Wednesday, February 8, 2012

හෙද සේවා උද්ඝෝෂණය - පෙබරවාරී 09 දහවල් 12.00 ට සියඵ රෝහල් ඉදිරිපිට දී ප‍්‍රධාන උද්ඝෝෂණය ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී

පහත සදහන් සේවා ගැටඵ පිළිබදව වසර 2 ක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡ කලද කිසිදු ගැටඵවක් සදහා නිශ්චිත විසදුම් මේ දක්වා ලබා නොදිම තුළ බරපතල අසාධාරණයක් හෙද සේවාවට සිදුවී ඇත. සාකච්ඡුා වලදි එකග වු කරුණු පවා ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා කටයුතු නොකිරීම නිසා ජනවාරී 31 අගහරුවාදා දින දිවයින පුරා රෝහල් ඉදිරිපිට දී පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ දෙවන අදියර ලෙස නැවත උද්ඝෝෂණය පෙබරවාරී 09 බ‍්‍රහස්පතින්දා දින සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.

1.    විශ්ව විද්‍යාලවලින් පිටවී ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බදවා නොගැනීම
2.    පැරණි ව්‍යවස්ථාවට අදාලව II A ශ්‍රේණියේ උසස් වීම් හා අධි ශ්‍රේණියේ උසස් වීම් හෙද නිළධාරීන්හට ලබා
3.    2011 වර්ෂය සදහා ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම හා ස්ථාන මාරු ලබා නොදීම
4.    නිල ඇදුම් දීමනාව 2012 මූල්‍ය තත්ත්වයන් වලට අදාලව යථාවත් නොකිරීම
5.    වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම
6.    රාජ්‍ය සේවකයන්හට ක‍්‍රියාත්මක වන දින 05 සතිය හෙද නිළධාරීන්හට ක‍්‍රියාත්මක නොකිරීම
7.    හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම
8.    අනතුරු දීමනාව, ශල්‍යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්‍ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම
ඇතුඵ ඉල්ලීම් 18 පිළිබදව නැවත සිහි කැදවමින් 2012.02.03 දින සෞඛ්‍ය ඇමති, ලේකම් හා අධ්‍යක්ෂ ජනරාල්ට නැවත ලිපි යවන ලදි.
උසස්වීම් ලබා දීමට හා I ශ්‍රේණියේ උසස් වීම පෙරදාතම කිරිම, රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබාදුන්නද අදාල චක‍්‍රලේඛ සෞඛ්‍ය ලේකම් විසින් මේ දක්වා නිකුත් කර නැත.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ශ‍්‍රි ලංකා ජාතික රෝහල, රාගම, මහරගම, රත්නපුර, කරාපිටිය, මහනුවර, හම්බන්තොට, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත‍්‍රිකුණාමලය, කල්මුනේ ඇතු`ඵ දිවයින පුරා ප‍්‍රධාන රෝහල් 50 ක පෙබරවාරී 09 බ‍්‍රහස්පතින්දා දින දහවල් 12.00 සිට 1.00 දක්වා නැවත පවත්වනු ඇත.

ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී පවත්වන ප‍්‍රධාන උද්ඝෝෂණය ආවරණය කිරීම සදහා ජනමාධ්‍යවේදීන් සහභාගී කරවන මෙන්ද ප‍්‍රාදේශීයව පවත්වනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරයන් ආවරණය කරන මෙන් ද කාරුණිකව ඉල්ලමි.

