Tuesday, January 24, 2012

හෙද සේවාවට බඳවා ගැනිමේ අධ්‍යාපන සුදුසුකම් පහත දමා කණ්ඩායමක් බදවා ගැනීම පිළිබදව දැඩි විරෝධය පලකිරීම

    උතුරු නැගෙනහිර හෙද සේවාවට බඳවා ගැනීම සඳහා දැනට පවතින අධ්‍යාපන සුදුසුකම් අඩුකර අ.පො.ස. උසස් පෙළ කලා හා වාණිජ අංශවලින් නව කණ්ඩායමක් සෞඛ්‍ය බලධාරීන් විසින් ජනවාරී 23 දින බදවා ගෙන ඇත.
   
    2010.11.01 දින සිට ක‍්‍රියාත්මක හෙද ව්‍යවස්ථාවේ 7.2.4. වගන්තිය අනුව හෙද සේවාව සඳහා බඳවා ගැනීමේ දී අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා, ගණිත හා කෘෂි විද්‍යා ධාරාවන්ගෙන් ’ අගය මත පමණක් බඳවා ගත යුතු බව පැහැදිලිව දක්වා ඇත. 2010 ට පෙරද හෙද සේවාවට බඳවා ගනු ලැබුවේ අ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් වන අතර, මෙසේ අධ්‍යාපන සුදුසුකම් අඩුකර බඳවා ගැනීම කිසිසේත් අනුමත කල නොහැක.
    මෙලෙස  බඳවා ගැනීම නිසා,
1.    ජාතිකව හා ජාත්‍යන්තරව හෙද සේවාවට පවතින වෘත්තීමය තත්ත්වය හෑල්ලූවට ලක් වීම
2.    හෙද අධ්‍යාපනය විද්‍යා විෂය මත පදනම් වුවක් බැවින් කලා හා වාණිජ අංශවලින් බඳවා ගන්නා ළමුන්හට හෙද පුහුණු විෂය නිර්දේශයේ විශයයන් ග‍්‍රහණය කරගත නොහැකිවීම
යන බරපතල ගැට`ඵ වලට හෙද සේවාවට මුහුණු දීමට සිදුවනු ඇත.

    අප දිගින් දිගටම ලිඛිතව හා වාචිකව මේ පිළිබඳව විරෝධය පලකර තිබීයදීත් මෙම තීරණය ක‍්‍රියාත්මක කිරීම බරපතල ගැටඵවකි.

     මෙම තීරණය ක‍්‍රියාත්මක නොකරන ලෙස බලකරමින් උතුරු නැගෙනහිර රෝහල් ඉදිරිපිට අප සංගමය දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කල අතර, 2011.09.23 දින මානව හිමිකම් කොමිෂන් සභාවේද නඩුකරයක් ගොනු කොට ඇත.

    මෙම තීරණයට එරෙහිව සතියක් තුළ විසදුමක් ලබා නොදුනහොත් රටපුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිදුවන බව සෞඛ්‍ය බළධාරීන්හට අවධාරණය කරන්නෙමු.


ස්තූතියි.                         
සමන් රත්නප‍්‍රිය
                      

No comments:

Post a Comment