Monday, July 23, 2012

භාවිතයෙන් ඉවත්කල ලිග්නොකේන් ජෙලි වර්ගය රෝහල්වල තවමත් භාවිතා කරයි


මගේ අංක ඃ- HSTUA 01/2012                                                       2012/07/20

ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ,
ප‍්‍රවෘත්ති කතෘ,
ප‍්‍රවෘත්ති සංස්කාරක,

මහත්මයාණෙනි/ මහත්මියනි,

සෞඛ්‍ය සේවාවේ රෝහල් වල භාවිතා කිරීම තහනම් කල ලිග්නොකේන් හයිඩ්‍රෝක්ලෝරයිඞ් (Lignocaine Hydrocloride) නමැති ජෙලි වර්ගය තහනම් කල පසුත්් රෝගීන්හට භාවිතා කරන බවට සාක්ෂි සහිතව තොරතුරු වාර්තා වී ඇත. 

ශල්‍යකර්ම (Surgery) වලදි, මුත‍්‍රා කැතීටර් දැමීම වැනි කරුණු වලදි ස්ථානීය නිර්වින්දනය ස`දහා භාවිතා කරන මෙම ජෙලි වර්ගය රෝගී සත්කාරයේ දී අත්‍යාවශ්‍යය. 

ඉන්දියාවේ Central Drugs and Pharmaceuticals නම් ආයතනයේ නිශ්පාදිත LQ නමැති මෙම ජෙලි වර්ගයේ ඛාණ්ඩ අංක 3 භාවිතයට නුසුදුසු බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2012 අපේ‍්‍රල් 09 දින භාවිතය තහනම් කර ඇත. නමුත් 2012.07.16 වන දින ද මහරගම පිළිකා රෝහල, කොළඹ ජාතික රෝහල හා මහනුවර ශික්ෂණ රෝහලේ මෙම ජෙලි වර්ගය භාවිතා කර ඇත. 

භාවිතයෙන් ඉවත්කල මෙම ජෙලි වර්ගය මේ දක්වා භාවිතා කිරීම තුළ හා පසුගිය කාලය තුළ සිදුවු ¥ෂණ, වංචා පිළිබදව සලකා බලන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනය බරපතල ¥ෂිත තත්ත්වයකට පත්වී ඇති බව පැහැදිලිය. 

රෝගීන්ට හානිදායක බැවින් භාවිතය තහනම් කල උක්ත ජෙලි වර්ගය රෝහල් වල භාවිතා කලේ කෙසේද ? එලෙස භාවිතා කිරීම තුළින් රෝගීන්ට සිදුවු හානිය පිළිබ`දවද විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය ¥ෂිත තත්ත්වයට පත්වි ඇති බැවින් හා ඒ පිළිබ`දව කිසි`දු විශ්වාසයක් තැබිය නොහැකි බැවින් මෙම විමර්ශනය ස`දහා අපක්ෂපාතීව කටයුතු කල හැකි කණ්ඩායමක් පත්කරන ලෙස ද කාරුණිකව ඉල්ලමි.


ස්තූතියි.
මෙයට විශ්වාසි,                      
සමන් රත්නප‍්‍රිය
සභාපති

No comments:

Post a Comment