ස්ථාන මාරු මණ්ඩලයෙන් වසර 4 ට වැඩි සියලු හෙද
නිළධාරින්ට ස්ථාන මාරුවීම්
2015.11. 11 දින සහ 2015.11.17 දින පැවැත්වූ හෙද සේවා ස්ථාන මාරු මණ්ඩලයේ දී පහත සඳහන් තීරණ
ගන්නා ලදී.
1. වසර
4 සම්පූර්ණ කළ සියලු හෙද නිළධාරින්හට ස්ථාන මාරු දීමට (623 දෙනෙකුට
පමණ)
අංගොඩ, මහරගම, අයි.ඩී.එච්. හා වැලිසර රෝහල්වල වසර 02 සපිරූ හෙද නිළධාරින් හට ස්ථාන
මාරු ලබාදීමට.
2. කුරුණෑගල, දන්තායනය, කඳාන, කෑගල්ල,
සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල,
ගම්පොල, සබරගමු පළාත, අලුත්ගම යන
ස්ථානවල පුරප්පාඩු නැති නිසා ස්ථාන මාරු
නොදීමට.
3. බස්නාහිර පළාතේ ඇති පුරප්පාඩු 162 සඳහා
2013 හා 2014 ස්ථාන මාරු නියෝවලින් ජ්‍යෙෂ්ඨතා
අනුපිළිවෙල අනුව මුදා හැරීමට.
4. සබරගමුව පළාත තුළ පුරප්පාඩු නොමැති වුවද
ඇඹිලිපිටිය රෝහලේ පවතින උග්‍ර හෙද හිඟය
නිසා ඇඹිලිපිටිය රෝහලට ඉල්ලා ඇති හෙද
නිළධාරින් හට පමණක් ස්ථාන මාරු ලබා දීමට.
5. ජයවර්ධනපුර හා විජය කුමාරතුංග රෝහල්වල ජ්‍යෙෂ්ඨ
හෙද නිළධාරින්ට ද ස්ථාන මාරු
ලබාදීමට.
සභාපති - සමන් රත්නප්‍රිය
No comments:
Post a Comment