Wednesday, November 30, 2011

අයවැය වැටුප් වැඩි කිරීම ප්‍රෝඩාවක් රාජ්‍ය හා පෞද්ගලික සේවක වැටුප් වැඩි කරනු !

2011 නොවැම්බර් 21 දින වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2012 අයවැය යෝජනා හරහා රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් අපේක්ෂා කල ඉල්ලම් කිසිවක් ලැබී නොමැති බව පැහැදිලිය.

2012 අයවැයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි නොකිරීමට අදාලව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබ`දව අදහස් දක්වන ජනමාධ්‍ය සාකච්ඡවක් 2011 නොවැම්බර් 30 වන බදාදා පෙ.ව 11.00ට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධාන කාර්යාලයේ දී පැවැත් වුනි.
එම ජනමාධ්‍ය සාකච්ඡවේ දී,
    ජනාධිපතිවරනයේ දී රු.2,500/- ක පොරොන්දු වූ වැටුප් වැඩිවීම ලබාදෙනු !
    රාජ්‍ය සේවාවට වර්තමානයේ ගෙවන 15‍% දීමනා වැටුපට එකතු කරනු !
    රු.3,860/-ක් වු හිඟ ජීවන වියදම් දීමනාව ගෙවනු !
    අග‍්‍රහාර රක්ෂණයෙන්, විශ‍්‍රාම යෑමේ දී රු.100,000/-ක පාරිතෝෂිකයක් ලබාදෙනු !
    ජීවන අංක දීමනාව, රු.280 අගය නිත්‍යානූකූලව ගැසට් කරනු !
    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට අදාල උපයන විට අය කරන බද්ද අහෝසි කරනු !
    රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිත්‍ය සේවාවන් වලට, මානව සම්පත් ආයතන වලින් කොන්ත‍්‍රාත් පදනම මත සේවකයන් බඳවා ගැනීම නතර කරනු !

යන ඉල්ලීම් ලබාදීමට හැකිවන පරිදි 2012 අයවැයට සංශෝධන එකතු කරන ලෙස රජයට බලකිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති අදහස් දක්වන ලදී.

මෙහිදි රජය වැඩි කල 10‍% දීමනාව තුලින් අවම වැටුප් ලබන රජයේ සේවකයන්හට සත්‍ය ලෙස හිමිවන්නේ රු.593ක දීමනාවක් බවත් අවධාරණය කල අතර, රුපියල අවප‍්‍රමාණය කිරීම නිසා දැනට ලබන වැටුප් 3‍% කින් අඩුවන බව පැහැදිලි කෙරිනි. මේ සදහා සෞඛ්‍ය, තැපැල්, දුම්රිය, වරාය, රක්ෂණ, ගුරු, කළමණාකරන සහකාර, මුද්‍රණාල, වතු, ඇගලූම් හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් වෘත්තීය සමිති 20ක් පමණ සහභාගී විය.

මෙම ඉල්ලීම් දිනා ගැනීම සදහා,
x දෙසැම්බර් 2 දින සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් දැනුවත් කිරීමට අත් පත‍්‍රිකා ලක්ෂයක් බෙදා හැරීමටත්,
x    දෙසැම්බර් 06 දින පොස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමටත්,
x    රජයේ ප‍්‍රතිචාර නොමැති නම් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීමටත්,
තීරණය කළ බව වෘත්තීය සමිති නායකත්වය විසින් අවධාරණය කරන ලදී.
 
සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment