වර්තමාන ආණ්ඩුව පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පතක් 2011 නොවැම්බර් 08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර, එය හදිසි පනතක් ලෙස විවාදයට ගෙන සම්මත කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇත. එයට අප සම්මේලනයේ බලවත් විරෝධතාවය ප‍්‍රකාශ කරන්නෙමු.
හදිසි පනත් ඉදිරිපත් කල හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව, ජාතික අවශ්‍යතාවයක් ඇති හදිසි අවස්ථාවල පමණක් වන අතර, එවැනි හදිසි ආපදාවක් හෝ වෙනත් හදිසි තත්ත්වයක් රටේ උද්ගත වී නැත.
එසේම මේ පිළිබඳව මහජනයා අතර සාකච්ඡුාවක් ඇති වීමට ඉඩ නොදීි කඩිමුඩියේ සම්මත කර රජයට පවරා ගැනීමට යාම තුළ ආණ්ඩුව මෙය සද්භාවයෙන් ඉදිරිපත් නොකරන එකක් බව පැහැදිලි වේ.
මෙම පනත හරහා යම් දේපළක් රජයට පවරා ගතහොත් එයට අභියෝග කිරීමට හෝ සාධාරණ වන්දියක් ඉල්ලා අධිකරණයට යැමේ බලය ද දේපළ අයිතිකරුට අහිමි කර ඇත.
එසේම පනත අනුව මූලිකව රජයට පවරා ගැනිමට ලැයිස්තු ගතකර ඇති ආයතන 36 තුළ ලාභ ලබන සෙවනගල හා පැල්වත්ත සීනි සමාගම් හා ලංකා ට‍්‍රැක්ටර්ස් සමාගම ඇතුලත් කර තිබීම පනතේ නීතිමය ප‍්‍රතිපාදන වලට පටහැනිය. නමුත් පාඩුපිට යන හි`ගුරාන සීනි කර්මාන්ත ශාලාව ලේඛනයට ඇතුත් කර නැත.
ආණ්ඩු වලට ව්‍යාපාර සාර්ථකව ක‍්‍රියාත්මක කල නොහැකි බව ඉතිහාසයේ දී ඔප්පු වී ඇත. වසර කිහිපයකට පෙර ලාභ ලබන වතු ද රජයට පවරා ගත් ආණ්ඩුව ඒවා බංකොලොත් වීම නිසා පසුව නැවත පුද්ගලික අංශයට විකුණන ලදි. එසේම රජයට පවරාගත් ෂෙල් සමාගම ද විකුණා දැමීමට ආණ්ඩුව කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කිරීමෙන් පෙනීයන්නේ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි බවය.
එසේම රජයට අයත් රාජ්‍ය ආයතන 26 ක 2010 දී පාඩුව රු. කෝටී 1100 කි. ඛණිජතෙල්, වරාය, විදුලිය, ජනතා සන්තක ප‍්‍රවාහන සේවය හා මිහින් ලංකා වැනි රජයේ ආයතන පාඩු පිට යන අතර ඒවා ලාභ ලැබීමට හැකි තත්ත්වයකට පත් කිරීමට රජයට නොහැකි වී ඇත.
එසේම මෙවැනි පනතක් සම්මත කිරීම හරහා දේශීය හා විදේශීය ආයෝජකයන් රට තුළ ආයෝජනය කිරීම දුර්වල කරන අතර එය රටේ සංවර්ධනයට බාධාවක් වනු ඇත.
එසේම පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමෙන් එම ආයතන වල සේවක සුභ සාධනය ඉහළ දැමීමට හැකි බව ආණ්ඩුව ප‍්‍රකාශ කලද, දැනට රජය යටතේ ඇති පාඩු ලබන ආයතන තත්ත්වයට මෙම ආයතන ද වැටුණු පසු වැටුපවත් ලබා ගැනීමට එම සේවකයන්ට නොහැකි වනු ඇත.
මෙම තත්ත්වයන් හමුවේ මෙවැනි පනතක් මේ මොහොතේ ගෙන ඒමට කිසි`දු සාධාරණ හේතුවක් නොමැති බවත් මේ හරහා රට ආපස්සට ඇද දමන බවත් පැහැදිලිය.
එබැවින් මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නොගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකර කියා සිටින්නෙමු.
