Tuesday, December 15, 2015



දෙසැම්බර් 16 ( අද ) රාත්‍රී 10.00 ට ජාතික රූපවාහිනි “225‘‘ වැඩසටහන සමග සමන් රත්නප්‍රිය ඔබ හමුවට.



දෙසැම්බර් 17 ( හෙට ) රාත්‍රී 9.30 ට ස්වාධීන රූපවාහිනි “ගිරය‘‘ වැඩසටහන සමග සමන් රත්නප්‍රිය ඔබ හමුවට.

Monday, December 14, 2015

දෙසැම්බර් 15 දින පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටු වීම හා අග්‍රාමාත්‍ය තුමා සමග පැවති සාකච්ඡාවෙන් ලද ජයග්‍රහණ පිළිබදව සභාපති සමන් රත්නප්‍රිය මහතා කල විශේෂ ප්‍රකාශය.








  වර්ජනය තාවකාලිකව අවලංගුයි

සමන් රත්නප්‍රිය
සභාපති

Friday, December 11, 2015

visit www.health.gov.lk , Click "Staff Access", find administrator and click, Then find exam and results to search Grade 2 EB exam result soon.

Congratulation for all nurses who got pass the exam.

Thank You

Saman Rathnapriya - President, GNOA

Nalaka Hettiarachchi - Secretary, GNOA

Tuesday, November 17, 2015

ස්ථාන මාරු මණ්ඩලයෙන් වසර 4 ට වැඩි සියලු හෙද නිළධාරින්ට ස්ථාන මාරුවීම්

 2015.11. 11 දින සහ 2015.11.17 දින පැවැත්වූ හෙද සේවා ස්ථාන මාරු මණ්ඩලයේ දී පහත සඳහන් තීරණ ගන්නා ලදී.

1.         වසර 4 සම්පූර්ණ කළ සියලු හෙද නිළධාරින්හට ස්ථාන මාරු දීමට (623 දෙනෙකුට පමණ)
           
            අංගොඩ, මහරගම, අයි.ඩී.එච්. හා වැලිසර රෝහල්වල වසර 02 සපිරූ හෙද නිළධාරින් හට ස්ථාන 
            මාරු ලබාදීමට.

2.         කුරුණෑගල, දන්තායනය, කඳාන, කෑගල්ල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල,  
            ගම්පොල, සබරගමු පළාත, අලුත්ගම යන ස්ථානවල පුරප්පාඩු නැති නිසා ස්ථාන  මාරු නොදීමට.

3.         බස්නාහිර පළාතේ ඇති පුරප්පාඩු 162 සඳහා 2013 හා 2014 ස්ථාන මාරු නියෝවලින් ජ්‍යෙෂ්ඨතා
           අනුපිළිවෙල අනුව මුදා හැරීමට.

4.         සබරගමුව පළාත තුළ පුරප්පාඩු නොමැති වුවද ඇඹිලිපිටිය රෝහලේ පවතින උග්‍ර හෙද හිඟය
            නිසා ඇඹිලිපිටිය රෝහලට ඉල්ලා ඇති හෙද නිළධාරින් හට පමණක් ස්ථාන මාරු ලබා දීමට.

5.         ජයවර්ධනපුර හා විජය කුමාරතුංග රෝහල්වල ජ්‍යෙෂ්ඨ හෙද නිළධාරින්ට ද ස්ථාන මාරු
           ලබාදීමට.

 සභාපති    -  සමන් රත්නප්‍රිය

Wednesday, November 4, 2015



HNDA සිසුන්ට පහරදීම හා මාධ්‍යව්‍ෙදීන්ට තර්ජනය කිරීමට එරෙහිව පැවති මාධ්‍ය සාකච්ඡාව






Wednesday, October 28, 2015

2016 අයවැය තුළින් රාජ්‍ය සේවකයන්ට පොරොන්දු වූ වැටුප් වැඩිවීම් ඇතුළු ජීවත්වීමට සරිලන සහන ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති යෝජනා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර මහතා සමඟ කළ සාකච්ඡාව


Monday, October 26, 2015

PBS සියළු සිසුන්ට පුහුණුව නොවැම්බර් මස සිට, විභාගය එකම දිනයක

2015 මැයි මස ඇරඹි PBS පුහුණුවේ සූතිකා හා මානසික හෙද පුහුණුව හදාරන සිසුන්ට එම පුහුණුව අවසන් වීමෙන් පසු කළමනාකරණ හා අධීක්ෂණ පුහුණුව 2015 නොවැ. මස දී ආරම්භ කිරීම‍ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමඟ සංගමයේ නිළධාරින් කළ සාකච්ඡාවේ දී  තීරණය විය.

