Tuesday, September 13, 2011

හෙද සේවාවට බඳවා ගැනිමේ අධ්‍යාපන සුදුසුකම් පහත දමා බඳවා ගැනීමට එරෙහිව, උද්ඝෝෂණය 2011.09.14 බදාදා - දහවල් 12.00 ට - කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී

    උතුරු නැගෙනහිර හෙද සේවාවට බඳවා ගැනීම සඳහා දැනට පවතින අධ්‍යාපන සුදුසුකම් අඩුකර අ.පො.ස. උසස් පෙළ කලා හා වාණිජ අංශවලින් බඳවා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.
   
    2010.11.01 දින සිට ක‍්‍රියාත්මක හෙද ව්‍යවස්ථාවේ 7.2.4. වගන්තිය අනුව හෙද සේවාව සඳහා බඳවා ගැනීමේ දී අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා, ගණිත හා කෘෂි විද්‍යා ධාරාවන්ගෙන් ’ අගය මත පමණක් බඳවා ගත යුතු බව පැහැදිලිව දක්වා ඇත. 2010 ට පෙරද හෙද සේවාවට බඳවා ගනු ලැබුවේ අ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් වන අතර, මෙසේ අධ්‍යාපන සුදුසුකම් අඩුකර බඳවා ගැනීම කිසිසේත් අනුමත කල නොහැක.
    මෙලෙස  බඳවා ගනු ලැබුවහොත්,

1.    ඉදිරියේදී නියම අධ්‍යාපනයක් නොලද හෙද නිළධාරීන්ගෙන් රෝගී සත්කාරය ලබා ගැනීමට ජනතාවට සිදුවීම
2.    ජාතිකව හා ජාත්‍යන්තරව හෙද සේවාවට පවතින වෘත්තීමය තත්ත්වය හෑල්ලූවට ලක් වීම
3.    හෙද අධ්‍යාපනය විද්‍යා විෂය මත පදනම් වුවක් බැවින් කලා හා වාණිජ අංශවලින් බැඳෙන ළමුන්හට හෙද පුහුණු විෂය නිර්දේශයේ විශයයන් ග‍්‍රහණය කරගත නොහැකිවීම යන බරපතල ගැට`ඵ වලට හෙද සේවාවට මුහුණු දීමට සිදුවනු ඇත.

    අප දිගින් දිගටම ලිඛිතව හා වාචිකව මේ පිළිබඳව විරෝධය පලකර තිබීයදීත් මෙම තීරණය ක‍්‍රියාත්මක කිරීමට අදාල සම්මුඛ පරීක්ෂණ 2011.07.17 දින යාපනය, 24 දින මඩකලපුව හා 25 දින අම්පාර දී ද පවත්වා ඇත.

     මෙම තීරණය අවලංගු කිරීමට බල කෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාරයේ පළමු පියවර ලෙස මඩකලපුව හා කල්මුනේ අෂ්රෆ් රෝහල් ඉදිරිපිට දී අගෝස්තු 03 දින අප සංගමය විසින් ක‍්‍රියාත්මක කරන ලදි. එසේම මේ පිළිබඳව සෞඛ්‍ය ලේකම් සමග අගෝස්තු 03 බදාදා සාකච්ඡුාවක් පවත්වන ලද අතර, එහිදි අවසාන විසදුමක් ලබාදීමට අපොහොසත් විය. එනිසා අගෝස්තු 10 දින ත‍්‍රි‍්‍රකුණාමල රෝහල ඉදිරිපිට දී ද උද්ඝෝෂණ ව්‍යාපාරයක් අප සංගමය විසින් ක‍්‍රියාත්මක කරන ලදි.

    ගැටඵවට විසදුම් ලබාදීමට මෙතෙක් අපොහොසත් නිසා මීළඟ පියවර ලෙස  සේවාවේ අනාගත අභිවෘද්ධියට බලපෑමක් ඇති කරන සේවා තත්ත්වය පහත වැටීමට හෙතුවන මෙම තීරණයට එරෙහිව බලපෑමක් සිදු කිරීම සඳහා හෙද නිළධාරීන් 2011.09.14 දින මධ්‍යාහ්න 12.00 සිට ප.ව. 1.00 දක්වා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

    මෙම උද්ඝෝෂණය ආවරණය කිරීම සඳහා ජනමාධ්‍ය නිළධාරීන් යොදවන ලෙස කාරුණිකව ඉල්ලමි. 

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය
                   

No comments:

Post a Comment