Monday, January 23, 2012

Protest campaign(Picketing) -31. 01. 2012. In front of hospitals


Government Nursing Officers Association Demands for Protest campaign
Following demands were submitted on 17th January to Hon. Minister, Secretary of Health and Director General of Health Service.
1. Increase uniform allowance up to Rs. 15 000. 00
2.Update and increase Risk, Theater, Inventory allowances according to current value
3.Continue promotions as early method for II A, Supra numeric Gr. 01 until new service minute functioning.
4. Establish transfer board for 2011.
5.  Publish clarified staff grade circular for nursing service like para medical services
6. Backdate Gr. 01 promotion up to 01. 01. 1988 and urge arrears from 1988.
7.   Delay aspiration of BSc. Nursing graduates into nursing service and give incentives for nursing graduates.
8. Urge telephone allowance for  nursing service like medical services
9.  Proceed committee report of 05  day for a week for  nursing service
10.  Increase overtime rate up to 180/1
11.Include GNOA amendment for  nursing service minute
12.  Prohibit overtime and other incentive limitations 
13. Eradicate barriers to proceed Gen. Cir. No 02 – 19/2009
14.  Provide duty free permits for Special Grade Nursing Officers, Principals and, Nursing directors. 
15.Launch circulars on policy decisions, which was taken for consider merit when recruiting and promoting.


Tuesday, January 17, 2012

සේවා ගැටඵ වලට විසදුම් නොලැබිම නිසා වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට ප‍්‍රවිශ්ඨ වීමට සිදුවන බව දැනුම් දීම

පහත සදහන් සේවා ගැටඵ පිළිබදව වසර 2 ක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡ කලද කිසිදු ගැටඵවක් සදඟා නිශ්චිත විසදුම් මේ දක්වා ලබා නොදිම තුළ බරපතල අසාධාරණයක් හෙද සේවාවට සිදුවී ඇත. සාකච්ඡුා වලදි එකග වු කරුණු පවා ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා කටයුතු නොකිරීම ද ගැටඵ උත්සන්න කිරීමට හේතු වී ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පහත සදහන් සේවා ගැටඵ වලට කඩිනමින් විස`දුම් ලබා දෙන ලෙස කාරුණිව ඉල්ලමු.

1.    පැරණි ව්‍යවස්ථාවට අදාලව IIa  ශ්‍රේණියේ උසස් වීම් වසර 5 සම්පූර්ණ වු හෙද නිළධාරීන්හට ලබා නොදීම
2.    ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම
3.    අධිසේවක පදනම මත I ශ්‍රේණියේ උසස් වීම් පැරණි ව්‍යවස්ථාවට අනුව වැටුප් තලය රු.21640 සම්පූර්ණ කල හෙද නිළධාරීන්හට ලබා නොදීම
4.    පරිපූරක සේවාවට නිකුත් කල අකාරයට හෙද සේවාවේ මාණ්ඩලික ශ්‍රේණි නිශ්චය කල චක‍්‍රලේඛය නිකුත් නොකිරීම
5.    වසර 12 න් ලබාදුන් I ශ්‍රේණිය - 1988.01.01. දක්වා පෙරදාතම නොකිරීම හා හිග වැටුප් ලබා නොදීම
6.    නිල ඇදුම් දීමනාව 2012 ට යථාවත් කර රු.15,000/- ලෙස ලබා දීමට අදාල ක‍්‍රියාමාර්ග නොගැනීම
7.    හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බදවා නොගැනීම
8.    වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම
9.    උපයන විට අයකරන බදු වෛද්‍ය සේවාවෙන් අය නොකර හෙද නිළධාරීන්ගෙන් පමණක් අය කිරීම
10.    දින 05 සතිය හෙද නිළධාරීන්හට ක‍්‍රියාත්මක නොකිරීම
11.    හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම
12.    හෙද ව්‍යවස්ථාවට අප සංගමය ඉදිරිපත් කල සංශෝධන ක‍්‍රියාත්මක නොකිරීම
13.    මූලික වැටුප ඉක්මවා කරන අතිකාල හා වෙනත් සේවා දීමනා කප්පාදු කිරීම
14.    අනතුරු දීමනාව, ශල්‍යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්‍ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම
15.    නව පත්වීම්, හා උසස් වීම් කුසලතා පදනම මත ලබා දීමට ගෙන ඇති නිල ප‍්‍රතිපත්තිමය තීරණයට අදාලව චක‍්‍රලේඛයක් නිකුත් නොකිරීම
16.    සෞඛ්‍ය ලේකම් 2012.01.02 දින නිකුත් කල චක‍්‍රලේඛ ලිපි අංක 02/19/2009(01) තාවකාලිකව අවලංගු කර 01(11/162008) ලිපිය නිකුත් කිරීමේ දී පොදුවේ ක‍්‍රියාකල යුතු තත්ත්වයන් උල්ලංඝණය කිරීම
17.    පිරිමි හෙද නිළධාරීන්ගේ නිල ඇදුමට අදාලව නිකුත් කිරීමට එකග වු චක‍්‍රලේඛය නිකුත් නොකිරීම
18.    1 පියවර ලෙස හෙද විදුහල්පතිවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් හා හෙද අධ්‍යක්ෂවරුන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබා නොදීම
උක්ත සේවා ගැටඵ වලට දිය හැකි විසදුම් ලබාදීම දින 14 ක් තුළ ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට සිදුවන බව දන්වා සිටින අතර, ගැටඵ විසදීමට කඩිනමින් සාකච්ඡ කරන්නේ නම් ඒ සදහා අප සංගමය සූදානම්ව සිටින බවද කාරුණිකව දැනුම් දෙන්නෙමු. කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන්නෙමු.

