Monday, July 23, 2012


මගේ අංක ඃ- HSTUA 01/2012                                                                        2012/07/18

සෞඛ්‍ය ලේකම්,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
සුවසිරිපාය,
කොළඹ 10.

මහත්මයාණෙනි,

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පුරප්පාඩු පිරවීම සදහා 
කටයුතු කරන ලෙස ඉල්ලීම 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වර්තමානයේ කටයුතු කරන වෛද්‍ය අජිත් මෙණ්ඩිස් මහතා 2012.08.06 දින විශ‍්‍රාම යාමට නියමිතය. 

මෙම තනතුරේ ඇතිවන පුරප්පාඩුව සදහා මේ වන විට අයදුම්පත් කැදවා, අදාල ක‍්‍රියාවලිය සිදුකල යුතු වුවද, මේ දක්වා අයදුම්පත් නොකැදවීම පවතින රාජ්‍ය පරිපාලන නීති කඩකිරීමකි.

2011.11.16 දින නිකුත් කර ඇති රා. ප. ච. 24/2011 ට අනුව පුරප්පාඩු වන තනතුරක් සදහා පත්කිරීමට සුදුසු පුද්ගලයන් සිටින්නේ නම් ඒ ස`දහා පත්කල යුතු අතර, එසේ නොමැතිනම් ඉහළ නිලයන් අතර වැඩබෙදීමක් තුළින් අදාල තනතුරේ කාර්යයන් ඉටුකර ගැනීමේ ක‍්‍රමයක් ස්ථාපිත කරගත යුතුය.

උක්ත තනතුර සදහා සුදුසුකම් සැපිරූ නිළධාරීන් කිහිප දෙනෙකුට මේ වන විට සෞඛ්‍ය සේවාව තුළ සිටින හෙයින් මෙයට කලින් උක්ත තනතුර සදහා පත්කිරීමට ක‍්‍රියාත්මක කල පටිපාටිය අනුගමනය කරමින් මෙම තනතුර සදහා අයෙකු පත් කිරීමට අයදුම්පත් කැදවන ලෙස ඉල්ලමි.

එසේ සිදුකර ජනතාවට වඩාත් වැඩදායක ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් නිර්මාණය කිරිම සදහා සුදුසු අවංක අයෙකු පත්කිරීමට කඩිනමින් කටයුතු කරන මෙන් ද කාරුණිකව ඉල්ලමු.

ස්තූතියි.
මෙයට විශ්වාසි,
සමන් රත්නප‍්‍රිය සභාපති                      
                   

No comments:

Post a Comment