Tuesday, July 16, 2013

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවන ¥ෂණ, වංචා හෙලිදරව් කිරීම නිසාත් ජූලි 17 හෙද වැඩ වර්ජනය ප‍්‍රකාශයට පත්කිරීම නිසාත්, ස්වාධීන රූපවාහිනි සේවය හා ගුවන් විදුලි සංස්ථාව විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද සහභාගීත්වයෙන් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයට හා එහි සභාපති සමන් රත්නප‍්‍රිය සහෝදරයාට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් මඩ ප‍්‍රචාරයක් දියත් කරන ලදි.

එයට එරෙහිව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයන් ඒකාබද්ධව 2013 ජූලි 16 දින ජනමධා්‍ය සාකච්ඡුාවක් පවත්වන ලදි.









ඒ ස`දහා වි. වි. ආ. සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්, ආණ්ඩුවේ එක්සත් කම්කරු වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ඞී. එම්. ඞී. අබේරත්න, තැපැල් වෘත්තීය සමිති එ. චින්තක බණ්ඩාර රක්ෂණ සේවක සංගමයේ සභාපති ආර්. එස්. නන්දලාල්, වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ ජාතික සේවක සංගමයේ සුරංග නාවුල්ලගේ ඇතු`ඵ සහෝදරවරු සහභාගී විය              
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය 2013 ජූලි 17 දින රටපුරා ක‍්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය පිළිබ`දව සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය සහෝදරයා ජනමාධ්‍යට අදහස් දැක්වු අයුරු මේ ස`දහා සංගමයේ ලේකම් නාලක හෙට්ටිආරච්චි, ප‍්‍රචාරක ලේකම් ජයන්ත විමලසිරි, විධායක සභික බුද්ධිනි යන අය සහභාගී විය.

Wednesday, June 19, 2013

උද්ඝෝෂණ ව්‍යාපාරය සාර්ථකයි

 රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය හෙද සේවාවට හා රෝහල් සේවාවන් පවත්වාගෙන යාමට අදාල සේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජූනි 19 අද දින දහවල් 12 සිට 1.00 දක්වා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කරන ලදි. 

පහත සදහන් සේවා ඉල්ලීම් එයට අදාල විය. 
  • 15,000ක හෙද හි`ගය පියවීමට වසරකට හෙද සිසුන් 3000 වත් අවම ලෙස බ`දවා ගැනීම
  •  උසස් වීම් ලැබිමට සුදුසුකම් ලැබු 7000ක ප‍්‍රමාණයකට උසස් වීම් ලබා දීම
  •  දින 5 සතිය හෙද සේවාවට ලබා දීම
  •  අමාත්‍ය මණ්ඩලය අනුමත කල කැබිනට් පත‍්‍රිකාවට අනුව හෙද උපාධිධාරීන් වහාම හෙද සේවාවට බ`දවා ගැනීම
  • හෙද සේවාවේ දීමනා විෂමතා නිවැරදි කිරීම

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ශ‍්‍රි ලංකා ජාතික රෝහල, රාගම, කඵබෝවිල, ගාල්ල, කරාපිටිය, මහනුවර, මාතර, හම්බන්තොට, අනුරාධපුර, අම්පාර, යාපනය, මඩකලපුව ඇතු`ඵ ප‍්‍රධාන රෝහල් 50ක් ඉදිරිපිට ක‍්‍රියාත්මක කරන ලදි. 

එම උද්ඝෝෂණ වල අවස්ථා කිහිපයක ඡුායාරූප මේ සමග එවමි. ඒවා ඔබ ජනමාධ්‍ය හරහා ප‍්‍රචාරය කරන ලෙස කාරූණිකව ඉල්ලමි. 

ස්තූතියි. 
මෙයට විශ්වාසි,        
සමන් රත්නප‍්‍රිය  
සභාපති