Monday, July 23, 2012

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වංචා ¥ෂණ වලට විරුද්ධව වෘත්තීය සමිති නායකයන් පස්සේ විමර්ශන ඒකකය පන්නයි



සෞඛ්‍ය සේවාව තුළ සිදුවී ඇති කෝටි ගණනන් වංචා ¥ෂණ අප සන්ධානය විසින් හෙළිදරව් කිරීම නිසා සන්ධානයේ වෘත්තීය සමිති වල නායකයන් පසුපස පැන්නීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකක කටයුතු කරමින් සිටි.

ඖෂධ හි`ගයට හා අක‍්‍රමිකව ඖෂධ මිළදී ගැනීම් වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වගකිව යුතු බවට එල්ල වී ඇති බරපතල චෝදනා පිළිබ`දව අප සන්ධානය හෙළිදරව් කිරිම නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සන්ධානයේ වෘත්තීය සමිති නායකයන්හට දුරකථනයෙන් කථා කරමින් බලපෑම් කරමින් බියවැද්දීම් කිරීමට පටන්ගෙන ඇත.

එල්ලවී ඇති ¥ෂණ චෝදනා වලට එළියට ඇවිත් පිළිතුරු නොදි මෙලෙස තම නිලයේ බලය අයුතු ලෙස යොදා ගනිමින් කටයුතු කිරීම බරපතල වැරැුද්දකි.

එසේම 2012.07.04 දින ¥ෂණ හා වංචා හෙළිදරව් කිරීමට අප මාධ්‍ය සාකච්ඡුාව පැවැත්වු දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය ශ‍්‍රී ලංකා ජාතික රෝහලට කඩාපැන ඇත. වෘත්තීය සමිති නායකයන් වැඩ කරන ඒකක වලට කඩාපැන අත්සන් කරන පොත් අත් අඩංගුවට ගෙන සමිති නායකයන්ගේ නම් කියමින් බියවද්දන්නට උත්සාහ දරා ඇත.

සෞඛ්‍ය සේවාව තුළ සිදුවු කෝටි ගණන් ¥ෂණ වංචා කිසිවක් හෙළිදරව් කරගන්නට අසමත්වූ හා විගණන වාර්තා වලින් වැරදිකරුවන් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කන් පසුව කල වැරදි පරීක්ෂණවලින් නිදොස් කොට නිදහස් කලේ ද මෙම අමාත්‍යාංශ විමර්ශන ඒකකයයි.

එවැනි ¥ෂිත ආකාරයකින් කටයුතු කල මෙම විමර්ශන ඒකකය තම ¥ෂණ වසා ගන්නට වෘත්තීය සමිති නායකයන් පස්සේ පන්නන්නට පටන් ගැනීම බරපතල වැරැුද්දකි.

මෙම මර්දනය වහා නතරකල යුතු බවත්, එසේ නොකරන්නේ නම් මෙම තත්ත්වය හෙළිදරව් කරමින් බරපතල වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගන්නට කටයුතු කරන බව සෞඛ්‍ය බළධාරීන්හට අවධාරණය කරන්නෙමු.


                   
සමන් රත්නප‍්‍රිය


No comments:

Post a Comment