Monday, October 26, 2015

PBS සියළු සිසුන්ට පුහුණුව නොවැම්බර් මස සිට, විභාගය එකම දිනයක

2015 මැයි මස ඇරඹි PBS පුහුණුවේ සූතිකා හා මානසික හෙද පුහුණුව හදාරන සිසුන්ට එම පුහුණුව අවසන් වීමෙන් පසු කළමනාකරණ හා අධීක්ෂණ පුහුණුව 2015 නොවැ. මස දී ආරම්භ කිරීම‍ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමඟ සංගමයේ නිළධාරින් කළ සාකච්ඡාවේ දී  තීරණය විය.

ඒ අනුව
1. කාසල් විදියේ කාන්තා රෝහල් දේශන ශාලාව, ආර්ථික  සංවර්ධන අමාත්‍යංශයේ දේශන ශාලාව හා පශ්චාත් ප්‍රාථමික        හෙද විදුහලේ දේශන ශාලාවන්හි පුහුණුව පැවැත්වේ.

2.   රෝහල් සේවා කළමනාකරණ පුහුණුව සම්පූර්ණයෙන් අවසන්      වූ පසු සියළුම දෙනාට එකවර විභාගය පැවැත්වේ.

3. දැනට රෝහල් සේවා කළමනාකරණ පුහුණුව හදාරන  කණ්ඩායමට දෙසතියක පුනරීක්ෂණ පාඨමාලාවක් විභාගය      ආසන්නයේ දී පැවැත්වේ.


No comments:

Post a Comment