Wednesday, May 16, 2012

භාණ්ඩාගාර ලේකම් ප‍්‍රධාන කමිටුවේ නිර්දේශ තවදුරටත් ප‍්‍රමාද කලහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක්


හෙද සේවාවේ දීමනා වැඩිිකරන ලෙස කරන ලද ඉල්ලීම් සලකා බැලීම ස`දහා භාණ්ඩාගාර ලේකම් විසින් 2012 මාර්තු පළමු සතියේ පතිදෙනෙකුගෙන් යුක්ත තමිටුවක් පත්කරන ලද අතර, එහි භාණ්ඩාගාර ලේකම්, රාජ්‍ය පරිපාලන ලේකම් හා සෞඛ්‍ය ලේකම් යන අය සාමාජිකයන් වෙති.


මූලික වශයෙන් හෙද සේවාවේ අතිකාල දීමනා, ඉන්වෙන්ටි‍්‍ර දීමනා හා අනතුරු දීමනා මෙම කමිටුව තුළ සලකා බැලීමට නියමිත වන අතර, එහි වාර්තාව මාස 02 කින් ලබාදෙන බව ප‍්‍රකාශ කරන ලදි. මෙම කමිටුව පත්කිරීමට පෙරම උක්ත දීමනා වලට අදාලව අප සංගමයේ නිර්දේශ සෞඛ්‍ය ලේකම් වෙත 2012.02.27 දින අප විසින් ලබාදෙන ලදි. 


මෙම කමිටුව රැස්වී සාකච්ඡුා කිරීමට දින යොදාගත්ත ද ඒවා දිගින් දිගටම කල් දමමින් දීමනා ගැටඵව මගහැර යන තත්ත්වයක් දක්නට ඇත. අපේ‍්‍රල් 19 දින පැවැත්වීමට යෝජිතව තිබු සාකච්ඡව අපේ‍්‍රල් 23 දිනට කල්දැමු අතර, එහෙත් එම සාකච්ඡුාවද දැනට දින නියමයක් නොමැතිව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කල් දමමින් ඇත. 


හෙද සේවාවේ අතිකාල, ඉන්වෙන්ටි‍්‍ර හා අනතුරු දීමනා 2001 න් පසු වැඩිවී නොමැති අතර, සෞඛ්‍ය සේවාවේ වෙනත් සමහර සේවාවන් වල අදාල දීමනා 2012 දීත් වැඩිකර ඇත. මෙම තත්ත්වය තුළ මාස 02 ක් ගතවී ඇතත් වාර්තාව ලබානොදීම හා කමිටුව රැස්නොවීම තුළ උක්ත කමිටුව විසින් හෙද සේවාව නොසලකා හැර ඇති බව පැහැදිලිය. ඉදිරි සති දෙක තුළ කමිටු නිර්දේශ ලබාදී උක්ත දීමනාව වැඩි නොකළහොත් අප සංගමය දීප ව්‍යාප්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කල බව මෙයින් අවධාරණය කරන්නෙමු. 

No comments:

Post a Comment