Wednesday, May 30, 2012

දීමනා ඇතුඵ අනිකුත් අසාධාරණයන්ට විසදුම් ලබා දීම ප‍්‍රමාද වීමට එරෙහි ඒකාබද්ධ උද්ඝෝෂණය සාර්ථකයි

ඉදිරි සති දෙක තුළ යහපත් ප‍්‍රතිචාර නොමැති නම් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග
සෞඛ්‍ය සේවාව තුළ හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය ආදී 40000කට අධික සාමාජිකත්වයක් නියෝජනය වන වෘත්තික කණ්ඩායම් නොසලකා හරිමින් වෛද්‍ය සේවාව ස`දහා පමණක් දීමනා වැඩි කිරීමට හා අනිකුත් පොදු අසාධාරණයන් නිවැරදි කර ගැනීම වෙනුවෙන් අප වෘත්තීය සමිති විසින් කරන ලද පහත දක්වන ඉල්ලීම් සඳහා මෙතෙක් විස`දුම් ලබාදීම සෞඛ්‍ය බළධාරීන් ඇතු`ඵ අනෙකුත් වගකිවයුතු අංශ ප‍්‍රමාද කරමින් සිටී. 

ඊට එරෙහිව එම වෘත්තිකයන් නියෝජනය කරන සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධ වු අප සංගම් විසින් සිදු කරනු ලැබු පළමු වෘත්තීය ක‍්‍රියාමාර්ගය 2012 මැයි මස 29 අ`ගහරුවාදා, එනම් අද දින දහවල් 12ට ඒකාබද්ධ විරෝධතා උද්ඝෝෂණයක් ලෙස කොළඹ 10, ඞීන්ස් පාර, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී සාර්ථකව පවත්වන ලදි.

ඒ අනුව,
1හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තිකයන්ට ‘රාජකාරී බාධා, අනතුරු හා ප‍්‍රවාහන දීමනා’ ලෙස මාසිකව රු. 5000/- ක දීමනාවක් ලබා දීම
2මෙම සිය`ඵ වෘත්තිකයන්ට සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් නිවැරදි කිරීම වෙනුවෙන් මාසිකව රු.4,000/- ක උපරිම සීමාවකට යටත් දීමනාවක් ලබා දීම
3හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය ආදී වෘත්තීමය සේවාවන් සඳහා ද පැයකට මූලික වැටුපෙන් 1/90 ක අතිකාල දීමනාවක් ලබා දීම
4රා.ප.ච. 07/2008 ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් අප වෘත්තීන්ට ඇති වූ වැටුප් විෂමතා නිවැරදි කිරීම
5අප වෘත්තීන්ට අභ්‍යාසලාභීන් බඳවා ගැනීම, පළාත් සභාවන්ට පැවරීමට ගන්නා උත්සාහය අවලංගු කිරීම
                      යන ඉල්ලීම් වෙනුවෙන් කඩිනම් විස`දුම් ලබාදෙන ලෙස බලකරමින් සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් උක්ත උද්ඝෝෂණයට අප වෘත්තීන් නියෝජනය කරන්නාවු විශාල සාමාජික පිරිසක් සහභාගි වන ලදි.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැයකට අධික කාලයක් පැවති එම විරෝධතා උද්ඝෝෂණය අවසානයේ සිය සාමාජිකයන් ඇමතු රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා එ්කබද්ධ බලමණ්ඩලය හා අතුරු වෛද්‍ය සේවා එ්කාබද්ධ පෙරමුණ නියෝජනය කල වෘත්තීය සමිති නායකයන් ප‍්‍රකාශ කලේ, සෞඛ්‍ය බළධාරීන් සාකච්ඡුාවක් හෝ ලබා නොදී තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීම දිගින් දිගටම ප‍්‍රමාද කරමින් සිටින බවය.

ඊට එරෙහිව සිදු කල මෙම උද්ඝෝෂණයෙන් පසුව හෝ එම තත්ත්වය වෙනස් වනු ඇතැයි ද, තම ඉල්ලිම් සඳහා මැදිහත් විය යුතු භාණ්ඩාගාරය, ජාතික වැටුප් කොමිසම හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යන පාර්ශ්වයන්ගේ ප‍්‍රතිචාරයන් ද පෙරට වඩා යහපත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් ප‍්‍රකාශ කරන ලදි.
කෙසේ වුව ද රෝගී සත්කාර සේවාව හා රෝග නිවාරණ සේවාව පරිපූර්ණ කර ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය සේවාව තුළ විශාල කාර්යාභාරයක් ඉටු කරන්නාවු මෙම වෘත්තීන්හී පොදු ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් සිදුකල මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය සඳහා ද ඉදිරි සති දෙක තුළ යහපත් ප‍්‍රතිචාර නොමැති නම්, මීට වඩා දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ඉදිරියේ් දී සංවිධානය කිරීමට කටයුතු කරන බව ද එහිදී රෝගී ජනතාවට සිදු වන හානීය පිළිබඳ වගකීම එම බළධාරීන්් භාරගත යුතු බව ද රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා මෙහිදි අවධාරණය කරන ලදි.

ස්තුතියි.   
මෙයට විශ්වාසී,

සමන් රත්නප‍්‍රිය - සභාපති, රජයේ හෙද නිළධාරීන්ගෙ සංගමය
සමන් ජයසේකර - ලේකම්, පරිපූරක වෛද්‍ය සේවා එ්කාබද්ධ බලමණ්ඩලය       
නිලන්ත පියරත්න - සමකැඳවුම්කරු,     අතුරු වෛද්‍ය සේවා එකාබද්ධ පෙරමුණ



No comments:

Post a Comment