Monday, August 31, 2015

ජාතික රෝහලේ මඩ පත්‍රිකාවලට - ජාතික රෝහලෙන් පිළිතුරක්....

හෙද සේවාවේ අපේක්‍ෂාව
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ බලය තම අභිමතය පරිදි යොදා ගනිමින් තමන් කැමති ආකාරයට හෙද සේවාව පාලනය කිරීම 2015.01.08 දිනෙන් පසුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට නැතිව ගියා. මෙය ඔවුන්ට දරාගත නොහැකි පරාජයක්, එක්සත් හෙද සංගම් නායකත්වයට වගේම එහි රෝහල් හා ආයතන මට්ටමේ ක්‍රියාකාරින්ටත් එය එකසේම බලපෑවා. ඒ වගේම තමන්ට නැති බලයක් සමන් රත්නප්‍රිය මහතාගේ මැදිහත්වීම තුළ හෙද සේවවාට ලැබීම නිසා ඔවුන් අසරණභාවයට පත්වුනා.
          වැටුණු වලෙන් ගොඩ ඒමට ඔවුන්ට තිබූ එකම බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පත්වේ දැයි සිතූ සිහිනය පමණයි. ඒ නිසා නාරාහේන්පිට අභයාරාමය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලය හා නවාතැන බවට පත්වුනා. නමුත් ඒ නිසාම එක්සත් හෙද සංගමය පිළිබඳ අන්ධ විශ්වාසයෙන් සිටි හෙද-හෙදියන්ටත් සත්‍යය අවබෝධ වුනා. මහින්ද රාජපක්ෂ මහතා සමග මෙතරම් සමීප සබඳතාවයක් තිබියදීත් ඔහු ජනාධිපතිවරයා වශයෙන් සිටිය දී හෙද සේවාවට යමක් ලබා නොගත්තේ ඇයිද යන්නත්, එම කාලය තුළ හෙද සේවාව මෙතරම් පහතට ඇද වැටුනේ ඇයිද යන්නත් හෙද-හෙදියන් කල්පනා කළා. ඒ නිසා ඔවුනුත් එක්සත් හෙද සංගමයෙන් ඈත්වුනා.
          මේ තත්ත්වය තුළ සමන් රත්නප්‍රිය මහතාට පහර දෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඔවුන්ට නැහැ. ජාතික රෝහලේ හෙද හෙදියන් ලෙස සඳහන් කරමින් ඔවුන් නිර්නාමික මඩ පත්‍රිකා නිකුත් කරන්නේ ඒ නිසයි. ඇත්තටම ඔවුන් කරන චෝදනා කිසිම පදනමක් නැති දේවල්. අඩුම වශයෙන් ඒවාගේ කිසිම තාර්කික බවක්වක් නැහැ. තමන් ප්‍රදර්ශනය කළ බලය, භුක්ති විඳි සැප සම්පත්, පරිහරණය කළ යාන-වාහන ඇතුළු අනෙකුත් දේවල් අහිමිවීම පිළිබඳ ශෝකාලාපයක් පමණයි පත්‍රිකාවල තියෙන්නේ. නමුත් සමන් රත්නප්‍රිය මහතාට ඔවුන් කියන ආකාරයේ සුපිරි වාහන, යාන වාහන හා වෙනත් කිසිවක් නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් වීමෙන් පසු පිරි නැමූ සියළු තනතුරු ඔහු ප්‍රතික්ෂේප කළා. සංගමය අයත් පුංචි වාහනය නිල ගමන් බිමන්වලට පාවිච්චි කරනව.
          මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් සමන් රත්නප්‍රිය මහතාගේ වැටුප වසර 4 ක් තිස්සේ අත් හිටුවා තිබුණා. සංගමයෙන් ලැබුණු සොච්චම් දීමනාව පමණයි ඔහුට ලැබුනේ. ලෝක කම්කරු සංවිධානය නඩු තීන්දුව හා පාර්ලිමේන්තුව ඇතුළු ලංකාවේ නීතිමය ආයතන කළ ඉල්ලීම්වලට හෝ ඔවුන් කන්දුන්නේ නෑ. විෂය භාර අමාත්‍යවරයා විසින් ඔහුගේ වැටුප ලබාදීම සඳහා සියළු නීත්‍යානුකූල කටයුතු සම්පාදනය කර තිබියදීත් වැටුප් ගෙව්වේ නැහැ. වැටුප් ලබා ගැනීමට හැකි වූයේ මෛත්‍රීපාල මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවයි. නීත්‍යානුකූල වැරදිකරුවන් බවට පත්වූ එක්සත් හෙද සංගමයේ ගැත්තන්ට උසස්වීම්, වරප්‍රසාද හා තනතුරු ප්‍රදානය කරද්දී කිසිදු නීත්‍යානුකූල වරදක් නොකළ එහෙත් වෘත්තීය සමිති කටයුතුවල යෙදෙමින් රාපක්ෂ ආණ්ඩුවට ගැති නොවීමේ වරදට සමන් රත්නප්‍රිය මහතාට දඬුවම් ලැබුනේ එහෙමයි.   
          නමුත් දැන් සියල්ල නිමාවට පත් වී තිබෙනවා. එක්සත් හෙද සංගමයේ බත් බැලයින් හට මෙය ඉවසීමට නොහැකි නිසා ඔවුන් මඩ ප්‍රහාර දියත් කරනවා. නමුත් සමස්ථ හෙද සේවාවට හිමි නියම ස්ථානය ලබා දීමටත් වැටුප්, අතිකාල හා අනෙකුත් දීමනා ඉහළ නැංවීමටත් සමාජය පිළිගන්නා ගෞරවනීය හෙද සේවාවක් නිර්මාණය කිරීමටත් ඔහු කටයුතු කරන බව අපට හොඳටම විශ්වාසයි.

