Thursday, October 27, 2011

හෙද නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට පෙර නීතිපති අවසරය ලබා ගන්නා ලෙස ඉල්ලීම

ඔබගේ නියෝග පරිදි නිකුත් කළ චක‍්‍රලේඛයකින් ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෛද්‍යවරුන් සම්බන්ධ නීතිමය කටයුතු වලදී අත් අඩංගුවට ගැනීමට සිදු වන්නේ නම් ඒ සඳහා නීතිපති අවසරය අනිවාර්ය කොට ඇත. මේ පිළිබඳ සංගමයක් වශයෙන් සතුටුවන අතර, දැනට සෞඛ්‍ය සේවාවේ නිරත වන වෛද්‍ය සේවාව හැරුණු කොට ප‍්‍රමුඛතම වෘත්තීමය කණ්ඩායමක් වන හෙද සේවාව සඳහා එම නියෝග අදාල කර ගැනීමට උපදෙස් නිකුත් නොකිරීම කණගාටුවට කරුණකි.

වෘත්තීමය සේවාවක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති හෙද සේවාව ද වෘත්තීයට අදාලව ලබන පුහුණුවෙන් පසු  වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමෙන් අනතුරුව සේවයේ යෙදෙන අතර, හෙද වෘත්තීයේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් හෙද සේවාව වෙනුවෙන් ද, මෙලෙස චක‍්‍රලේඛයක් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව සේවාව නියෝජනය කරන ප‍්‍රමුඛ වෘත්තීය සංගමයක් ලෙස අප විශ්වාස කරන්නෙමු.

එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කොට හෙද සේවාව වෙනුවෙන් ද මෙවැනි චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඒ පිළිබඳ සාකච්ඡ කිරීමට කඩිනමින් සාකච්ඡ අවස්ථාවක් ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලමි.   
 
සමන් රත්නප‍්‍රිය           

හෙද නිළධාරීන්ගේ ඔක්තෝබර් මස වැටුපෙන් බදු අය කිරීමට කටයුතු කිරීම

ඔබ ආයතනයේ සේවය කරන විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් ඇතුඵ හෙද නිළධාරීන්ගෙන් ඔක්තෝබර් මස දළ වැටුප රු.50,000 ඉක්මවු විට බදු අය කිරීමට කටයුතු කර ඇති බව සංගමයට වාර්තා වේ.

නමුත් එලෙස රු.50, 000/- සීමාව ඉක්මවු වෛද්‍ය නිළධාරීන්ගෙන් බදු අය කර නොමැති අතර, එය එකම රෝහලක සේවය කරන කාර්ය මන්ඩල වලට දෙආකාරයකට සැලකීමකි.

මෙම බදු අය කිරීම මූලික වැටුප පමණක් සලකා කරන ලෙසට සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට හා භාණ්ඩාගාර ලේකම්ට කරුණු දක්වා ඇති අතර අවසන් විසදුමක් ලැබෙන තෙක් මෙලෙස බදු අය නොකිරිමට ද ඉල්ලා ඇත.

මුදල් අමාත්‍යාංශයේ චක‍්‍රලේඛයක් පදනම් කර ගනිමින් විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් ඇතුඵ හෙද නිළධාරීන්ගෙන් මෙලෙස බදු අය කිරීමට කටයුතු කිරීම පිළිබඳ එකගවිය නොහැකි අතර, සාකච්ඡ වලට අදාල අවසන් විසදුමක් ලැබෙන තෙක් බදු අය කිරීම තාවකාලිකව අත්හිටවන ලෙසත්, දැනට බදු වෙනුවෙන් අය කොට ඇති මුදල් නැවත ගෙවීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලමි.  
 
සමන් රත්නප‍්‍රිය           

2012 අයවැයෙන් රජයේ සේවකයන්හට ලබාදිය යුතු සහන පිළිබඳව රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනයේ යෝජනා

2011.10.27 දින පුංචි බොරැල්ල සෞඛ්‍ය සන්ධාන කාර්යාලයේ දී පවත්වන ලද ජනමාධ්‍ය සාකච්ඡවේ දී රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය 2012 අයවැය පිළිබදව පහත සදහන් යෝජනා ඉදිරිපත් කරන ලදී.
 
