Tuesday, January 17, 2012

ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ග සැලසුම් කිරීම පියවර 1 - උද්ඝෝෂණය ජනවාරී 31 - රෝහල් ඉදිරිපිට දී

සේවාව මුහුණ පාන වර්තමාන අභියෝග වෙනුවෙන් පසුගිය වසරේ ප‍්‍රබල වෘත්තීය ක‍්‍රියාමාර්ග කිහිපයක් සංගමය ගනු ලැබු අතර, ඇතිවු යම් මර්දනකාරී තත්ත්වයන්ට සාර්ථකව මුහුණු දීම සඳහා උපක‍්‍රමයක් ලෙස කෙටි නිහැඩියාවක් අනුගමනය කරන්නට සිදුවිය.

කෙසේ නමුත් මේ වන විට දිගින් දිගටම සිදුවන අසාධාරණයන් හේතුවෙන් සේවාව මුහුණ දී ඇති බරපතල අනතුරුදායක තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට ක‍්‍රියාමාර්ග ගැනීමේ බරපතල වගකීමක් මේ වන විට සංගමය වෙත පැවරී ඇත.

ඒ අනුව 2012.01.17 දින රැස්වු සංගමයේ විධායක සභාව මෙයට අමුණා ඇති ලිපියේ සදහන් ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග වශයෙන් පහත සදහන් වෘත්තීය ක‍්‍රියාමාර්ග සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇත. ඒ අනුව පහත සදහන් උපදෙස් අනුගමනය කරමින් මෙම ක5ියාමාර්ග සාර්ථක කර ගැනීමට උපරිමව දායක වන මෙන් කාරුණිකව ඉල්ලමු.

1.    මේ සමග ඇති ඉල්ලීම් ඉදිරිපත් කල ලිපියේ පිටපත ඔබ ආයතනයේ දැන්වීම් පුවරුවල ප‍්‍රදර්ශනය කොටඒ පිළිබද සියඵ හෙද නිළධාරීන් දැනුවත් කරන්න
2.    ඔබගේ ශාඛාවේ රැස්වීමක් කඩිනමින් ජනවාරී 25 ට පෙර කැදවා ක‍්‍රියාමාර්ග සැලසුම් කිරීම පිලිබද සාකච්චා කරන්න
3.   මුල් විරෝධතාව ලෙස 2012.01.31 දහවල් 12 ට ඔබගේ රෝහල ඉදිරිපිට කෑම පැයේ උද්ඝෝෂණයක් සංවිධානය කරන්න
4.    ඊට පසු ක‍්‍රියාමාර්ග සාකච්ඡ කිරීම සදහා 2012.02.02 දින පෙ. ව. 9.00 ට කොළඹ දී නියෝජිත සමුඵවක් සංවිධානය කොට ඇත. ඒ සදහා සහභාගී විය යුතු බව අවධාරණය කරමු.
x    ශික්ෂණ සහ මහ රෝහලකින් නියෝජිතයන් 05 දෙනෙක් ද
x    මූලික රෝහලකින් නියෝජිතයන් 03 දෙනෙක් ද
x    දිසා රෝහල් හා අනෙකුත් රෝහල් වලින් නියෝජිතයන් 02 දෙනෙක් ද සහභාගී කිරීමට අවධානය යොමු කරන්න
5.    මීළග ක‍්‍රියාමාර්ගය ලෙස 2012.02.09 දින දහවල් 12 ට නැවත ඔබගේ රෝහල ඉදිරිපිට කෑම පැයේ උද්ඝෝෂණයක් සංවිධානය කරන්න
6.    2012.02.15 දින කොළඹ, අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණය සාර්ථක කර ගැනීම සදහා අදාල සාමාජිකයන් සහභාගී කරගැනීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

මෙම කටයුත්ත අත්‍යාවශය හදිසි කටයුත්තක් ලෙස සලකා ඉතා උද්යෝගයෙන් යුතුව ක‍්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට දායකත්වය දක්වන මෙන් ඉල්ලමු. මේ සදහා සහභාගී වන සියඵ හෙද නිළධාරීන්ගේ ආරක්ෂාව සහ වගකීම සංගමය විසින් දරණ බව සියඵ හෙද නිළධාරීන් දැනුවත් කරන මෙන් ඉල්ලමු.

ස්තූතියි                                                                                    
සමන් රත්නප‍්‍රිය                       
     

No comments:

Post a Comment