ස්තූතියි. 
සමන් රත්නප‍්‍රිය   
                            

Tuesday, January 31, 2012

අද (31) පැවැත්වු හෙද සේවා උද්ඝෝෂණයේ විශේෂ අවස්ථා කිහිපයක්



කොළඹදී පැවැති උද්ඝෝෂණය

කොළඹදී පැවැති උද්ඝෝෂණය

කොළඹදී පැවැති උද්ඝෝෂණය

කොළඹදී පැවැති උද්ඝෝෂණය


කොළඹදී පැවැති උද්ඝෝෂණය

කොළඹදී පැවැති උද්ඝෝෂණය

කොළඹදී පැවැති උද්ඝෝෂණය
අම්පාර පැවති උද්ඝෝෂණය
අම්පාර පැවති උද්ඝෝෂණය

මාතර පැවති උද්ඝෝෂණය

මාතර පැවති උද්ඝෝෂණය

පොළොන්නරුව පැවති උද්ඝෝෂණය

පොළොන්නරුව පැවති උද්ඝෝෂණය

1.    විශ්ව විද්‍යාලවලින් පිටවී ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බදවා නොගැනීම
2.    පැරණි ව්‍යවස්ථාවට අදාලව II A ශ්‍රේණියේ උසස් වීම් හා අධි ශ්‍රේණියේ උසස් වීම් හෙද නිළධාරීන්හට ලබා
3.    2011 වර්ෂය සදහා ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම හා ස්ථාන මාරු ලබා නොදීම
4.    නිල ඇදුම් දීමනාව 2012 මූල්‍ය තත්ත්වයන් වලට අදාලව යථාවත් නොකිරීම
5.    වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම
6.    රාජ්‍ය සේවකයන්හට ක‍්‍රියාත්මක වන දින 05 සතිය හෙද නිළධාරීන්හට ක‍්‍රියාත්මක නොකිරීම
7.    හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම
8.    හෙද ව්‍යවස්ථාවට අප සංගමය ඉදිරිපත් කල සංශෝධන ක‍්‍රියාත්මක නොකිරීම
9.    අනතුරු දීමනාව, ශල්‍යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්‍ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ශ‍්‍රි ලංකා ජාතික රෝහල, රාගම, මහරගම, රත්නපුර, කරාපිටිය, මහනුවර, අම්පාර, හම්බන්තොට, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත‍්‍රිකුණාමලය, කල්මුනේ ඇතුඵ දිවයින පුරා ප‍්‍රධාන රෝහල් 30 ක්  ඉදිරිපිට දී පැවැත්වීය.


ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය            

Paper Cut

Sunday, January 29, 2012

වෘත්තීය ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදුවන බව දැනුම් දීම

අප සංගමය හෙද සේවාවට බලපාන ප‍්‍රධාන ඉල්ලීම් 18 ක් පිළිබද සාකච්ඡ කිරීම සදහා කඩිනම් සාකච්ඡ අවස්ථාවක් ඉල්ලම් කලද, ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප‍්‍රතිචාරයක් අප වෙත නොලැබිම කණගාටුවට කරුණකි. එසේම මෙම කරුණු සාකච්ඡ මාර්ගයෙන් විසදාගැනීම සදහා අප සංගමය දෙසතියක කාලයක් එනම් 2012.01.30 දක්වා කාලය ලබා දී තිබීය දී මේ පිළිබද අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව නැවත වරක් ප‍්‍රකාශ කරමු.

ඒ අනුව මෙම ඉල්ලීම් පිළිබද සාධාරණ විසදුමක් ලබා ගැනීම සදහා අකමැත්තෙන් වුව ද වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඔබතුමාට දන්වන අතර, එහි මුල් ක‍්‍රියාමාර්ග 2012.01.31 දින දහවල් 12.00 ට කෑම පැයේ උද්ඝෝෂණයක් රෝහල් ඉදිරිපිට සිදු කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමු.   

