද උල්ලංඝණය කරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට සම්බන්ධ වු හෙද නිළධාරීන් ස්ථාන මාරු කිරීම
2.    2009.11.11 දින විනය පරීක්ෂණයක් පසුව පවත්වනවා යැයි කියමින් මීගමුව රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියක දිවුලපිටිය රෝහලට මාරු කිරීම හා මේ දක්වා විනය පරීක්ෂණයක් නොපැවැත්වීම
3.    2010.11.02 පළාත් සෞඛ්‍ය ඇමතිවරයා විසින් සේවක උපදේශක සභා පළාත් සභාව තුළ ස්ථාපිත කිරීමට ගත් තීරණය හිතාමතා ක‍්‍රියාත්මක නොකිරීම
4.    ගම්පහ රෝහලේ ෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියකට මීගමුව රෝහලට ලැබුණු විශේෂ ශ්‍රේණියේ උසස් වීම අවලංගු කර, හොරණ රෝහලට බලහත්කාරයෙන් මාරු කිරීම
5.    ආයතන සංග‍්‍රහය අනුව වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල පළාත් සභාව තුළ නොපැවැත්වීම
6.    20011.02.18 දින පශ්චාත් ප‍්‍රාථමික හෙද පුහුණුව හැදැරීමෙන් පසු පත්වීම් ලැබිය යුතුව තිබු හෙද සොහොයුරියන් 79 දෙනෙකුහට පළාත් අධ්‍යක්ෂකගේ අකාර්යක්ෂමතාවය නිසා උසස් වීම් මාස 6 කට ප‍්‍රමාද වීම
7.    එම නිළධාරීන් 79 දෙනාට උසස් වීම් දීමේ දී අනුගමනය කළයුතු ලකුණු ප‍්‍රමුඛතා ක‍්‍රමය :ඵැරසඑ කසිඑ* නොසලකා පලාත් අධ්‍යක්ෂකගේ හිතවතුන්හට පහසු සේවා ස්ථාන ලබා දීම
8.    2010.08.08 දින කොරියානු ශිෂ්‍යත්ව සඳහා අවිස්සාවේල්ල රෝහලින් සුදුසුකම් නොමැති හෙද නිලධාරීන් තෝරා යැවීම
9.    මීගමුව මූලික රෝහලේ විශේෂ ශ්‍රේණියට උසස්වීමක් නොලැබු ෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියකට නිල් පැහැති උසස් වීමට අදාල නිල ඇඳුම ඇඳ රාජකාරී කරන ලෙස වැරදි උපදෙස් ලබාදීම

මෙසේ දිගින් දිගටම පරිපාලන බලය අයුතු ලෙස යොදවමින්, අත්තනෝමතික ලෙස පරිපාලන නීති උල්ලංඝණය කරන පළාත් අධ්‍යක්ෂකවරයා පිළිබඳව විධිමත් විමර්ෂණයක් පවත්වන මෙන් ආණ්ඩුකාරවරයාගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

Curculars