Tuesday, February 28, 2012

හෙද සේවයේ භාණ්ඩ භාරකාරීත්ව, අනතුරු හා ශල්‍යාගාර දීමනා යාවත්කාලීන කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම

1.    හෙද සේවය සඳහා දැනට රු.500 ක භාණ්ඩ භාරකාරීත්ව දීමනාවක්, රු.400 ක අනතුරු දීමනාවක් සහ රු.200 ක ශල්‍යාගාර දීමනාවක් ගෙවනු ලැබේ

2.    භාණ්ඩ භාරකාරීත්ව දීමනාව ලැබීම සඳහා වාට්ටු හෝ එකක වල භාණ්ඩ වට්ටෝරු භාරකාරීත්වය සදහා ii A (නව ව්‍යවස්ථාව යටතේ ii ශ්‍රේණිය) ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල හෙද නිළධාරීන් සුදුසුකම් ලබන අතර, ශල්‍යාගාර දීමනා ශල්‍යාගාර වල සේවය කරන හෙද නිළධාරීන් සඳහාත් පොදු චක‍්‍රලේඛ අංක 02-128/2001 යටතේ තෝරා ගත් එකක වල සේවය කරන හෙද නිළධාරීන්ට අනතුරු දීමනාත් ගෙවනු ලැබේ.

3.    මෙම දීමනා සියල්ලන් 1997 හා 2001 න් පසු අද දක්වා සංශෝධනයන්ට ලක්වී නොමැත.

4.    දැනට සෞඛ්‍ය සේවාවේ දීමනා යාවත්කලීන කිරීම වෛද්‍ය සේවාව වෙනුවෙන් සැලකිය යුතු වශයෙන් නිවැරදිව සිදුවී ඇති බවට අපි විශ්වාස කරමු

5.    වෛද්‍ය සේවාවට දැනට ගෙවන විවේක කාල, රාජකාරී සඳහා, ප‍්‍රවාහන හා පැමිණිමේ දීමනා වැටුප සමඟ යම් අනුපාතික වැඩිවීමක් සිදුකරමින් දීමනා යාවත්කාලීන වීම සිදුව ඇති බව පහත වගුවෙන් පැහැදිලි වේ. 




No comments:

Post a Comment