ජාතික රෝහල් ශාඛාව - රජයේ හෙද නිළධාරින්ගේ සංගමය



ප්‍රගීත් ඝාතනය කළ හමුදා නිලධාරීන් කව්රු වුවත් හෙලිදරව් කරනු: වසා දැම්මොත් පාරට බැස අරගල කරනවා‘ -සමන් රත්නප්‍රිය සමග පුරවැසි-මාධ්‍ය-වෘත්තීය සංවිධාන රැසක් එක හෙළා කියති

Friday, August 21, 2015

ස්ථාන මාරු භාර ගැනීමේ අවසන් දිනය කල් යයි

අගෝස්තු 15 දිනට තිබූ ස්ථාන මාරු භාර ගැනිමේ අවසන් දිනය සංගමයේ ඉල්ලීම මත අගෝස්තු 28 දින දක්වා කල් දමා ඇත.

අයදුම්පත් දැමීමට නොහැකි වූ අය  සිටී නම් අයදුම්පත් යොමු කරන්න.



සභාපති

සමන් රත්නප්‍රිය

Thursday, August 20, 2015

පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය හා ජනතා අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති ව්‍යාපාරය කැඳවූ මාධ්‍ය සාකච්ඡාව,




Wednesday, August 19, 2015

ජන අභිලාෂයට හා සම්මුතියට ගරු කරමින් 
රට හරියට කරන්න

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ පූජ්‍ය මාදුළුවාවේ  සෝභිත හිමි, සමන් රත්නප්‍රිය, රීඩ් ෂෙල්ටන් පියතුමා, නීතීඥ ජේ.සී. වැලිඅමුන, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය අමල් කුමාරගේ හා මහාචාර්ය සරත් විජේසූරිය යන අය මාධ්‍ය ඇමතූ අවස්ථාව





 ප්‍රණාමය


යහපත් රටක් හදන්නට
අගෝස්තු 17 දින ඡන්දය ප්‍රකාශ කළ
සියලු සාමාජික- සාමාජිකාවන්ට

බෙහෙවින්ම ස්තුතියි.




 
සමන් රත්නප්‍රිය
කැඳවුම්කරු  

සාධාරණ සමාජයක්  සඳහා වූ වෘත්තීය සමිති ව්‍යාපාරය



Saturday, August 1, 2015

Nurses Annual Transfer 2015 - Circular Issued

See. www.health.gov.lk - Staff Access - Circulers - Transfer or contact us

Closing Date 15. 08. 2015