Tuesday, February 28, 2012

උපාධිධාරී හෙද සේවාව පිහිටුවීම සදහා වන රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා

ශ‍්‍රි ලංකාවේ ජාතික විශ්ව විද්‍යාල වෙතින් හෙද විද්‍යා උපාධිය ලබා පිටවන හෙද වෘත්තිකයින් ජාතික සෞඛ්‍ය සේවාවට බදවා ගනිමින් පවතින හෙද සේවාවේ සේවයේ නියුතු පිරිස් ද අන්තර්ග‍්‍රහණය වන පරිද්දෙන් නව උපාධිධාරී හෙද සේවාවක් පහත සදහන් කරුණු අනුව පිහිටුවීමට අප සංගමය යෝජනා කර සිටිමු. 
       
01. උපාධිධාරී සේවාවේ තනතුරු නාමය
මාණ්ඩලික හෙද නිළධාරී

02. උපාධිධාරී සේවාවේ කාර්යභාරය
    දැනට පවතින රාජකාරී ලැයිස්තුවල සදහන් සියඵ රාජකාරීන් ඉටුකළ යුතුය. නව සේවාව ක‍්‍රියාත්මක වීමේදී රාජකාරී හා වගකීම් කාලානූරූපීව එකතු විය හැකිය.

03. උපාධිධාරීන්ගේ වැටුප් ව්‍යුහය
i    ජාතික විශ්ව විද්‍යාල මගින් පිටවන හෙද සේවාවේ උපාධිධාරීන් එක් වසරක සීමාසික පුහුණුවක් සදහා රු.21,300/- ක දීමනාවක් සහිතව බදවා ගැනීමට යෝජනා කරමු.

ii    සීමාවාසික පුහුණු කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව SL-1- 2006 වැටුප් පරිමාණයේ iii වන පන්තියට නියමිත දෙවන වැටුප් පියවරෙහි පිහිටුවීමට යෝජනා කෙරේ. මෙම යෝජනාවලියෙහි 04 පරිච්ෙ‏‏ඡුදයේ සදහන් පරිදි දැනට සේවයේ යෙදී සිටින්නන්SL-1-2006 වැටුප් පරිමාණයට අන්තර්ග‍්‍රහණය කිරීමත්, උක්ත සීමාවාසික පුහුණුව අවසන් කරන උපාධිධාරීන් ද කෙලින්මSL- 1- 2006 වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවරට බදවා ගැනීමත්, එකම වසරක දී ආරම්භ කිරීමටත් යෝජනා කරමු.

04. පවතින සේවාවේ නිළධාරින් අන්තර්ග‍්‍රහණය
i    දැනටමත් හෙද සේවාවේ I ශ්‍රේණියට උසස් කර ඇති නිළධාරීන් SL-1- 2006 වැටුප් පරිමාණයේ III වන පන්තියට නියමිත දෙවන වැටුප් පියවරෙහි  පිහිටුවා I ශ්‍රේණියට අදාලව උපයාගෙන ඇති වැටුප් පියවර සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ලබා දීම මගින් පියවරෙන් පියවරට වැටුප් පරිවර්තනය කිරීම
ii.    හෙද සේවාවේ ii පන්තියේ තනතුරු දරණ MT- 7- 2006 හි වැටුප් පරිමාණයේ 22 පියවර ඉක්මවා වැටුප් වර්ධක උපයාගෙන ඇති නිළධාරීන් SL-1- 2006 වැටුප් පරිමාණයේ දෙවන පියවරෙහි පිහිටුවා, 22 පියවර ඉක්මවා උපයා ඇති වැටුප් වර්ධක සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ලබාදීම මගින් පියවරෙන් පියවරට වැටුප් පරිවර්තනය කිරීමට යෝජනා කෙරේ.

iii.    හෙද සේවාවේ දැනට සිටින නිළධාරීන් අතරින් 1 වන ශ්‍රේණියට සුදුසුකම් නොලැබ ආංශික ඇතුුළත් වීම්
(Lateral  Entry) ලැබ උපාධිය සම්පූර්ණ කිරීමෙන් හෝ වෙනත් ක‍්‍රම මගින් ජාතික විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කරන පිරිස් එම උපාධිය ලැබිමත් සමගම SL-1- 2006 වැටුප් පරිමාණයේ දෙවන පියවරෙහි හෝ එය ඉක්මවා ඇත්නම් 1 වන ශ්‍රේණියට අදාලව උපයාගෙන ඇති වැටුප් පියවර සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ලබාදීම මගින් පියවරෙන් පියවරට වැටුප් පරිවර්තනය කිරීමට යෝජනා කෙරේ.