Monday, November 14, 2011
Wednesday, November 9, 2011
අයවැයෙන් වැටුප් වැඩි කරනු - රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ උද්ඝෝෂණය නොවැම්බර් 09 බදාදා දවල් 12.00 ට ලිප්ටන් වටරවුමේ දී
2012 ඉදිරිපත් කිරීමට යෝජිත අයවැයෙන් පහත සදහන් වැටුප් වැඩි කිරීම හා වැඩ කරන පංතියට සහ ජනතාවට වහාම සහන ලබා දෙන ලෙස බලකරමින් 2011 නොවැම්බර් 09 දහවල් 12.00 ට කොළඹ ලිප්ටන් වටරවුමේ දී පවත්වනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරයේ දී රජයට ඉදිරිපත් කරන ඉල්ලිම් පහත පරිදිය.
x ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවට පොරොන්දු වූ රු.2,500 /-ක වැටුප් වැඞී වීම ලබා දීම
x ජීවන වියදම් දර්ශකයේ වැඩිවීම අනුව රු.2.50/- බැගින් ජීවනාංකයකට ගෙවන බවට වූ පොරොන්දුව අනුව මේ වන විට පවතින හි`ග රු.3,860/-ක ජීවන වියදම් දීමනාව ලබාදීම
x ඉහළ හා පහළ (කම්කරු හා ස්ථිර ලේකම්) අතර දැනට පවතින වැටුප් වර්ධක අනුපාතය වන 1: 11.875 අඩු අගයකට ගෙනෙමින් 1: 9.5 දක්වා අඩු වන පරිදි ඉහළම වැටුප් වර්ධකය වැඩි නොකර දැනට ගෙවන පහළම වැටුප් වර්ධකය රු.120 සිට රු.150 දක්වා වැඩිකර එයට සමානූපාතිකව මැද කණ්ඩායම් වල වැටුප් වර්ධක වැඩි කිරීම
x අග‍්‍රහාර රක්ෂණය මගින් රජයේ සේවකයන්හට විශ‍්‍රාම යන විට රු.100,000/- දීමනාවක් ලබාදීම
x ආපදා ණය හා දේපල ණය සඳහා ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන වැඩි කිරීම හා ණය සහන මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම
x ඉතුරුම් සඳහා බැංකු පොළි අනුපාතය අඩුකල ආකාරයටම දේපල ණය සඳහා පොලි අනුපාතය 4% දක්වා අඩු කිරීම
x 06/2006 වැටුප් චක‍්‍රලේඛයේ විෂමතා ඉවත් කිරීම සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම
x අයවැයෙන් දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ වලට වෙන් කරන වාර්ෂික ප‍්‍රතිපාදන කප්පාදු නොකර ලබා දීම
x රාජ්‍ය සේවාව සඳහා ආරවුල් බේරුම් කිරීමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා අදාල ආයතන ස්ථාපිත කිරීමට මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම
x ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සම්මේලනයට රාජ්‍ය අංශයේ නියෝජිතයන් යැවීම සඳහා මුදල් ප‍්‍රතිපාදන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා වෙන් කිරීම
x අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා අයකරන බදු ඉවත්කර ජනතාවට සහන සැලසීම
x රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිත්‍ය සේවාවන් වලට මානව සම්පත් ආයතන වලින් කොන්ත‍්‍රාත් පදනම මත සේවකයන් බඳවා ගැනීම නතර කිරීම
x අර්ධ රාජ්‍ය අංශය සඳහා රජයේ අනුමත නියමිත ජීවන වියදම් දීමනාව ගෙවීම
x රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට අදාල උපයන විට අයකරන බද්ද අහෝසි කිරීම
x ජලය, විදුලිය හා බස් ගාස්තු වැනි අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සඳහා අයකරන බදු අඩු කිරීම
x සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශයට පත්කල පවුල් ඒකකයක වියදම වන රු.42,476/- ක මුදල අවම වැටුප් ලෙස ලබාදීම සඳහා වැඩ පිළිවෙලක් අයවැය මගින් ඉදිරිපත් කිරීම
මෙම උද්ඝෝෂණය සදහා පහත සදහන් ප‍්‍රධාන වෘත්තිය සමිති හා සම්මේලන සහභාගී විය.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
දුම්රිය සේවා වෘත්තීය ඒකාබද්ධ පෙරමුණ
රා. ප. රාජ්‍ය කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සංගමය
ස. පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සංගමය
ස්වාධීන වරාය සේවක සංගමය
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය
අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ
සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය
ලංකා බැංකු සේවක සංගමය
තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය
ලංකා ගුරු සංගමය
රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
තොරතුරු හා විදුලි සංදේශ සියඵ සේවක සංගමය
රක්ෂණ සේවක සංගමය
ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සංගමය
දුම්රිය එන්ජින් රියදුරු (ෂන්ටින් සේවය) සංගමය
Monday, November 7, 2011
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කල අධ්‍යාපන වැඩමුඵවක්
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කල අධ්‍යාපන වැඩමුඵවක් 2011.11.04 දින වවුනියාව මූලික රෝහලේ දී පවත්වන ලදි. එහිදි වෘත්තීය සමිතිවාදය පිළිබඳව සභාපති සමන් රත්නප‍්‍රිය සහෝදරයා ද, හෙද ව්‍යවස්ථාව පිළිබඳව ලෙකම් නාලක හෙට්ටිආරච්චි සහෝදරයා ද, මූල්‍ය රෙගුලාසි පිළිබඳව රෝහලේ ගණකාධිකාරී මහතාද දේශනා පවත්වන ලදි.
මේ සඳහා වවුනියාව හා මන්නාරම දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් හෙද නිළධාරීන් සහභාගී විය.
එහි අවස්ථා කිහිපයක්
මේ සඳහා වවුනියාව හා මන්නාරම දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් හෙද නිළධාරීන් සහභාගී විය.
එහි අවස්ථා කිහිපයක්
Thursday, October 27, 2011
හෙද නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට පෙර නීතිපති අවසරය ලබා ගන්නා ලෙස ඉල්ලීම
ඔබගේ නියෝග පරිදි නිකුත් කළ චක‍්‍රලේඛයකින් ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෛද්‍යවරුන් සම්බන්ධ නීතිමය කටයුතු වලදී අත් අඩංගුවට ගැනීමට සිදු වන්නේ නම් ඒ සඳහා නීතිපති අවසරය අනිවාර්ය කොට ඇත. මේ පිළිබඳ සංගමයක් වශයෙන් සතුටුවන අතර, දැනට සෞඛ්‍ය සේවාවේ නිරත වන වෛද්‍ය සේවාව හැරුණු කොට ප‍්‍රමුඛතම වෘත්තීමය කණ්ඩායමක් වන හෙද සේවාව සඳහා එම නියෝග අදාල කර ගැනීමට උපදෙස් නිකුත් නොකිරීම කණගාටුවට කරුණකි.
වෘත්තීමය සේවාවක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති හෙද සේවාව ද වෘත්තීයට අදාලව ලබන පුහුණුවෙන් පසු වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමෙන් අනතුරුව සේවයේ යෙදෙන අතර, හෙද වෘත්තීයේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් හෙද සේවාව වෙනුවෙන් ද, මෙලෙස චක‍්‍රලේඛයක් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව සේවාව නියෝජනය කරන ප‍්‍රමුඛ වෘත්තීය සංගමයක් ලෙස අප විශ්වාස කරන්නෙමු.
එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කොට හෙද සේවාව වෙනුවෙන් ද මෙවැනි චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඒ පිළිබඳ සාකච්ඡ කිරීමට කඩිනමින් සාකච්ඡ අවස්ථාවක් ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලමි.

සමන් රත්නප‍්‍රිය
හෙද නිළධාරීන්ගේ ඔක්තෝබර් මස වැටුපෙන් බදු අය කිරීමට කටයුතු කිරීම
ඔබ ආයතනයේ සේවය කරන විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් ඇතුඵ හෙද නිළධාරීන්ගෙන් ඔක්තෝබර් මස දළ වැටුප රු.50,000 ඉක්මවු විට බදු අය කිරීමට කටයුතු කර ඇති බව සංගමයට වාර්තා වේ.
නමුත් එලෙස රු.50, 000/- සීමාව ඉක්මවු වෛද්‍ය නිළධාරීන්ගෙන් බදු අය කර නොමැති අතර, එය එකම රෝහලක සේවය කරන කාර්ය මන්ඩල වලට දෙආකාරයකට සැලකීමකි.
මෙම බදු අය කිරීම මූලික වැටුප පමණක් සලකා කරන ලෙසට සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට හා භාණ්ඩාගාර ලේකම්ට කරුණු දක්වා ඇති අතර අවසන් විසදුමක් ලැබෙන තෙක් මෙලෙස බදු අය නොකිරිමට ද ඉල්ලා ඇත.
මුදල් අමාත්‍යාංශයේ චක‍්‍රලේඛයක් පදනම් කර ගනිමින් විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් ඇතුඵ හෙද නිළධාරීන්ගෙන් මෙලෙස බදු අය කිරීමට කටයුතු කිරීම පිළිබඳ එකගවිය නොහැකි අතර, සාකච්ඡ වලට අදාල අවසන් විසදුමක් ලැබෙන තෙක් බදු අය කිරීම තාවකාලිකව අත්හිටවන ලෙසත්, දැනට බදු වෙනුවෙන් අය කොට ඇති මුදල් නැවත ගෙවීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලමි.

