Wednesday, November 9, 2011

අයවැයෙන් වැටුප් වැඩි කරනු - රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ උද්ඝෝෂණය නොවැම්බර් 09 බදාදා දවල් 12.00 ට ලිප්ටන් වටරවුමේ දී

2012 ඉදිරිපත් කිරීමට යෝජිත අයවැයෙන් පහත සදහන් වැටුප් වැඩි කිරීම හා වැඩ කරන පංතියට සහ ජනතාවට වහාම සහන ලබා දෙන ලෙස බලකරමින් 2011 නොවැම්බර් 09 දහවල් 12.00 ට කොළඹ ලිප්ටන් වටරවුමේ දී පවත්වනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරයේ දී රජයට ඉදිරිපත් කරන ඉල්ලිම් පහත පරිදිය.


x    ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවට පොරොන්දු වූ රු.2,500 /-ක වැටුප් වැඞී වීම ලබා දීම
x    ජීවන වියදම් දර්ශකයේ වැඩිවීම අනුව රු.2.50/- බැගින් ජීවනාංකයකට ගෙවන බවට වූ පොරොන්දුව අනුව මේ වන විට පවතින හි`ග රු.3,860/-ක ජීවන වියදම් දීමනාව ලබාදීම
x    ඉහළ හා පහළ (කම්කරු හා ස්ථිර ලේකම්) අතර දැනට පවතින වැටුප් වර්ධක අනුපාතය වන 1: 11.875 අඩු අගයකට ගෙනෙමින් 1: 9.5 දක්වා අඩු වන පරිදි ඉහළම වැටුප් වර්ධකය වැඩි නොකර දැනට ගෙවන පහළම වැටුප් වර්ධකය      රු.120 සිට රු.150 දක්වා වැඩිකර එයට සමානූපාතිකව මැද කණ්ඩායම් වල වැටුප් වර්ධක වැඩි කිරීම 
x    අග‍්‍රහාර රක්ෂණය මගින් රජයේ සේවකයන්හට විශ‍්‍රාම යන විට රු.100,000/- දීමනාවක් ලබාදීම
x    ආපදා ණය හා දේපල ණය සඳහා ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන වැඩි කිරීම හා ණය සහන මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම
x    ඉතුරුම් සඳහා බැංකු පොළි  අනුපාතය අඩුකල ආකාරයටම දේපල ණය සඳහා පොලි අනුපාතය 4‍% දක්වා අඩු කිරීම
x    06/2006 වැටුප් චක‍්‍රලේඛයේ විෂමතා ඉවත් කිරීම සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම
x    අයවැයෙන් දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ වලට වෙන් කරන වාර්ෂික ප‍්‍රතිපාදන කප්පාදු නොකර ලබා දීම
x    රාජ්‍ය සේවාව සඳහා ආරවුල් බේරුම් කිරීමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා අදාල ආයතන ස්ථාපිත කිරීමට මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම
x    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සම්මේලනයට රාජ්‍ය අංශයේ නියෝජිතයන් යැවීම සඳහා මුදල් ප‍්‍රතිපාදන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා වෙන් කිරීම
x    අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා අයකරන බදු ඉවත්කර ජනතාවට සහන සැලසීම
x    රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිත්‍ය සේවාවන් වලට මානව සම්පත් ආයතන වලින් කොන්ත‍්‍රාත් පදනම මත සේවකයන් බඳවා ගැනීම නතර කිරීම
x    අර්ධ රාජ්‍ය අංශය සඳහා රජයේ අනුමත නියමිත ජීවන වියදම් දීමනාව ගෙවීම
x    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට අදාල උපයන විට අයකරන බද්ද අහෝසි කිරීම
x    ජලය, විදුලිය හා බස් ගාස්තු වැනි අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සඳහා අයකරන බදු අඩු කිරීම
x    සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශයට පත්කල පවුල් ඒකකයක වියදම වන රු.42,476/- ක මුදල අවම වැටුප් ලෙස ලබාදීම සඳහා වැඩ පිළිවෙලක් අයවැය මගින් ඉදිරිපත් කිරීම

මෙම උද්ඝෝෂණය සදහා පහත සදහන් ප‍්‍රධාන වෘත්තිය සමිති හා සම්මේලන සහභාගී විය.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
දුම්රිය සේවා වෘත්තීය ඒකාබද්ධ පෙරමුණ
රා. ප. රාජ්‍ය කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සංගමය
ස. පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සංගමය
ස්වාධීන වරාය සේවක සංගමය
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය
අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ
සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය
ලංකා බැංකු සේවක සංගමය
තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය
ලංකා ගුරු සංගමය
රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
තොරතුරු හා විදුලි සංදේශ සියඵ සේවක සංගමය
රක්ෂණ සේවක සංගමය
ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සංගමය
දුම්රිය එන්ජින් රියදුරු (ෂන්ටින් සේවය) සංගමය

No comments:

Post a Comment