iv    හෙද කළමනාකරණ හා අධීක්ෂණ ඩිප්ලෝමාව සම්පූර්ණ කල නිළධාරීන් SL-1- 2006 වැටුප් පරිමාණයේ තුන්වන පියවරෙහි තැබිමටත්, උපයාගෙන ඇති වැටුප් වර්ධක වලට අනුරූපී වැටුප වර්ධක ලබා දීමටත් යෝජනා කෙරේ.
(සැ.යු. හෙද වෘත්තීකයින්ගේ සේවා වගකීම හා මෙතෙක් පැවති සේවා වැටුප් පරතරය සැලකිල්ලට ගෙන හෙද වෘත්තීකයින්ගේ වැටුප් තලය, පරිපූරක සේවා වෘත්තිකයින්ගේ වැටුප් තලයට වඩා එක් වැටුප් වර්ධකයක් ඉහළින් ද, හෙද කළමනාකරණ හා අධීක්ෂණ ඩිප්ලෝමාව වෙනුවෙන් එක් වැටුප් වර්ධකයක් ද ලබාදිය යුතු බව අවධාරණය කරමු*

ඪග    ඉහත සදහන් SL-1-2006 වැටුප් පරිමාණයට අන්තර්ග‍්‍රහණයට සුදුසුකම් සපුරා නැති නිළධාරීන් එසේ සුදුසුකම් සපුරා ගන්නා තෙක් වර්තමාන ඵඔ -7 -2006 A  හි වැටුප් වර්ධක වාසි ලබාදීමටත් යෝජනා කෙරේ.
                                                               ඇමුණුම 1 බලන්න


05. උපාධිධාරී සේවාවේ උසස් කිරීමේ ක‍්‍රමය
i    ඉහත පරිදි බදවා ගන්නා උපාධිධාරින් SL-1 - 2006 වැටුප් පරිමාණය භුක්ති විදින අනෙකුත් දීප ව්‍යාප්ත සේවා ගණයන්ට අයත් තනතුරු වලට නියමිත උසස් කිරීමේ ක‍්‍රමවේදය සුදුසු බව යෝජනා කෙරේ.

ii.    දැනට සේවයේ නියුතු ඩිප්ලෝමාධාරී හෙද වෘත්තිකයන් අතරින් SL- 1 - 2006 වැටුප් පරිමාණයට අන්තර්ග‍්‍රහණය කිරීමට සුදුසුකම් ලබා එසේ අන්තර්ග‍්‍රහණය කිරීමෙන් පසු

1.    තවදුරටත් එම වැටුප් පරිමාණයේ උසස් වීම් ලබාදීමක් සිදු නොකෙරෙන අතර සාමාන්‍ය පරිදි විශේෂ ශ්‍රෙණියේ තනතුරු සදහා ඉල්ලූම් කළ හැකිය

2.    එසේ අන්තර්ග‍්‍රහණය කරන නිළධාරීන් ඇමුනුම පරිදි SL- 1 - 2006 වැටුප් පරිමාණයේ iii වන ශ්‍රේණියට අයත් වැටුප් වර්ධක සියල්ල උපයා ගැනීමෙන් අනතුරුව ii වන ශ්‍රේණියට උසස් වීම් නොලැබුවේ නම් තිරුවේ ඇති පරිදි වැටුප් වර්ධක ලබා ගැනීමටත්,

3ග    එසේ වැටුප් වර්ධක ලබා දීමේ දී එම වැටුප් වර්ධක සංඛ්‍යාව රා. ප. ච. අංක 06/2006 (iv) හි    MT -7 -2006 A  හි වැටුප් පරිමාණයේ 1 වන ශ්‍රෙණියට නියමිත වැටුප් වර්ධක සංඛ්‍යාව                                                                 නොඉක්මවන පරිදි අනුරූපී වැටුප් පියවරෙහි තැබිමට හා වැටුප් වර්ධක ලබා ගැනීමටත් යෝජනා කෙරේ.

ජ්‍යෙෂ්ඨතාවය
මෙම අන්තර්ග‍්‍රහණය සිදු කෙරෙන වකවානුවේ දී හෙද සේවාවේ නිළධාරීන් ඔවුන් භුක්ති විදි ජ්‍යෙෂ්ඨතාවයට හානියක් නොවන පරිදි පවත්වාගෙන යාමට යෝජනා කෙරේ.


 06. පවතින ඩිප්ලෝමා පාඨමාලාව පවත්වාගෙන යාම
ජාතික විශ්ව විද්‍යාල මගින් පිටවන උපාධිධාරීන් සෞඛ්‍ය සේවයේ අවශ්‍යතාවය සපුරාලීමට ප‍්‍රමාණවත් නොවන බැවින් ප‍්‍රමාණවත් වනතුරු හෙද ඩිප්ලෝමා පාඨමාලාව පවත්වාගෙන යා යුතුය. 

No comments:

Post a Comment