Thursday, May 16, 2013




රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය හෙද දිනය සමරයි


ෆ්ලොරන්ස් නයිටිංගේල් මෙනෙවියගේ ජන්ම දිනය වන මැයි 12 දිනට යෙදෙන ජාත්‍යන්තර හෙද දිනය සැමරම රජයේ හෙද නිළධාරීන්ගේ 12 දින කොළඹ දී සාර්ථකව සිදුකරන ලදි. නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය විශේෂාංග රැුසකින් වර්ණවත් විය
නයිටිංගේල් ප‍්‍රතිඳාව ඉදිරිපත් කිරීම
නයිටිංගේල් සමරු ගීතය
හෙද දින තරග ජයග‍්‍රාහකයන්ට පදක්කම් හා සහතික පිරිනැමීම
සත්කාර සගරාවේ 2013 දෙමළ කලාපය එළිදැක්වීම
නයිටිංගේල් ගී ප‍්‍රසංගය

ආදියෙන් උත්සවය අලංකාර විය. විශේෂ ආරාධිතයන් ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මැතිතුමා, ශ‍්‍රි ලංකා  නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා, ජනාධිපති නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතා සහ විවෘත විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය ප‍්‍රමුදිතා මාධවී මහත්මිය ද සහභාගී විය. හෙද දින සමරු දේශනය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය එස්. එස්. පී. වර්ණකුලසූරීය මහතා විසින් පවත්වන ලදි. උත්වයේ විශේෂ අදහස් ප‍්‍රකාශ කිරීම කල සභාපති සමන් රත්නප‍්‍රිය මහතා හෙද දිනය සැමරීම නූතන පරපූරේ වගකීමක් බවත්, එය සමරමින් හෙද සේවාවේ අයිතීන් දිනා ගැනීමට ධෙර්යය සම්පන්නව කටයුතු කල යුතු බවත් ප‍්‍රකාශ කලේය.



















May Day 2013