ඒ අනුව
1. කාසල් විදියේ කාන්තා රෝහල් දේශන ශාලාව, ආර්ථික  සංවර්ධන අමාත්‍යංශයේ දේශන ශාලාව හා පශ්චාත් ප්‍රාථමික        හෙද විදුහලේ දේශන ශාලාවන්හි පුහුණුව පැවැත්වේ.

2.   රෝහල් සේවා කළමනාකරණ පුහුණුව සම්පූර්ණයෙන් අවසන්      වූ පසු සියළුම දෙනාට එකවර විභාගය පැවැත්වේ.

3. දැනට රෝහල් සේවා කළමනාකරණ පුහුණුව හදාරන  කණ්ඩායමට දෙසතියක පුනරීක්ෂණ පාඨමාලාවක් විභාගය      ආසන්නයේ දී පැවැත්වේ.


Tuesday, October 13, 2015

රජයේ හෙද නිළධාරින්ගේ සංගමයට අනුබද්ධ රජයේ හෙද ආචාර්ය සංගමයේ 2 වන නිළධාරි මණ්ඩල රැස්වීම 2015.10.12 දින සංගම් කාර්යාලයේ දී පැවැත්වූ අවස්ථාව


හෙද ආචාර්ය සංගමය පිහිටුවයි.

දීර්ඝ කාලයක සිට හෙද අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල ගැටළු නිරාකරණය කර ගැනීමට සහ හෙද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම සඳහා රජයේ හෙද නිළධාරි සංගමය යටතේ රජයේ හෙද ආචාර්ය සංගමය නමින් සංවිධානයක් 2015.09.28 දින රජයේ හෙද නිළධාරින්ගේ සංගම් මූලස්ථානයේ දී ආරම්භ කරන ලදි.

Thursday, October 1, 2015

Grade 3 EB Exam Result Released

Result released on 30th See. www.health.gov.lk
Staff Access , Exam and results


Best wishes for got through

Saman Rathnapriya - President
N. H. Hettiarachchi - Secretary

Monday, August 31, 2015

ජාතික රෝහලේ මඩ පත්‍රිකාවලට - ජාතික රෝහලෙන් පිළිතුරක්....

