Wednesday, February 8, 2012

හෙද සේවා උද්ඝෝෂණය - පෙබරවාරී 09 දහවල් 12.00 ට සියඵ රෝහල් ඉදිරිපිට දී ප‍්‍රධාන උද්ඝෝෂණය ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී

පහත සදහන් සේවා ගැටඵ පිළිබදව වසර 2 ක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡ කලද කිසිදු ගැටඵවක් සදහා නිශ්චිත විසදුම් මේ දක්වා ලබා නොදිම තුළ බරපතල අසාධාරණයක් හෙද සේවාවට සිදුවී ඇත. සාකච්ඡුා වලදි එකග වු කරුණු පවා ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා කටයුතු නොකිරීම නිසා ජනවාරී 31 අගහරුවාදා දින දිවයින පුරා රෝහල් ඉදිරිපිට දී පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ දෙවන අදියර ලෙස නැවත උද්ඝෝෂණය පෙබරවාරී 09 බ‍්‍රහස්පතින්දා දින සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.

1.    විශ්ව විද්‍යාලවලින් පිටවී ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බදවා නොගැනීම
2.    පැරණි ව්‍යවස්ථාවට අදාලව II A ශ්‍රේණියේ උසස් වීම් හා අධි ශ්‍රේණියේ උසස් වීම් හෙද නිළධාරීන්හට ලබා
3.    2011 වර්ෂය සදහා ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම හා ස්ථාන මාරු ලබා නොදීම
4.    නිල ඇදුම් දීමනාව 2012 මූල්‍ය තත්ත්වයන් වලට අදාලව යථාවත් නොකිරීම
5.    වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම
6.    රාජ්‍ය සේවකයන්හට ක‍්‍රියාත්මක වන දින 05 සතිය හෙද නිළධාරීන්හට ක‍්‍රියාත්මක නොකිරීම
7.    හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම
8.    අනතුරු දීමනාව, ශල්‍යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්‍ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම
ඇතුඵ ඉල්ලීම් 18 පිළිබදව නැවත සිහි කැදවමින් 2012.02.03 දින සෞඛ්‍ය ඇමති, ලේකම් හා අධ්‍යක්ෂ ජනරාල්ට නැවත ලිපි යවන ලදි.
උසස්වීම් ලබා දීමට හා I ශ්‍රේණියේ උසස් වීම පෙරදාතම කිරිම, රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබාදුන්නද අදාල චක‍්‍රලේඛ සෞඛ්‍ය ලේකම් විසින් මේ දක්වා නිකුත් කර නැත.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ශ‍්‍රි ලංකා ජාතික රෝහල, රාගම, මහරගම, රත්නපුර, කරාපිටිය, මහනුවර, හම්බන්තොට, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත‍්‍රිකුණාමලය, කල්මුනේ ඇතු`ඵ දිවයින පුරා ප‍්‍රධාන රෝහල් 50 ක පෙබරවාරී 09 බ‍්‍රහස්පතින්දා දින දහවල් 12.00 සිට 1.00 දක්වා නැවත පවත්වනු ඇත.

ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී පවත්වන ප‍්‍රධාන උද්ඝෝෂණය ආවරණය කිරීම සදහා ජනමාධ්‍යවේදීන් සහභාගී කරවන මෙන්ද ප‍්‍රාදේශීයව පවත්වනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරයන් ආවරණය කරන මෙන් ද කාරුණිකව ඉල්ලමි.

ස්තූතියි. 
සමන් රත්නප‍්‍රිය   
                            

No comments:

Post a Comment