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය    

විරෝධතා උද්ඝෝෂණය

හෙද සේවය       -     දිනෙන් දිනම
පිටුපස්සට          -     ඇදල දාන
ප‍්‍රතිගාමී              -     හොර සැලසුම්
උපන් ගෙයිම     -     වලදාන්න

හෙද සේවෙට     -    හිමි නිසි තැන
ටික ටික හරි       -    ලබා ගන්න
වාද භේද            -    අමතක කර
අපි හැමෝම      -    පෙරට ආවෙ

අප වනසන       -    අප රවටන
උත්සාහය          -    පරද්දලා
හෙද සේවය       -    දිනවන්නයි
එකා වගේ         -    පෙරට ආවෙ

නිල ඇඳුමේ     -    ඉන්වෙන්ටි‍්‍රයේ
ශල්‍ය ගාරෙ      -    හා අනතුරෙ
දීමනාව           -    අද කාලෙට
ගැලපෙන ලෙස    -    ලබා දියව්

අ`ඵත් මිනිට්     -    එක ඇවිදින්
වසර ගණන්     -    ගත වුණාට
උසස් වීම්          -    දෙනව තියා
ලකුණක්වත්     -    පේන්න නෑ

මෙච්චර කල්     -    ප‍්‍රමාද වුන
ටූ එ් වල          -    උසස් වීම්
පරණ මිනිට්      -     එකට අනුව
වසර පහෙන්     -     ලබා දියව්

ගිය වසරේ           -     නොපවත්වපු
ට‍්‍රාන්සර් බෝඞ්     -     මීටින් එක
පමා නොකර        -     පවත්වලා 
සුදුසු අයට            -     මාරු  දියව්

අධි සේවක       -     එක ශ්‍රේණියේ
වැටුප් තලය      -     උපය ගත්තු
සිය`ඵ දෙනා     -     නියමිත තැන
පරණ මිනිට්      -     අනුව තබව්

පී. එස්. එම්       -     එකේ අයට
නිකුත් කරපු     -     ආකාරෙට
මාණ්ඩලික       -     චක‍්‍රලේඛෙ
හෙද සේවෙට    -     නිකුත් කරව්

වසර ෙදාලහෙ     -     එක ශ්‍රේණිය
පෙරදාතම              -     අසු අටට
සිදු කරලා              -     හිඟ වැටුපත්
හෙද සේවෙට        -     ලබා දියව්

සරසවියෙන්     -     හෙද උපාධි
ලබා ගත්තු        -     සියඵ දෙනා
රජයේ හෙද      -     සේවාවට
පමා නොකර     -     බඳව ගනිව්

දැන් සේවයේ     -    ඉන්න අයගේ
 

උපාධියට        -    ගැලපෙන ලෙස
සේවාවට        -     සරිලන ලෙස
වර්ධකයන්     -     ලබා දියව්

හෙද සේවෙට         -     ලබා නොදි
වෙන අයහට          -     ලබා දුන්න
දුර ඇමතුම්             -     දීමනාව
ගැලපෙන ලෙස     -     ලබා දියව්

වාර්තාව          -     එළි දක්වපු
දවස් පහේ       -     සතිය දියව්
අපෙ සේවා     -     මුරය අනුව
අතිකාලය       -      ලබා දියව්

මිනිට් එකෙන්     -     අයින් කරපු
අපි පෙන්නපු      -     හොඳ දේවල්
ඇතුල් කරල       -     සංශෝධිත
මිනිට් එකක්        -     වහා හදව්

තුට්ටු දෙකේ     -     බේසික් එක
ඉක්මවන්න      -     මැරෙන තරම්
ලැජ්ජ නැතිව     -     එ සොච්චම
කපනා එක       -     නතර කරව්

නව පත්වීම්      -     උසස් වීම්
කුසලතාවෙ     -     පදනම මත
ලබා දෙන්න     -     එකඟ වෙච්ච
චක‍්‍රලේඛෙ      -     නිකුත් කරව්

පැය තිස්හයෙ        -     චක‍්‍රලේඛෙ
තියෙන ලෙසම     -     තිබිච්චාවේ
එ්කට බොරු      -     ලෙඩ දාන්න
ඇවිත් එපා           -     මට්ටු වෙන්න

පි‍්‍රින්සිපල්ට     -     ඩිරෙක්ටර්ට
සූපර් ගේ‍්‍රඞ්     -     එකේ අයට
තීරු බද්ද        -     අයින් කරපු
බලපත‍්‍රය         -     ලබා දියව්