  • 2009 ජනාධිපතිවරණයේ දී වර්තමාන ජනාධිපති හා ආණ්ඩුව රජයේ සේවකයන්හට පොරොන්දු වූ රු.2500/- වැටුප් වැඩිවීම වහාම ලබාදීම 
  • ආණ්ඩුව මහින්ද චින්තන පළමු අයවැයෙන් ලබදුන් ජීවන වියදම් දීමනාවට අදාලව මේ වන විට රජයේ සේවකයන්හට ලැබිය යුතු හිඟ දීමනාව වන රු.3860/- වහාම ගෙවීම 
  • ඉහළ හා පහළ (කම්කරු හා ස්ථිර ලේකම්) අතර දැනට පවතින වැටුප් වර්ධක අනුපාතය වන 1 : 11.875 අඩු අගයකට ගෙනෙමින් 1 : 9.5 දක්වා අඩු වන පරිදි ඉහළම වැටුප් වර්ධකය වැඩි නොකර පහළම වැටුප් වර්ධකය රු.120 - රු.150 දක්වා වැඩිකර එයට සමානූපාතිකව මැද කණ්ඩායම් වල වැටුප් වර්ධක වැඩි කිරීම  
  • අග‍්‍රහාර රක්ෂණය මගින් රජයේ සේවකයන්හට විශ‍්‍රාම යන විට රු.100,000/- දීමනාවක් ලබාදීම 
  • ආපදා ණය හා දේපළ ණය සඳහා ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන වැඩි කිරීම හා ණය සහන මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම 
  • 06/2006 වැටුප් චක‍්‍රලේඛයේ විෂමතා ඉවත් කිරීම සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම 
  • ඉතුරුම් සඳහා බැංකු පොළි  අනුපාතය අඩුකල අකාරයටම නිවාස ණය සඳහා පොලි අනුපාතය 7% දක්වා අඩු කිරීම
  • අයවැයෙන් දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ වලට වෙන් කරන වාර්ෂික ප‍්‍රතිපාදන කප්පාදු නොකර ලබා දීම 
  • රාජ්‍ය සේවාව සඳහා ආරවුල් බේරුම් කිරීමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා අදාල ආයතන ස්ථාපිත කිරීමට මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම 
  • ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සම්මේලනයට රාජ්‍ය අංශයේ නියෝජිතයන් යැවීම සඳහා මුදල් ප‍්‍රතිපාදන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා වෙන් කිරීම
මෙම ජනමාධ්‍ය සාකච්ඡව සදහා පහත සදහන් වෘත්තීය සමිතිවල නායකත්වය සහභාගී විය.
 

සමන් රත්නප‍්‍රිය         - (ප‍්‍රධාන ලේකම් - රා.සේ.වෘ.ස.සම්මේලනය,     සභාපති - සෞ.සේ.වෘ.ස.සන්ධානය )
සම්පත් රාජිත         - (සම සභාපති - රා.සේ.වෘ.ස.සම්මේලනය,     කැදවුම්කරු  - දුම්රිය ඒකාබද්ධ පෙරමුණ)
ජෝසප් ස්ටාලීන්     - (ජාතික සංවිධායක - රා.සේ.වෘ.ස.සම්මේලනය,     සභාපති - ලංකා ගුරු සංගමය)
එම්.ඞී.ආර්. අතුල     - (භාණ්ඩාගාරික - රා.සේ.වෘ.ස.සම්මේලනය,     සභාපති - රජයේ මුද්‍රණ ශීල්පීන්ගේ සංගමය)
රණතුංග         - (නියෝජ්‍ය ලේකම් - තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය)
රාජා කන්නංගර     - (සභාපති  - දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ)
විජිත පේ‍්‍රමරත්න     - (ලේකම් - රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමණාකරන සහකාර නිළධාරීන්ගේ සංගමය)
සමන් පීරිස්         - (නියෝජ්‍ය ලේකම් - සමස්ථ ලංකා රාජ්‍ය කළමණාකරන සහකාර නිළධාරීන්ගේ සංගමය)
ජී.ඞී.කේ.ඞී. විජේසේකර     - (සභාපති – දුම්රිය මැදිරි පරීක්ෂකවරුන්ගේ සංගමය)