හෙද සේවාවේ අපේක්‍ෂාව
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ බලය තම අභිමතය පරිදි යොදා ගනිමින් තමන් කැමති ආකාරයට හෙද සේවාව පාලනය කිරීම 2015.01.08 දිනෙන් පසුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට නැතිව ගියා. මෙය ඔවුන්ට දරාගත නොහැකි පරාජයක්, එක්සත් හෙද සංගම් නායකත්වයට වගේම එහි රෝහල් හා ආයතන මට්ටමේ ක්‍රියාකාරින්ටත් එය එකසේම බලපෑවා. ඒ වගේම තමන්ට නැති බලයක් සමන් රත්නප්‍රිය මහතාගේ මැදිහත්වීම තුළ හෙද සේවවාට ලැබීම නිසා ඔවුන් අසරණභාවයට පත්වුනා.
          වැටුණු වලෙන් ගොඩ ඒමට ඔවුන්ට තිබූ එකම බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පත්වේ දැයි සිතූ සිහිනය පමණයි. ඒ නිසා නාරාහේන්පිට අභයාරාමය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලය හා නවාතැන බවට පත්වුනා. නමුත් ඒ නිසාම එක්සත් හෙද සංගමය පිළිබඳ අන්ධ විශ්වාසයෙන් සිටි හෙද-හෙදියන්ටත් සත්‍යය අවබෝධ වුනා. මහින්ද රාජපක්ෂ මහතා සමග මෙතරම් සමීප සබඳතාවයක් තිබියදීත් ඔහු ජනාධිපතිවරයා වශයෙන් සිටිය දී හෙද සේවාවට යමක් ලබා නොගත්තේ ඇයිද යන්නත්, එම කාලය තුළ හෙද සේවාව මෙතරම් පහතට ඇද වැටුනේ ඇයිද යන්නත් හෙද-හෙදියන් කල්පනා කළා. ඒ නිසා ඔවුනුත් එක්සත් හෙද සංගමයෙන් ඈත්වුනා.
          මේ තත්ත්වය තුළ සමන් රත්නප්‍රිය මහතාට පහර දෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඔවුන්ට නැහැ. ජාතික රෝහලේ හෙද හෙදියන් ලෙස සඳහන් කරමින් ඔවුන් නිර්නාමික මඩ පත්‍රිකා නිකුත් කරන්නේ ඒ නිසයි. ඇත්තටම ඔවුන් කරන චෝදනා කිසිම පදනමක් නැති දේවල්. අඩුම වශයෙන් ඒවාගේ කිසිම තාර්කික බවක්වක් නැහැ. තමන් ප්‍රදර්ශනය කළ බලය, භුක්ති විඳි සැප සම්පත්, පරිහරණය කළ යාන-වාහන ඇතුළු අනෙකුත් දේවල් අහිමිවීම පිළිබඳ ශෝකාලාපයක් පමණයි පත්‍රිකාවල තියෙන්නේ. නමුත් සමන් රත්නප්‍රිය මහතාට ඔවුන් කියන ආකාරයේ සුපිරි වාහන, යාන වාහන හා වෙනත් කිසිවක් නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් වීමෙන් පසු පිරි නැමූ සියළු තනතුරු ඔහු ප්‍රතික්ෂේප කළා. සංගමය අයත් පුංචි වාහනය නිල ගමන් බිමන්වලට පාවිච්චි කරනව.
          මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් සමන් රත්නප්‍රිය මහතාගේ වැටුප වසර 4 ක් තිස්සේ අත් හිටුවා තිබුණා. සංගමයෙන් ලැබුණු සොච්චම් දීමනාව පමණයි ඔහුට ලැබුනේ. ලෝක කම්කරු සංවිධානය නඩු තීන්දුව හා පාර්ලිමේන්තුව ඇතුළු ලංකාවේ නීතිමය ආයතන කළ ඉල්ලීම්වලට හෝ ඔවුන් කන්දුන්නේ නෑ. විෂය භාර අමාත්‍යවරයා විසින් ඔහුගේ වැටුප ලබාදීම සඳහා සියළු නීත්‍යානුකූල කටයුතු සම්පාදනය කර තිබියදීත් වැටුප් ගෙව්වේ නැහැ. වැටුප් ලබා ගැනීමට හැකි වූයේ මෛත්‍රීපාල මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවයි. නීත්‍යානුකූල වැරදිකරුවන් බවට පත්වූ එක්සත් හෙද සංගමයේ ගැත්තන්ට උසස්වීම්, වරප්‍රසාද හා තනතුරු ප්‍රදානය කරද්දී කිසිදු නීත්‍යානුකූල වරදක් නොකළ එහෙත් වෘත්තීය සමිති කටයුතුවල යෙදෙමින් රාපක්ෂ ආණ්ඩුවට ගැති නොවීමේ වරදට සමන් රත්නප්‍රිය මහතාට දඬුවම් ලැබුනේ එහෙමයි.   
          නමුත් දැන් සියල්ල නිමාවට පත් වී තිබෙනවා. එක්සත් හෙද සංගමයේ බත් බැලයින් හට මෙය ඉවසීමට නොහැකි නිසා ඔවුන් මඩ ප්‍රහාර දියත් කරනවා. නමුත් සමස්ථ හෙද සේවාවට හිමි නියම ස්ථානය ලබා දීමටත් වැටුප්, අතිකාල හා අනෙකුත් දීමනා ඉහළ නැංවීමටත් සමාජය පිළිගන්නා ගෞරවනීය හෙද සේවාවක් නිර්මාණය කිරීමටත් ඔහු කටයුතු කරන බව අපට හොඳටම විශ්වාසයි.

ජාතික රෝහල් ශාඛාව - රජයේ හෙද නිළධාරින්ගේ සංගමය



ප්‍රගීත් ඝාතනය කළ හමුදා නිලධාරීන් කව්රු වුවත් හෙලිදරව් කරනු: වසා දැම්මොත් පාරට බැස අරගල කරනවා‘ -සමන් රත්නප්‍රිය සමග පුරවැසි-මාධ්‍ය-වෘත්තීය සංවිධාන රැසක් එක හෙළා කියති

Friday, August 21, 2015

ස්ථාන මාරු භාර ගැනීමේ අවසන් දිනය කල් යයි

අගෝස්තු 15 දිනට තිබූ ස්ථාන මාරු භාර ගැනිමේ අවසන් දිනය සංගමයේ ඉල්ලීම මත අගෝස්තු 28 දින දක්වා කල් දමා ඇත.

අයදුම්පත් දැමීමට නොහැකි වූ අය  සිටී නම් අයදුම්පත් යොමු කරන්න.



