Wednesday, May 16, 2012


ජාත්‍යන්තර හෙද දිනය සමරයි
මැයි 12 ජාත්‍යන්තර හෙද දිනය, හෙද සේවාවේ නිර්මාාතෘවරිය වන ෆ්ලෝරනස් නයිටිංගේල් මෙෙවියගේ ජන්ම දිනය යෙදෙන මෙදින ඇයට කරන ගෞරවයක් වශයෙන් ජාත්‍යන්තර හෙද දිනය ලෙස නම් කර ඇත. ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ උත්සවයක් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී මැයි 12 වන සෙනසුරාදා උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි. 






හෙද උත්සවයේ දී විශේෂාංග ලෙස,


ෆ්ලොරන්ස් නයිටිංගේල් මෙනෙවියගේ පිළිරුවට උපහාර දක්වා මල් මාලයක් පැළදවීම හා මල් කළඹක් පිළිගැන්වීම මහරගම හා ගම්පහ රෝහලවල හෙද නිළධාරීන් විසින් සිදු කෙරිනි. නයිටිංගේල් මෙනෙවිය වෙනුවෙන් රත්න ශ‍්‍රී වික‍්‍රමසිංහයන් රචනා කල ‘‘නයිටිංගේල් උපහාර ගීතය’’ ජාතික රෝහලේ හෙද නිළධාරීන් විසින් ඉතා සෞන්දර්යාත්මකව ගායනා කරන ලදි. 
එසේම ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය පවත්වා තිබු රචනා හා පෝස්ටර් තරග වල ජයග‍්‍රාහකයන්හට පදක්කම් පිරිනැමීම හා සහතික පත‍්‍ර ප‍්‍රධානය විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාරිනී ප‍්‍රමුදිතා මාධවි මෙනෙවිය හා ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා අතින් සිදු කෙරිනි. මාරවිල, දැරණියගල, කිලිනොච්චි යන රෝහල් වලට නයිටිංගේල් සමරු තිළිණ ප‍්‍රධානය කිරීම ද මෙහිදි සිදුවිය. 
මෙහිදි අදහස් දැක්වු සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා ෆ්ලොරන්ස් නයිටිංගේල් මෙනෙවියගේ ජන්ම දිනය අද. වෘත්තීමය හෙද සේවය ලොවට නිර්මාණය කලේ ඇයයි. ඇයට ගෞරවයක් ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මැයි 12 දින ජාත්‍යන්තර හෙද දිනය ලෙස ප‍්‍රකාශයට පත් කලේ. ජාත්‍යන්තර හෙද දිනය සැමරීම වෘත්තීය සමිති ලෙස අපගේ අනිවාර්යය වගකීමක්. අවිධිමත්ව තිබු හෙද සේවය විධමිත් වෘත්තීයක් බවට පත් කලේ නයිටිංගේල් මෙනෙවියයි. හෙද විදුහල් අතර, හෙද අධ්‍යාපනය විධිමත් කිරිම හෙද සේවාව සදහා පරිශීලනය කල යුතු ග‍්‍රන්ථ ප‍්‍රකාශයට පත් කිරිම එංගලන්තය, ප‍්‍රංශය ජර්මනිය වැනි රටවල විසිරි සිටි හෙද නිළධාරීන් ඒකරාශී කිරිම වැනි වැදගත් වූ කාර්යයන් රාශියක් ඇය සිදුකලා. ක‍්‍රිමියානු යුද්ධයේ දී නිදි නොලබා පහනක් අතින් ගෙන තුවාල වු සොල්දාදුවනට කල සේවය නිසා ඇය ‘‘පහනේ ආර්යාව’’ ලෙස  හදුන්වනවා. 
හෙද දිනය සමරන මේ මොහොතේ හෙද සේවාවට ගැටඵ රාශියක් තියෙනවා. කාර්ය මණ්ඩල හිගකම, උසස් අධ්‍යාපන අවස්ථා කප්පාදුවකට ලක් කිරීම, උසස් වීම් ප‍්‍රමාද කිරීම, දීමනා හා වැටුප් විශමතාවයන්, ස්ථාන මාරු ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක නොකිරීම වැනි දේවල් ඉන් ප‍්‍රධානයි. මෙයින් සමහර ප‍්‍රශ්ණ විසදිය හැකි වුවත් සමහර බළධාරීන් මන්දගාමී වැඩ පිළිවෙල නිසා සියඵ දේ ඇණහිට තියෙනවා. මේවා විසදිය යුත්තේ ත්‍රෛයිපාක්ෂිකව සාකච්ඡුා කරලයි. එසේ නොවිම ගැටඵවක්. එමනිසා මෙම ගැටඵ කඩිනමින් විස`දා ජනතාවට වඩා හොද සේවයක් සැලසීමට හෙද සේවාවට රජය විසින් අවකාශ ලබාදිය යුතුයි. 
මෙහිදි ආරාධිත දේශණය කරනු ලැබු විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාරිනී ප‍්‍රමුදිතා මාධවී මෙනෙවිය. 2012 ජාත්‍යන්තර හෙද දිනයේ තේමාව වන ‘‘සක‍්‍රිය දායකත්වය තුළින් ලබාදෙන සාත්තුව හා ලබාදිය යුතු සාත්තුව අතර පරතරය අවම කරමු’’ යන තේමාව යටතේ අරුත්බර දේශණයක් ඇය විසින් පවත්වන ලදි. 
මෙම මෙම අවස්ථාවේ අදහස් ප‍්‍රකාශ කල ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මැතිතුමා ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිණිය යනු හෙද සේවාවේ පමණක් නොව ලෝකයටම ආදර්ශයක් දුන් කාන්තාවක් බවත්, ඇය ආදර්ශයට ගනිමින් කරුණාව, දයාව හා මනුශ්‍යත්වය පෙරදැරි කරගෙන ජනතාවට සේවාව කිරිමට හෙද නිළධාරින් තවදුරටත් කටයුතු කලයුතු බවද ඔහු ප‍්‍රකාශ කලේය. 
මෙහිදි හෙද සේවාව වෙනුවෙන් ‘‘සත්කාර’’ විශේෂ හෙද දින කලාපය නිකුත් කිරීම ද සිදුවිය.
මෙම උත්සවය සදහා සහෝදර වෘත්තීය සමිති නායකයන් වන බැංකු සේවක සංගමයේ සභපති අමරපාල ගමගේ මහතා ද, ජාතික සේවක සංගමයේ සභාපති සුරංග මහතා ද, ස්වාධීන වරාය සේවක සංගමයේ සභපති ලාල් බංගමුවගේ මහතා ද, රක්ෂණ  සේවක සංගමයේ ලේකම් ඩබ්. දිවාකර මහතා ද, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති එම්. ඞී. ආර්. අතුල මහතා ඇතුඵ ආරාධිත පිරිසගේ සහ දිවයින පුරා රෝහල් නියෝජනය කරමින් හෙද නිළධාරීන් මෙම සැමරුම් උත්සවයට සහභාගී විය. 

No comments:

Post a Comment