Tuesday, January 17, 2012

සේවා ගැටඵ වලට විසදුම් නොලැබිම නිසා වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට ප‍්‍රවිශ්ඨ වීමට සිදුවන බව දැනුම් දීම

පහත සදහන් සේවා ගැටඵ පිළිබදව වසර 2 ක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡ කලද කිසිදු ගැටඵවක් සදඟා නිශ්චිත විසදුම් මේ දක්වා ලබා නොදිම තුළ බරපතල අසාධාරණයක් හෙද සේවාවට සිදුවී ඇත. සාකච්ඡුා වලදි එකග වු කරුණු පවා ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා කටයුතු නොකිරීම ද ගැටඵ උත්සන්න කිරීමට හේතු වී ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පහත සදහන් සේවා ගැටඵ වලට කඩිනමින් විස`දුම් ලබා දෙන ලෙස කාරුණිව ඉල්ලමු.

1.    පැරණි ව්‍යවස්ථාවට අදාලව IIa  ශ්‍රේණියේ උසස් වීම් වසර 5 සම්පූර්ණ වු හෙද නිළධාරීන්හට ලබා නොදීම
2.    ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම
3.    අධිසේවක පදනම මත I ශ්‍රේණියේ උසස් වීම් පැරණි ව්‍යවස්ථාවට අනුව වැටුප් තලය රු.21640 සම්පූර්ණ කල හෙද නිළධාරීන්හට ලබා නොදීම
4.    පරිපූරක සේවාවට නිකුත් කල අකාරයට හෙද සේවාවේ මාණ්ඩලික ශ්‍රේණි නිශ්චය කල චක‍්‍රලේඛය නිකුත් නොකිරීම
5.    වසර 12 න් ලබාදුන් I ශ්‍රේණිය - 1988.01.01. දක්වා පෙරදාතම නොකිරීම හා හිග වැටුප් ලබා නොදීම
6.    නිල ඇදුම් දීමනාව 2012 ට යථාවත් කර රු.15,000/- ලෙස ලබා දීමට අදාල ක‍්‍රියාමාර්ග නොගැනීම
7.    හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බදවා නොගැනීම
8.    වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම
9.    උපයන විට අයකරන බදු වෛද්‍ය සේවාවෙන් අය නොකර හෙද නිළධාරීන්ගෙන් පමණක් අය කිරීම
10.    දින 05 සතිය හෙද නිළධාරීන්හට ක‍්‍රියාත්මක නොකිරීම
11.    හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම
12.    හෙද ව්‍යවස්ථාවට අප සංගමය ඉදිරිපත් කල සංශෝධන ක‍්‍රියාත්මක නොකිරීම
13.    මූලික වැටුප ඉක්මවා කරන අතිකාල හා වෙනත් සේවා දීමනා කප්පාදු කිරීම
14.    අනතුරු දීමනාව, ශල්‍යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්‍ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම
15.    නව පත්වීම්, හා උසස් වීම් කුසලතා පදනම මත ලබා දීමට ගෙන ඇති නිල ප‍්‍රතිපත්තිමය තීරණයට අදාලව චක‍්‍රලේඛයක් නිකුත් නොකිරීම
16.    සෞඛ්‍ය ලේකම් 2012.01.02 දින නිකුත් කල චක‍්‍රලේඛ ලිපි අංක 02/19/2009(01) තාවකාලිකව අවලංගු කර 01(11/162008) ලිපිය නිකුත් කිරීමේ දී පොදුවේ ක‍්‍රියාකල යුතු තත්ත්වයන් උල්ලංඝණය කිරීම
17.    පිරිමි හෙද නිළධාරීන්ගේ නිල ඇදුමට අදාලව නිකුත් කිරීමට එකග වු චක‍්‍රලේඛය නිකුත් නොකිරීම
18.    1 පියවර ලෙස හෙද විදුහල්පතිවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් හා හෙද අධ්‍යක්ෂවරුන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබා නොදීම
උක්ත සේවා ගැටඵ වලට දිය හැකි විසදුම් ලබාදීම දින 14 ක් තුළ ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට සිදුවන බව දන්වා සිටින අතර, ගැටඵ විසදීමට කඩිනමින් සාකච්ඡ කරන්නේ නම් ඒ සදහා අප සංගමය සූදානම්ව සිටින බවද කාරුණිකව දැනුම් දෙන්නෙමු. කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන්නෙමු.

ස්තූතියි.
මෙයට විශ්වාසී,
                       
සමන් රත්නප‍්‍රිය                          
සභාපති                                  

No comments:

Post a Comment