සභාපති

සමන් රත්නප්‍රිය

Thursday, August 20, 2015

පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය හා ජනතා අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති ව්‍යාපාරය කැඳවූ මාධ්‍ය සාකච්ඡාව,




Wednesday, August 19, 2015

ජන අභිලාෂයට හා සම්මුතියට ගරු කරමින් 
රට හරියට කරන්න

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ පූජ්‍ය මාදුළුවාවේ  සෝභිත හිමි, සමන් රත්නප්‍රිය, රීඩ් ෂෙල්ටන් පියතුමා, නීතීඥ ජේ.සී. වැලිඅමුන, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය අමල් කුමාරගේ හා මහාචාර්ය සරත් විජේසූරිය යන අය මාධ්‍ය ඇමතූ අවස්ථාව





 ප්‍රණාමය


යහපත් රටක් හදන්නට
අගෝස්තු 17 දින ඡන්දය ප්‍රකාශ කළ
සියලු සාමාජික- සාමාජිකාවන්ට

බෙහෙවින්ම ස්තුතියි.




 
සමන් රත්නප්‍රිය
කැඳවුම්කරු  

සාධාරණ සමාජයක්  සඳහා වූ වෘත්තීය සමිති ව්‍යාපාරය



Saturday, August 1, 2015

Nurses Annual Transfer 2015 - Circular Issued

See. www.health.gov.lk - Staff Access - Circulers - Transfer or contact us

Closing Date 15. 08. 2015

Monday, July 27, 2015

හෙද නිළධාරින් හට රු. 15 ලක්ෂයක ණය මුදලක්

ලංකා බැංකුව මගින් මෙතෙක් හෙද නිළධාරින් හට ලබා දුන් රු. දස ලක්ෂයේ ණය මුදල රු. 15 ලක්ෂය දක්වා වැඩි කර ඇති බව සතුටින් දන්වා සිටිමු.


දිවයිනේ සියලුම ලංකා බැංකු ශාඛා මගින් අමතර වාරිකයක් රඳවා ගැනීමකින් තොරව ඉතා ඉක්මනින් මෙම ණය මුදල් ලබාදීමේ පහසුකම් දැන් ඔබ වෙනුවෙන් සපයා ඇත.

Monday, July 20, 2015

සුභසාධන

සුභ සාධක සංගමය පළමු නය මුදල හෙද නිලධාරීනියකට නිකුත් කරයි.

රජයේ හෙද  නිලධාරීන්ගේ සංගමයේ සුභ සාධක සමිතිය හරහා ප්‍රතිලාභ ලබා  දීම  ආරම්භ කරමින් පළමු ක්ෂණික නය මුදල  හෙද නිලධාරිනියකට නිකුත් කරන ලදී.

මෙහිදී ක්ෂණික නය මුදල  වන රු. 25000/- ක (විසිපන්දහසක මුදලක් ) කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණි G.L.වන්නිආරච්චි මෙනවිය වෙත  අද දින (ජුලි 07) කාර්යාලයේදී  සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහෝදරයා විසින් නිකුත් කරන ලදී. 


සුභසාධන



Saturday, July 18, 2015

Dear Executive Committee Members

Please aware on Executive Committee meeting

Date 21st July 2015

Time - 9. 30am

Venue - Punchi Borella GNOA Office

Please participate

Thank You

Nalaka - Secretary GNOA

Friday, July 10, 2015

       සේවාවේ ගැටළු විසදීමට කඩිනම් මැදිහත්වීම්

සංගමය හා සෞබ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ජනරාල් සමග 2015.07.10 දින සෞබ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේදී ඇති වූ එකගතා
0     
     1.    වසර 12 න් උසස්වීම් අයදුම් කළ නිලධාරීන්ගේ එම උසස්වීම් ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරි සතිය තුලදී කඩිනම්     වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට උපදෙස් දීම
     2   අධිකරණ තීරණය මත බදවා නොගත් සුදුසුකම් ඇති PBS තේරී පත් වූ පිරිස ඉදිරි සතිය තුලදී   
    බදවා ගැනීමේ ක්‍රියාවලිය ඇරඹීම.

0   3       පළමු අතිරේබ පරීක්ෂණය සමත් අයට නව පත්වීම් දීම සමග උතුරු නැගෙනහිර ස්ථාන මාරු
    තෝරාගත් රෝහල් සදහා ක්‍රියාත්මක කිරීම
      
4. හෙද නිලදාරීන්ගේ විදේශ ශිෂ්‍යත්ව ලබාදීම විධිමත් කිරීම


තවත් එකගතා ඉදිරි සතිවල දී ඇතිකර ගැනීමට නියමිතය.

සාකච්ඡා සදහා සහභාගි වු අය
          සමන් රත්නප්‍රිය - සභාපති
            නාලක හෙට්ටිආරච්චි - ලේකම්
            ජයන්ත විමලසිරි - ප්‍රචාරක ලේකම්
            අනුර ජයමාන්න - වි.ශේ.හෙද නිලදාරී