ස්තූතියි.
මෙයට විශ්වාසී,
                       
සමන් රත්නප‍්‍රිය                          
සභාපති                                  

ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ග සැලසුම් කිරීම පියවර 1 - උද්ඝෝෂණය ජනවාරී 31 - රෝහල් ඉදිරිපිට දී

සේවාව මුහුණ පාන වර්තමාන අභියෝග වෙනුවෙන් පසුගිය වසරේ ප‍්‍රබල වෘත්තීය ක‍්‍රියාමාර්ග කිහිපයක් සංගමය ගනු ලැබු අතර, ඇතිවු යම් මර්දනකාරී තත්ත්වයන්ට සාර්ථකව මුහුණු දීම සඳහා උපක‍්‍රමයක් ලෙස කෙටි නිහැඩියාවක් අනුගමනය කරන්නට සිදුවිය.

කෙසේ නමුත් මේ වන විට දිගින් දිගටම සිදුවන අසාධාරණයන් හේතුවෙන් සේවාව මුහුණ දී ඇති බරපතල අනතුරුදායක තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට ක‍්‍රියාමාර්ග ගැනීමේ බරපතල වගකීමක් මේ වන විට සංගමය වෙත පැවරී ඇත.

ඒ අනුව 2012.01.17 දින රැස්වු සංගමයේ විධායක සභාව මෙයට අමුණා ඇති ලිපියේ සදහන් ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග වශයෙන් පහත සදහන් වෘත්තීය ක‍්‍රියාමාර්ග සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇත. ඒ අනුව පහත සදහන් උපදෙස් අනුගමනය කරමින් මෙම ක5ියාමාර්ග සාර්ථක කර ගැනීමට උපරිමව දායක වන මෙන් කාරුණිකව ඉල්ලමු.

1.    මේ සමග ඇති ඉල්ලීම් ඉදිරිපත් කල ලිපියේ පිටපත ඔබ ආයතනයේ දැන්වීම් පුවරුවල ප‍්‍රදර්ශනය කොටඒ පිළිබද සියඵ හෙද නිළධාරීන් දැනුවත් කරන්න
2.    ඔබගේ ශාඛාවේ රැස්වීමක් කඩිනමින් ජනවාරී 25 ට පෙර කැදවා ක‍්‍රියාමාර්ග සැලසුම් කිරීම පිලිබද සාකච්චා කරන්න
3.   මුල් විරෝධතාව ලෙස 2012.01.31 දහවල් 12 ට ඔබගේ රෝහල ඉදිරිපිට කෑම පැයේ උද්ඝෝෂණයක් සංවිධානය කරන්න
4.    ඊට පසු ක‍්‍රියාමාර්ග සාකච්ඡ කිරීම සදහා 2012.02.02 දින පෙ. ව. 9.00 ට කොළඹ දී නියෝජිත සමුඵවක් සංවිධානය කොට ඇත. ඒ සදහා සහභාගී විය යුතු බව අවධාරණය කරමු.
x    ශික්ෂණ සහ මහ රෝහලකින් නියෝජිතයන් 05 දෙනෙක් ද
x    මූලික රෝහලකින් නියෝජිතයන් 03 දෙනෙක් ද
x    දිසා රෝහල් හා අනෙකුත් රෝහල් වලින් නියෝජිතයන් 02 දෙනෙක් ද සහභාගී කිරීමට අවධානය යොමු කරන්න
5.    මීළග ක‍්‍රියාමාර්ගය ලෙස 2012.02.09 දින දහවල් 12 ට නැවත ඔබගේ රෝහල ඉදිරිපිට කෑම පැයේ උද්ඝෝෂණයක් සංවිධානය කරන්න
6.    2012.02.15 දින කොළඹ, අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණය සාර්ථක කර ගැනීම සදහා අදාල සාමාජිකයන් සහභාගී කරගැනීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

මෙම කටයුත්ත අත්‍යාවශය හදිසි කටයුත්තක් ලෙස සලකා ඉතා උද්යෝගයෙන් යුතුව ක‍්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට දායකත්වය දක්වන මෙන් ඉල්ලමු. මේ සදහා සහභාගී වන සියඵ හෙද නිළධාරීන්ගේ ආරක්ෂාව සහ වගකීම සංගමය විසින් දරණ බව සියඵ හෙද නිළධාරීන් දැනුවත් කරන මෙන් ඉල්ලමු.

