Thursday, October 27, 2011

2012 අයවැයෙන් රජයේ සේවකයන්හට ලබාදිය යුතු සහන පිළිබඳව රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනයේ යෝජනා

2011.10.27 දින පුංචි බොරැල්ල සෞඛ්‍ය සන්ධාන කාර්යාලයේ දී පවත්වන ලද ජනමාධ්‍ය සාකච්ඡවේ දී රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය 2012 අයවැය පිළිබදව පහත සදහන් යෝජනා ඉදිරිපත් කරන ලදී.
 
  • 2009 ජනාධිපතිවරණයේ දී වර්තමාන ජනාධිපති හා ආණ්ඩුව රජයේ සේවකයන්හට පොරොන්දු වූ රු.2500/- වැටුප් වැඩිවීම වහාම ලබාදීම 
  • ආණ්ඩුව මහින්ද චින්තන පළමු අයවැයෙන් ලබදුන් ජීවන වියදම් දීමනාවට අදාලව මේ වන විට රජයේ සේවකයන්හට ලැබිය යුතු හිඟ දීමනාව වන රු.3860/- වහාම ගෙවීම 
  • ඉහළ හා පහළ (කම්කරු හා ස්ථිර ලේකම්) අතර දැනට පවතින වැටුප් වර්ධක අනුපාතය වන 1 : 11.875 අඩු අගයකට ගෙනෙමින් 1 : 9.5 දක්වා අඩු වන පරිදි ඉහළම වැටුප් වර්ධකය වැඩි නොකර පහළම වැටුප් වර්ධකය රු.120 - රු.150 දක්වා වැඩිකර එයට සමානූපාතිකව මැද කණ්ඩායම් වල වැටුප් වර්ධක වැඩි කිරීම  
  • අග‍්‍රහාර රක්ෂණය මගින් රජයේ සේවකයන්හට විශ‍්‍රාම යන විට රු.100,000/- දීමනාවක් ලබාදීම 
  • ආපදා ණය හා දේපළ ණය සඳහා ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන වැඩි කිරීම හා ණය සහන මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම 
  • 06/2006 වැටුප් චක‍්‍රලේඛයේ විෂමතා ඉවත් කිරීම සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම 
  • ඉතුරුම් සඳහා බැංකු පොළි  අනුපාතය අඩුකල අකාරයටම නිවාස ණය සඳහා පොලි අනුපාතය 7% දක්වා අඩු කිරීම
  • අයවැයෙන් දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ වලට වෙන් කරන වාර්ෂික ප‍්‍රතිපාදන කප්පාදු නොකර ලබා දීම 
  • රාජ්‍ය සේවාව සඳහා ආරවුල් බේරුම් කිරීමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා අදාල ආයතන ස්ථාපිත කිරීමට මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම 
  • ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සම්මේලනයට රාජ්‍ය අංශයේ නියෝජිතයන් යැවීම සඳහා මුදල් ප‍්‍රතිපාදන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා වෙන් කිරීම
මෙම ජනමාධ්‍ය සාකච්ඡව සදහා පහත සදහන් වෘත්තීය සමිතිවල නායකත්වය සහභාගී විය.
 

සමන් රත්නප‍්‍රිය         - (ප‍්‍රධාන ලේකම් - රා.සේ.වෘ.ස.සම්මේලනය,     සභාපති - සෞ.සේ.වෘ.ස.සන්ධානය )
සම්පත් රාජිත         - (සම සභාපති - රා.සේ.වෘ.ස.සම්මේලනය,     කැදවුම්කරු  - දුම්රිය ඒකාබද්ධ පෙරමුණ)
ජෝසප් ස්ටාලීන්     - (ජාතික සංවිධායක - රා.සේ.වෘ.ස.සම්මේලනය,     සභාපති - ලංකා ගුරු සංගමය)
එම්.ඞී.ආර්. අතුල     - (භාණ්ඩාගාරික - රා.සේ.වෘ.ස.සම්මේලනය,     සභාපති - රජයේ මුද්‍රණ ශීල්පීන්ගේ සංගමය)
රණතුංග         - (නියෝජ්‍ය ලේකම් - තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය)
රාජා කන්නංගර     - (සභාපති  - දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ)
විජිත පේ‍්‍රමරත්න     - (ලේකම් - රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමණාකරන සහකාර නිළධාරීන්ගේ සංගමය)
සමන් පීරිස්         - (නියෝජ්‍ය ලේකම් - සමස්ථ ලංකා රාජ්‍ය කළමණාකරන සහකාර නිළධාරීන්ගේ සංගමය)
ජී.ඞී.කේ.ඞී. විජේසේකර     - (සභාපති – දුම්රිය මැදිරි පරීක්ෂකවරුන්ගේ සංගමය)

 
සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment