Tuesday, October 2, 2012







ඔක්තෝබර් 10 වැඩසටහන


මගේ අංක ඃ- ර.හෙ.ස. 01/2012                                           2012/09/18

පළාත් සංවිධාන සභාපති/ ලේකම්
ශාඛා සංවිධාන සභාපති/ ලේකම්,
ශාඛා සංවිධායක

හිතවත් සහෝදරය/සහෝදරිය,
දිනෙන් දින ප‍්‍රමාද වන සේවාවේ ඉල්ලීම් ලබාදීමට බලකරන උද්ඝෝෂන ව්‍යාපාරය
හෙද සේවාවේ ඉල්ලිම් ලබාදීමට බලකරමින් මෙම වසර අවසානයේ අප සංගමය මූලිකව සිදුකල උද්ඝෝෂණ ව්‍යාපාර හේතුවෙන් යම් ඉල්ලීම් ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය කකිරීමට හැකි විය. එසේම තවත් ඉල්ලීම් ප‍්‍රමාණයක් ලබාදීමට එක`ග වූවද ඒවා ලබාදීම දිනෙන් දින ප‍්‍රමාද වන තත්ත්වයක් දකින්නට ඇත. ඒ අනුව

1 දින 05 සතිය ලබාදීමට නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප‍්‍රමාද කිරීම
2 අතිකාල දීමනා ඉහළ දැමීම ප‍්‍රමාද කිරීම
3 හෙද ව්‍යවස්ථාව සංශෝධනය ආරම්භ නොකිරීම
4 අන්තර්කාලීන විධි විධාන අනුමැතිය ප‍්‍රමාද වීම
5 හෙද උපාධිධාරීන් සේවාවට බ`දවා ගැනීම ප‍්‍රමාද වීම
6 අනතුරු, භාණ්ඩ භාරකාරත්ව දීමනා ඉහළ නැංවීම
යන ඉල්ලීම් ඉටුකිරීම ප‍්‍රමාද කිරීමට විරෝධය පළ කිරීම සදහා 2012.10.10 දින සියඵ රෝහල් ඉදිරිපිට දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සැලසුම් කිරීමට සංගමය කටයුතු සූදානම් කර ඇත. ඒ සදහා,
1 ඔබ ශාඛාවේ, පළාත් සංවිධානයේ කඩිනම් රැුස්වීමක් කැදවීම
2 උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබද දැනුවත් කර උපරිම සහභාගීත්වයක් ඇතිවන පරිදි කටයුතු කිරීම
3 මේ පිළිබද කරුණු පැහැදිලි කරන පත‍්‍රිකාවක් කඩිනමින් ඔබවෙත ලබාදීමට කටයුතු කරන අතර,

එය රෝහල තුළ බෙදාහැරීමට අදාල සැලැස්මක් සකස් කර ගනිමින් සියඵ හෙද නිළධාරීන් සහභාගී කරවා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමි.

මෙම උද්ඝෝෂන ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට කැපවන මෙන් ඉල්ලා සිටින සිටින අතර, මේ සදහා සහභාගී වන සියඵ හෙද නිළධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංගමය කටයුතු කරන බව දන්වා සිටිමි.

ස්තූතියි.
මෙයට විශ්වාසි,
                                                                                                                                                               
සමන් රත්නප‍්‍රිය නාලක හෙට්ටිආරච්චි
සභාපති     ලේකම්