සේවාවට            -     සෙත සදන්න
ජනතාවට           -     සුව ගෙනෙන්න
ෂෝටෙජ් එක     -     නැති කරන්න
සියේට තිහක්      -     පිරිමි ගන්න

හෙද සේවය     -     බිම දාන්න
දියත් කරන     -     කුමන්ත‍්‍රණේ
ආට් වලින්       -     බඳව ගන්න
නතර කරව්     -     කුමන්ත‍්‍රණේ

කථා බහට         -     සූදානම්
සංවාදෙට          -     සූදානම්
අපෙ ඉල්ලම්     -     නොදුන්නොතින්
අපි සටනට        -     සූදානම්

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය

Tuesday, January 24, 2012

හෙද සේවාවට බඳවා ගැනිමේ අධ්‍යාපන සුදුසුකම් පහත දමා කණ්ඩායමක් බදවා ගැනීම පිළිබදව දැඩි විරෝධය පලකිරීම

    උතුරු නැගෙනහිර හෙද සේවාවට බඳවා ගැනීම සඳහා දැනට පවතින අධ්‍යාපන සුදුසුකම් අඩුකර අ.පො.ස. උසස් පෙළ කලා හා වාණිජ අංශවලින් නව කණ්ඩායමක් සෞඛ්‍ය බලධාරීන් විසින් ජනවාරී 23 දින බදවා ගෙන ඇත.
   
    2010.11.01 දින සිට ක‍්‍රියාත්මක හෙද ව්‍යවස්ථාවේ 7.2.4. වගන්තිය අනුව හෙද සේවාව සඳහා බඳවා ගැනීමේ දී අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා, ගණිත හා කෘෂි විද්‍යා ධාරාවන්ගෙන් ’ අගය මත පමණක් බඳවා ගත යුතු බව පැහැදිලිව දක්වා ඇත. 2010 ට පෙරද හෙද සේවාවට බඳවා ගනු ලැබුවේ අ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් වන අතර, මෙසේ අධ්‍යාපන සුදුසුකම් අඩුකර බඳවා ගැනීම කිසිසේත් අනුමත කල නොහැක.
    මෙලෙස  බඳවා ගැනීම නිසා,
1.    ජාතිකව හා ජාත්‍යන්තරව හෙද සේවාවට පවතින වෘත්තීමය තත්ත්වය හෑල්ලූවට ලක් වීම
2.    හෙද අධ්‍යාපනය විද්‍යා විෂය මත පදනම් වුවක් බැවින් කලා හා වාණිජ අංශවලින් බඳවා ගන්නා ළමුන්හට හෙද පුහුණු විෂය නිර්දේශයේ විශයයන් ග‍්‍රහණය කරගත නොහැකිවීම
යන බරපතල ගැට`ඵ වලට හෙද සේවාවට මුහුණු දීමට සිදුවනු ඇත.

    අප දිගින් දිගටම ලිඛිතව හා වාචිකව මේ පිළිබඳව විරෝධය පලකර තිබීයදීත් මෙම තීරණය ක‍්‍රියාත්මක කිරීම බරපතල ගැටඵවකි.

     මෙම තීරණය ක‍්‍රියාත්මක නොකරන ලෙස බලකරමින් උතුරු නැගෙනහිර රෝහල් ඉදිරිපිට අප සංගමය දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කල අතර, 2011.09.23 දින මානව හිමිකම් කොමිෂන් සභාවේද නඩුකරයක් ගොනු කොට ඇත.

    මෙම තීරණයට එරෙහිව සතියක් තුළ විසදුමක් ලබා නොදුනහොත් රටපුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිදුවන බව සෞඛ්‍ය බළධාරීන්හට අවධාරණය කරන්නෙමු.


ස්තූතියි.                         
සමන් රත්නප‍්‍රිය