ස්තූතියි                                                                                    
සමන් රත්නප‍්‍රිය                       
     

Tuesday, December 20, 2011

Curcular

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික පරිපාලනය පිළිබඳව ආණ්ඩුකාරවරයාගෙන් විධිමත් විමර්ෂණයක් ඉල්ලීම

    බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සිය පරිපාලන බලය අත්තනෝමතික ලෙස යොදවමින් හා පරිපාලන නීතිරීති වලට පිටින් ක‍්‍රියාකිරීම නිසා පළාත් සභා හෙද කාර්ය මණ්ඩලය බලවත් අසාධාරණයකට ලක්කර ඇත.
    මෙම අසාධාරණ හා පරිපාලන විරෝධී ක‍්‍රියාදාමයට සාධාරණ විසඳුමක් නොලැබීම නිසා පළාත් සභා සෞඛ්‍ය පරිපාලනය කෙරෙහි බලවත් අප‍්‍රසාදයක් ද කාර්ය මණ්ඩලය වෙතින් එල්ල වෙමින් තිබේ.
    පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් සිදුකර ඇති පහත සඳහන් පරිපාලන විරෝධි අත්තනෝමතික ක‍්‍රියාවන් පිළිබඳව සාධාරණ විධිමත් විමර්ෂණයක් පවත්වන මෙන් 2011.09.27 දින බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අප ඉල්ලා සිටියද, මේ දක්වා එවැනි පරීක්ෂණයක් පවත්වා නොමැත.

පරිපාලන විරෝධී ක‍්‍රියාවන්
1.    ජාත්‍යන්තර කම්කරු ප‍්‍රඥප්ති අංක 87 හා 98 ද 1935 වෘත්තීය සමිති ආඥ පනත ද උල්ලංඝණය කරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට සම්බන්ධ වු හෙද නිළධාරීන් ස්ථාන මාරු කිරීම
2.    2009.11.11 දින විනය පරීක්ෂණයක් පසුව පවත්වනවා යැයි කියමින් මීගමුව රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියක දිවුලපිටිය රෝහලට මාරු කිරීම හා මේ දක්වා විනය පරීක්ෂණයක් නොපැවැත්වීම
3.    2010.11.02 පළාත් සෞඛ්‍ය ඇමතිවරයා විසින් සේවක උපදේශක සභා පළාත් සභාව තුළ ස්ථාපිත කිරීමට ගත් තීරණය හිතාමතා ක‍්‍රියාත්මක නොකිරීම
4.    ගම්පහ රෝහලේ ෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියකට මීගමුව රෝහලට ලැබුණු විශේෂ ශ්‍රේණියේ උසස් වීම අවලංගු කර, හොරණ රෝහලට බලහත්කාරයෙන් මාරු කිරීම
5.    ආයතන සංග‍්‍රහය අනුව වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල පළාත් සභාව තුළ නොපැවැත්වීම
6.    20011.02.18 දින පශ්චාත් ප‍්‍රාථමික හෙද පුහුණුව හැදැරීමෙන් පසු පත්වීම් ලැබිය යුතුව තිබු හෙද සොහොයුරියන් 79 දෙනෙකුහට පළාත් අධ්‍යක්ෂකගේ අකාර්යක්ෂමතාවය නිසා උසස් වීම් මාස 6 කට ප‍්‍රමාද වීම
7.    එම නිළධාරීන් 79 දෙනාට උසස් වීම් දීමේ දී අනුගමනය කළයුතු ලකුණු ප‍්‍රමුඛතා ක‍්‍රමය :ඵැරසඑ කසිඑ* නොසලකා පලාත් අධ්‍යක්ෂකගේ හිතවතුන්හට පහසු සේවා ස්ථාන ලබා දීම
8.    2010.08.08 දින කොරියානු ශිෂ්‍යත්ව සඳහා අවිස්සාවේල්ල රෝහලින් සුදුසුකම් නොමැති හෙද නිලධාරීන් තෝරා යැවීම
9.    මීගමුව මූලික රෝහලේ විශේෂ ශ්‍රේණියට උසස්වීමක් නොලැබු ෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියකට නිල් පැහැති උසස් වීමට අදාල නිල ඇඳුම ඇඳ රාජකාරී කරන ලෙස වැරදි උපදෙස් ලබාදීම

මෙසේ දිගින් දිගටම පරිපාලන බලය අයුතු ලෙස යොදවමින්, අත්තනෝමතික ලෙස පරිපාලන නීති උල්ලංඝණය කරන පළාත් අධ්‍යක්ෂකවරයා පිළිබඳව විධිමත් විමර්ෂණයක් පවත්වන මෙන් ආණ්ඩුකාරවරයාගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

Curculars