Friday, February 24, 2012

ලැබුණු දීමනා පිළිබදව සෑහීමකට පත් වෙන්න බැහැ 27ට පෙර චක‍්‍රලේඛ නිකුත් නොකලහොත් උද්ඝෝෂණ ව්‍යාපාරයක්

    හෙද සේවාවට ලබාදීමට එකග වී ඇති  මූලික ඉල්ලීම් බවට අදාල චක‍්‍රලේඛ පෙබරවාරී 27 ට පෙර නිකුත් නොකලහොත් සදහා 2012 පෙබරවාරී 27 දිනෙන් පසු දින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීමට අප සංගමය තීරණය කර ඇත.

මෙහි පළමු පියවර ලෙස ජනවාරී 31 දින හා පෙබරවාරී 09 දින රෝහල් ඉදිරිපිට දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන ලදි. පසුව ජනවාරී 13 දින සෞඛ්‍ය ලේකම් සමග සාකච්ඡුාවක් පැවැත්වු අතර, එහිදි එකග වු ඉල්ලිම් කිහිපයක් වෙනුවෙන් මේ වන විට වැටුප් කොමිසමේ හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

හෙද ආචාර්ය දීමනාව වැඩි කිරීමට, දුරකථන දීමනාව විශේෂ ශ්‍රේණියට පමණක් ලබා දීමට, නිල ඇදුම් දීමනාව වැඩි කිරීමට හා පැරණි උසස් වීම් ක‍්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිවීම එයට අදාලය.

නමුත් හෙද උපාධිධාරීන් සේවාවට බදවා ගැනීම, දින 05 සතිය ලබාදීම, අතිකාල දීමනා විෂමතාවය නිවැරදි කිරීම, 5‍% ක් වු පිරිමි හෙද නිළධාරීන් බ`දවා ගැනීමේ ප‍්‍රතිශතය වැඩි කිරීම, අනතුරු දීමනාව වර්තමානයට ගැලපීම යන මූලික ඉල්ලීම් පිළිබදව මේ වනතුරු පැහැදිලි විසදුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියාකාර නැත.

එබැවින් එකග වු හා අනුමැතිය ලැබුණු ඉල්ලීම් පිළිබදව චක‍්‍රලේඛ පෙබරවාරි 27 ට පෙර නිකුත් නොකරන්නේ නම් හා ප‍්‍රධාන ඉල්ලීම් වලට විසදුම් ලබාදීම සදහා පෙබරවාරී කටයුතු නොකරන්නේ නම් පෙබරවාරී 27 න් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන්නෙමු.

සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment