Wednesday, June 19, 2013

උද්ඝෝෂණ ව්‍යාපාරය සාර්ථකයි

 රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය හෙද සේවාවට හා රෝහල් සේවාවන් පවත්වාගෙන යාමට අදාල සේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජූනි 19 අද දින දහවල් 12 සිට 1.00 දක්වා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කරන ලදි. 

පහත සදහන් සේවා ඉල්ලීම් එයට අදාල විය. 
  • 15,000ක හෙද හි`ගය පියවීමට වසරකට හෙද සිසුන් 3000 වත් අවම ලෙස බ`දවා ගැනීම
  •  උසස් වීම් ලැබිමට සුදුසුකම් ලැබු 7000ක ප‍්‍රමාණයකට උසස් වීම් ලබා දීම
  •  දින 5 සතිය හෙද සේවාවට ලබා දීම
  •  අමාත්‍ය මණ්ඩලය අනුමත කල කැබිනට් පත‍්‍රිකාවට අනුව හෙද උපාධිධාරීන් වහාම හෙද සේවාවට බ`දවා ගැනීම
  • හෙද සේවාවේ දීමනා විෂමතා නිවැරදි කිරීම

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ශ‍්‍රි ලංකා ජාතික රෝහල, රාගම, කඵබෝවිල, ගාල්ල, කරාපිටිය, මහනුවර, මාතර, හම්බන්තොට, අනුරාධපුර, අම්පාර, යාපනය, මඩකලපුව ඇතු`ඵ ප‍්‍රධාන රෝහල් 50ක් ඉදිරිපිට ක‍්‍රියාත්මක කරන ලදි. 

එම උද්ඝෝෂණ වල අවස්ථා කිහිපයක ඡුායාරූප මේ සමග එවමි. ඒවා ඔබ ජනමාධ්‍ය හරහා ප‍්‍රචාරය කරන ලෙස කාරූණිකව ඉල්ලමි. 

ස්තූතියි. 
මෙයට විශ්වාසි,        
සමන් රත්නප‍්‍රිය  
සභාපති


















No comments:

Post a Comment