Monday, July 23, 2012

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ සෞඛ්‍ය සේවාවට හානිදායක වැඩපිළිවෙල පිළිබඳ කරුණු දැක්වීම


හිතවත් සහෝදරය/ සහෝදරිය,

සෞඛ්‍ය සේවාවේ වර්ධනය හීන කරන පහත සඳහන් බරපතල තත්ත්වයන් වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා විසින් සිය ධූර කාලය තුළ සිදු කර ඇත. රට තුළ ඖෂධ හිඟයක් නිර්මාණය කර එයින් ප‍්‍රයෝජන ගනිමින් හදිසි මිළදී ගැනීම් හරහා ඖෂධ වැඩි මිළට ගැනීම හා සෞඛ්‍ය සේවාවේ සිදුවන වංචා හා ¥ෂණ වලට වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වගකිව යුතු බවට චෝදනා නැගී ඇත. බිලියන ගණන් වලින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවන වංචා හා ¥ෂණ ජාතික අපරාධයක් ලෙස සැලකිය යුතු අතර, මෙම තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම සියලූ දෙනාගේම වගකීමකි.

වංචා ¥ෂණ වලට අදාල ගැටලූ -
1රට තුළ පවතින ඖෂධ හිඟයට වගකිව යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා බව, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා 2010.06.02  දින ජනාධිපතිතුමාට පැමිණිලි කර ඇති අතර, මේ දක්වා පරීක්ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල හෙළිදරව් කර නැත.
2සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අක‍්‍රමිකව වෛද්‍ය සැපයුම් මිළදී ගත් බව සඳහන්, ඔප්පු කල හැකි ලිපි ලේඛන සහිත වාර්තාවක් 2010.06.06 දින වෛද්‍ය සරත් වීරබණ්ඩාර විසින් ගරු ජනාධිපතිතුමාට යවා ඇත. පරීක්ෂණයේ වාර්තාව හෙළිදරව් කර නැත.
පහත සදහන් කරුණු වලට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වගකීම් පැහැර හැර ඇත -
32011 වර්ෂයේ දී ප‍්‍රාදේශීය මිළදී ගැනීම් හරහා අත්වැසුම්(Gloves)  ගෙන්වීමේ දී රු.බිලියන 1 ක් පමණ නාස්තියට හා ¥ෂණයට ලක් වූ අතර, ඒ පිළිබඳව කිසිඳු පරික්ෂණයක් සිදුකර නැත.
4ස්ටිකරයක් ඇලවූ හිලක් සහිත සේලයින් බට(I.V. Set) 160, 000 ක් රෝහල් වල රෝගීන් සඳහා 2011 වර්ෂයේ දී පාවිචිචි කල බව හෙළිදරව් විය. නමුත් පරීක්ෂණයක් අද දක්වා සිදුකර නැත.
5ජාතික රුධිර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාව ඇතුලූ කණ්ඩායමක් විසින් කල් ඉකුත්වු ප්ලස්මා පෙරණ කට්ටල රෝගීන් හා රුධිර පරීත්‍යාගශිලීන්ට භාවිතා කිරීම පිළිබඳ පැවැත්වු පරීක්ෂණයේ දී වගකිව යුතු අය චෝදනා ලබා වැරදිකරුවන් වී ඇත. ඔවුන්ට දක්‍ෂුවම් නොදි නිදහස් කර ඇත.
6සෞඛ්‍ය අමාත්‍යාංශයේ තැපැල් ශාඛාවේ සිදුවූ රු.ලක්ෂ 7 1/2 ක මූල්‍ය වංචාවට වගකිව යුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිදහස් කර විශ‍්‍රාම යවන ලදි.
72011 වර්ෂයේ මහරගම පිළිකා රෝහලේ සඟවා තිබියදී සොයාගත් කෝටි 25ක ඖෂධ වලට අදාල වගකිවයුත්තන්ට විරුද්ධව කටයුතු කර නැත.
8එසේම 2012 වර්ෂය සඳහා ප‍්‍රාදේශීය මිළදී ගැනීම් වලින් ඖෂධ මිළදී ගැනීමට රු.බිලියන 5ක් වෙන් කර දී ඇත. මෙය වංචා හා ¥ෂණයට උඩගෙඩි දීමකි. (ප‍්‍රාදේශීය මිළදී ගැනිම් යනු ටෙන්ඩර් මගින් ඖෂධ ගෙන්වීම ප‍්‍රමාද වන හදිසි අවස්ථාවක දී ඖෂධ ගෙන්වීමට වෙන්කරන මුදල්ය*
9ජාතික රුධිර මධ්‍යස්ථානයේ කල් ඉකුත්වූ ප්ලස්මා පෙරණ ඒකක භාවිතා කිරීමට අදාල වංචාව හෙළිදරව් කල බි. එම්. ඞී. පේ‍්‍රමජයන්ත යන සේවකයාගෙන් පලිගනිමින් ඔහු ස්ථාන 15 කට මාස 4 ක් තුළ ස්ථාන මාරු කරන ලදි.
10ලංකාව තුල ලියාපදිංචිය කර නැති ඖෂධ, නීත්‍යානූකූල නොවන ලෙස වෛද්‍ය සැපයුම් අංශයට මිළදී ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කටයුතු කර ඇත.
උදා ඃ- Cefuroxime Axetil  - 2010.10.01 දින

සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ සිදුවී ඇති හා සිදුවෙමින් පවතින මෙම වංචා හා ¥ෂණ නිසා සෞඛ්‍ය සේවාවට වෙන් කරන මහජන මුදල් (භාණ්ඩාගාර ප‍්‍රතිපාදන* විශාල ප‍්‍රමාණයක් විනාශ වන අතර, රටටත් ජනතාවටත් බරපතල හානියක් සිදුවන බව පැහැදිලිය.

එසේම කල්ඉකුත් වූ උපකරණ භාවිතා කිරීම හරහා රෝගීන් හා ජනයාට සිදු වී ඇති හානිය පිළිබ`ද ඔප්පු කිරීමට සාධක නොමැති වුවද සිදුවන්නට ඇති හානියට වගකිව යුත්තන් දඩුවම් ලැබීය යුතු නොවේ ද ? ජාතික ඖෂධ ප‍්‍රතිපත්යක් ස්ථාපනය කිරීමට විරුද්ධව කටයුතු කරන්නේ ද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වංචා හා ¥ෂණ වලට සම්බන්ධ කණ්ඩායම් බව පැහැදිලිය.

මෙම සියලූ කරුණු හා චෝදනා පිළිබ`ද අපක්ෂපාති විමර්ෂණයක් සිදු කර අදාල වගකිවයුතු සියල්ලන්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බව අවධාරණය කළ යුතුය.

ස්තූතියි.
මෙයට, විශ්වාසී,
සමන් රත්නප‍්‍රිය          
ප‍්‍රධාන ලේකම්      
(සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය*          

No comments:

Post a Comment