 
සමන් රත්නප‍්‍රිය

Friday, September 23, 2011

හෙද සේවාවට කලා හා වාණිජ අංශයෙන් හෙද කණ්ඩායමක් බඳවා ගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම 2011 සැප්තැම්බර් 23 සිකුරාදා පෙ. ව. 11.30 ට

අමාත්‍ය මණ්ඩලය 2010.10.10 දින අනුමත කල හෙද සේවා ව්‍යවස්ථාවට පටහැනිව කලා හා වාණිජ අංශවලින් හෙද පුහුණුවට කණ්ඩායමක් බඳවා ගැනීමට සෞඛ්‍ය බළධාරීන් කටයුතු කරමින් සිටි. 

හෙද සේවයට හෙද ව්‍යවස්ථාව අනුව බඳවාගත යුතු වන්නේ අ.පො.ස. උසස් පෙල විද්‍යා අංශයේ z අගය මත වන අතර, එසේ නොකර උක්ත තීරණය ක‍්‍රියාත්මක වුවහොත් හෙද සේවාවේ වෘත්තීමය තත්ත්වය බාල්දු වීම, ජාත්‍යන්තර පිළිගැනීම අඩුවීම හා හෙද සේවාවේ පැවැත්ම අභියෝගයන්ට ලක්වීම සිදුවනු ඇත. 

මෙම තත්ත්වයට එරෙහිව මෙම නීත්‍යානූකූල නොවන හා අසාධාරණ තීරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් 2011 සැප්තැම්බර් 23 සිකුරාදා පෙ.ව.11.30 ට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කරන ලදී. 












Monday, September 19, 2011

නායකත්ව පුහුණු දෙදින අධ්‍යාපනික වැඩමුලුව




රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ACILS ආයතනය සමග එක්ව උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන සංගමයේ සමාජික හෙද නිළධාරීන් වෙනුවෙනුවෙන් සංවිධාන කළ නායකත්ව පුහුණු දෙදින අධ්‍යාපනික වැඩමුලුව 2011-09-15/16 දෙදින කොළඹ ලංකා වතුසේවා නිළධාරීන්ගේ සංගම් ශ‍්‍රවණාගාරයේදී පැවැති අතර, එහිදි

1. ජුනි මස අවසානයේ ත‍්‍රිකුණාමලයේ පැවති වැඩමුලුව පිළිබද පසු විපරම
2. වෘත්තීය සමිති නායකයෙකු වශයෙන් භූමිකාව සකස්කර ගැනීම
3. ඉදිරි වැඩමුලු උතුරු හා නැගෙනහිර පළාත් වල සංවිධානය කිරීම යන අරමුණු වලට සාර්තකව ලගා වීමට හැකි වු අතර, මෙ සදහා උතුරු හා නැගෙනහිර පළාත් නියෝජන කරමින් සමාජික යන් 20 පමණ සහභාගි විය

විශේෂ නිවේදනයයි

2012 ජනවාරී 01 වන දින සිට බලාත්මක විය යුතු හෙද සේවයේ 2011 වසර සඳහා ස්ථාන මාරු අයදුම්පත්
2011.09.30 දිනට පෙර ආයතන ප‍්‍රධානියා හරහා
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන්න.
ඉන් පසුව
රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ
සාමාජිකයන් වු ඔබ ස්ථාන මාරු අයදුම්පතෙහි 

පිටපතක් හා අදාල තොරතුරු 
සංගමයට එවන්න


සම්බන්ධීකරණය

  • ජයන්ත විමලසිරි  – 0714941438
  • නන්දසේන – 071 4444461
  • උපාලි විජේකොන් – 0714428544
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය