Thursday, October 27, 2011

හෙද නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට පෙර නීතිපති අවසරය ලබා ගන්නා ලෙස ඉල්ලීම

ඔබගේ නියෝග පරිදි නිකුත් කළ චක‍්‍රලේඛයකින් ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෛද්‍යවරුන් සම්බන්ධ නීතිමය කටයුතු වලදී අත් අඩංගුවට ගැනීමට සිදු වන්නේ නම් ඒ සඳහා නීතිපති අවසරය අනිවාර්ය කොට ඇත. මේ පිළිබඳ සංගමයක් වශයෙන් සතුටුවන අතර, දැනට සෞඛ්‍ය සේවාවේ නිරත වන වෛද්‍ය සේවාව හැරුණු කොට ප‍්‍රමුඛතම වෘත්තීමය කණ්ඩායමක් වන හෙද සේවාව සඳහා එම නියෝග අදාල කර ගැනීමට උපදෙස් නිකුත් නොකිරීම කණගාටුවට කරුණකි.

වෘත්තීමය සේවාවක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති හෙද සේවාව ද වෘත්තීයට අදාලව ලබන පුහුණුවෙන් පසු  වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමෙන් අනතුරුව සේවයේ යෙදෙන අතර, හෙද වෘත්තීයේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් හෙද සේවාව වෙනුවෙන් ද, මෙලෙස චක‍්‍රලේඛයක් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව සේවාව නියෝජනය කරන ප‍්‍රමුඛ වෘත්තීය සංගමයක් ලෙස අප විශ්වාස කරන්නෙමු.

එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කොට හෙද සේවාව වෙනුවෙන් ද මෙවැනි චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඒ පිළිබඳ සාකච්ඡ කිරීමට කඩිනමින් සාකච්ඡ අවස්ථාවක් ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලමි.   
 
සමන් රත්නප‍්‍රිය           

No comments:

Post a Comment