Thursday, February 9, 2012

හෙද සේවා උද්ඝෝෂණය - පෙබරවාරී 09 දහවල් 12.00 ට සියඵ රෝහල් ඉදිරිපිට දී







පහත සදහන් සේවා ගැටඵ පිළිබදව වසර 2 ක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡ කලද කිසිදු ගැටඵවක් සදහා නිශ්චිත විසදුම් මේ දක්වා ලබා නොදිම තුළ බරපතල අසාධාරණයක් හෙද සේවාවට සිදුවී ඇත. සාකච්ඡ වලදි එකග වු කරුණු පවා ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා කටයුතු නොකිරීම නිසා ජනවාරී 31 අගහරුවාදා දින දිවයින පුරා රෝහල් ඉදිරිපිට දී පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ දෙවන අදියර ලෙස නැවත උද්ඝෝෂණය පෙබරවාරී 09 බ‍්‍රහස්පතින්දා, එනම් අද දින දිවයින පුරා සාර්ථකව පවත්වන ලදි.

1.    විශ්ව විද්‍යාලවලින් පිටවී ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බදවා නොගැනීම
2.    පැරණි ව්‍යවස්ථාවට අදාලව II A ශ්‍රේණියේ උසස් වීම් හා අධි ශ්‍රේණියේ උසස් වීම් හෙද නිළධාරීන්හට ලබා
3.    2011 වර්ෂය සදහා ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම හා ස්ථාන මාරු ලබා නොදීම
4.    නිල ඇ`දුම් දීමනාව 2012 මූල්‍ය තත්ත්වයන් වලට අදාලව යථාවත් නොකිරීම
5.    වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම
6.    රාජ්‍ය සේවකයන්හට ක‍්‍රියාත්මක වන දින 05 සතිය හෙද නිළධාරීන්හට ක‍්‍රියාත්මක නොකිරීම
7.    හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම
8.    අනතුරු දීමනාව, ශල්‍යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්‍ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම

උසස්වීම් ලබා දීමට හා I ශ්‍රේණියේ උසස් වීම පෙරදාතම කිරිමට, රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබාදුන්නද අදාල චක‍්‍රලේඛ සෞඛ්‍ය ලේකම් විසින් මේ දක්වා නිකුත් කර නැත.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ශ‍්‍රි ලංකා ජාතික රෝහල, රාගම, මහරගම, රත්නපුර, කරාපිටිය, මහනුවර, හම්බන්තොට, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත‍්‍රිකුණාමලය, කල්මුනේ ඇතුඵ දිවයින පුරා ප‍්‍රධාන රෝහල් 50 ක පමණ අද දින දහවල් 12.00 සිට ප.ව. 1.00 දක්වා සාර්ථකව පැවැත්වු අතර, දිවයින පුරා හෙද නිළධාරීන් 10,000 ක් පමණ එයට සහභාගී විය.


No comments:

Post a Comment