2012 අයවැයෙන් රජයේ සේවකයන්හට ලබාදිය යුතු සහන පිළිබඳව රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනයේ යෝජනා
2011.10.27 දින පුංචි බොරැල්ල සෞඛ්‍ය සන්ධාන කාර්යාලයේ දී පවත්වන ලද ජනමාධ්‍ය සාකච්ඡවේ දී රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය 2012 අයවැය පිළිබදව පහත සදහන් යෝජනා ඉදිරිපත් කරන ලදී.
- 2009 ජනාධිපතිවරණයේ දී වර්තමාන ජනාධිපති හා ආණ්ඩුව රජයේ සේවකයන්හට පොරොන්දු වූ රු.2500/- වැටුප් වැඩිවීම වහාම ලබාදීම
- ආණ්ඩුව මහින්ද චින්තන පළමු අයවැයෙන් ලබදුන් ජීවන වියදම් දීමනාවට අදාලව මේ වන විට රජයේ සේවකයන්හට ලැබිය යුතු හිඟ දීමනාව වන රු.3860/- වහාම ගෙවීම
- ඉහළ හා පහළ (කම්කරු හා ස්ථිර ලේකම්) අතර දැනට පවතින වැටුප් වර්ධක අනුපාතය වන 1 : 11.875 අඩු අගයකට ගෙනෙමින් 1 : 9.5 දක්වා අඩු වන පරිදි ඉහළම වැටුප් වර්ධකය වැඩි නොකර පහළම වැටුප් වර්ධකය රු.120 - රු.150 දක්වා වැඩිකර එයට සමානූපාතිකව මැද කණ්ඩායම් වල වැටුප් වර්ධක වැඩි කිරීම
- අග‍්‍රහාර රක්ෂණය මගින් රජයේ සේවකයන්හට විශ‍්‍රාම යන විට රු.100,000/- දීමනාවක් ලබාදීම
- ආපදා ණය හා දේපළ ණය සඳහා ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන වැඩි කිරීම හා ණය සහන මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම
- 06/2006 වැටුප් චක‍්‍රලේඛයේ විෂමතා ඉවත් කිරීම සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම
- ඉතුරුම් සඳහා බැංකු පොළි අනුපාතය අඩුකල අකාරයටම නිවාස ණය සඳහා පොලි අනුපාතය 7% දක්වා අඩු කිරීම
- අයවැයෙන් දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ වලට වෙන් කරන වාර්ෂික ප‍්‍රතිපාදන කප්පාදු නොකර ලබා දීම
- රාජ්‍ය සේවාව සඳහා ආරවුල් බේරුම් කිරීමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා අදාල ආයතන ස්ථාපිත කිරීමට මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම
- ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සම්මේලනයට රාජ්‍ය අංශයේ නියෝජිතයන් යැවීම සඳහා මුදල් ප‍්‍රතිපාදන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා වෙන් කිරීම
මෙම ජනමාධ්‍ය සාකච්ඡව සදහා පහත සදහන් වෘත්තීය සමිතිවල නායකත්වය සහභාගී විය.
සමන් රත්නප‍්‍රිය - (ප‍්‍රධාන ලේකම් - රා.සේ.වෘ.ස.සම්මේලනය, සභාපති - සෞ.සේ.වෘ.ස.සන්ධානය )
සම්පත් රාජිත - (සම සභාපති - රා.සේ.වෘ.ස.සම්මේලනය, කැදවුම්කරු - දුම්රිය ඒකාබද්ධ පෙරමුණ)
ජෝසප් ස්ටාලීන් - (ජාතික සංවිධායක - රා.සේ.වෘ.ස.සම්මේලනය, සභාපති - ලංකා ගුරු සංගමය)
එම්.ඞී.ආර්. අතුල - (භාණ්ඩාගාරික - රා.සේ.වෘ.ස.සම්මේලනය, සභාපති - රජයේ මුද්‍රණ ශීල්පීන්ගේ සංගමය)
රණතුංග - (නියෝජ්‍ය ලේකම් - තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය)
රාජා කන්නංගර - (සභාපති - දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ)
විජිත පේ‍්‍රමරත්න - (ලේකම් - රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමණාකරන සහකාර නිළධාරීන්ගේ සංගමය)
සමන් පීරිස් - (නියෝජ්‍ය ලේකම් - සමස්ථ ලංකා රාජ්‍ය කළමණාකරන සහකාර නිළධාරීන්ගේ සංගමය)
ජී.ඞී.කේ.ඞී. විජේසේකර - (සභාපති – දුම්රිය මැදිරි පරීක්ෂකවරුන්ගේ සංගමය)

Subscribe to:
Posts (Atom)