Friday, January 1, 2016

ඔබ සැමට සාමය සතුට සපිරි 
සුභම සුභ නව වසරක් වේවා.....!



Tuesday, December 15, 2015



දෙසැම්බර් 16 ( අද ) රාත්‍රී 10.00 ට ජාතික රූපවාහිනි “225‘‘ වැඩසටහන සමග සමන් රත්නප්‍රිය ඔබ හමුවට.



දෙසැම්බර් 17 ( හෙට ) රාත්‍රී 9.30 ට ස්වාධීන රූපවාහිනි “ගිරය‘‘ වැඩසටහන සමග සමන් රත්නප්‍රිය ඔබ හමුවට.

Monday, December 14, 2015

දෙසැම්බර් 15 දින පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටු වීම හා අග්‍රාමාත්‍ය තුමා සමග පැවති සාකච්ඡාවෙන් ලද ජයග්‍රහණ පිළිබදව සභාපති සමන් රත්නප්‍රිය මහතා කල විශේෂ ප්‍රකාශය.








  වර්ජනය තාවකාලිකව අවලංගුයි

සමන් රත්නප්‍රිය
සභාපති

Friday, December 11, 2015

visit www.health.gov.lk , Click "Staff Access", find administrator and click, Then find exam and results to search Grade 2 EB exam result soon.

Congratulation for all nurses who got pass the exam.

Thank You

Saman Rathnapriya - President, GNOA

Nalaka Hettiarachchi - Secretary, GNOA

Tuesday, November 17, 2015

ස්ථාන මාරු මණ්ඩලයෙන් වසර 4 ට වැඩි සියලු හෙද නිළධාරින්ට ස්ථාන මාරුවීම්

 2015.11. 11 දින සහ 2015.11.17 දින පැවැත්වූ හෙද සේවා ස්ථාන මාරු මණ්ඩලයේ දී පහත සඳහන් තීරණ ගන්නා ලදී.

1.         වසර 4 සම්පූර්ණ කළ සියලු හෙද නිළධාරින්හට ස්ථාන මාරු දීමට (623 දෙනෙකුට පමණ)
           
            අංගොඩ, මහරගම, අයි.ඩී.එච්. හා වැලිසර රෝහල්වල වසර 02 සපිරූ හෙද නිළධාරින් හට ස්ථාන 
            මාරු ලබාදීමට.

2.         කුරුණෑගල, දන්තායනය, කඳාන, කෑගල්ල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල,  
            ගම්පොල, සබරගමු පළාත, අලුත්ගම යන ස්ථානවල පුරප්පාඩු නැති නිසා ස්ථාන  මාරු නොදීමට.

3.         බස්නාහිර පළාතේ ඇති පුරප්පාඩු 162 සඳහා 2013 හා 2014 ස්ථාන මාරු නියෝවලින් ජ්‍යෙෂ්ඨතා
           අනුපිළිවෙල අනුව මුදා හැරීමට.

4.         සබරගමුව පළාත තුළ පුරප්පාඩු නොමැති වුවද ඇඹිලිපිටිය රෝහලේ පවතින උග්‍ර හෙද හිඟය
            නිසා ඇඹිලිපිටිය රෝහලට ඉල්ලා ඇති හෙද නිළධාරින් හට පමණක් ස්ථාන මාරු ලබා දීමට.

5.         ජයවර්ධනපුර හා විජය කුමාරතුංග රෝහල්වල ජ්‍යෙෂ්ඨ හෙද නිළධාරින්ට ද ස්ථාන මාරු
           ලබාදීමට.

 සභාපති    -  සමන් රත්නප්‍රිය

Wednesday, November 4, 2015



HNDA සිසුන්ට පහරදීම හා මාධ්‍යව්‍ෙදීන්ට තර්ජනය කිරීමට එරෙහිව පැවති මාධ්‍ය සාකච්ඡාව






Wednesday, October 28, 2015

2016 අයවැය තුළින් රාජ්‍ය සේවකයන්ට පොරොන්දු වූ වැටුප් වැඩිවීම් ඇතුළු ජීවත්වීමට සරිලන සහන ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති යෝජනා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර මහතා සමඟ කළ සාකච්ඡාව


Monday, October 26, 2015

PBS සියළු සිසුන්ට පුහුණුව නොවැම්බර් මස සිට, විභාගය එකම දිනයක

2015 මැයි මස ඇරඹි PBS පුහුණුවේ සූතිකා හා මානසික හෙද පුහුණුව හදාරන සිසුන්ට එම පුහුණුව අවසන් වීමෙන් පසු කළමනාකරණ හා අධීක්ෂණ පුහුණුව 2015 නොවැ. මස දී ආරම්භ කිරීම‍ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමඟ සංගමයේ නිළධාරින් කළ සාකච්ඡාවේ දී  තීරණය විය.

ඒ අනුව
1. කාසල් විදියේ කාන්තා රෝහල් දේශන ශාලාව, ආර්ථික  සංවර්ධන අමාත්‍යංශයේ දේශන ශාලාව හා පශ්චාත් ප්‍රාථමික        හෙද විදුහලේ දේශන ශාලාවන්හි පුහුණුව පැවැත්වේ.

2.   රෝහල් සේවා කළමනාකරණ පුහුණුව සම්පූර්ණයෙන් අවසන්      වූ පසු සියළුම දෙනාට එකවර විභාගය පැවැත්වේ.

3. දැනට රෝහල් සේවා කළමනාකරණ පුහුණුව හදාරන  කණ්ඩායමට දෙසතියක පුනරීක්ෂණ පාඨමාලාවක් විභාගය      ආසන්නයේ දී පැවැත්වේ.


Tuesday, October 13, 2015

රජයේ හෙද නිළධාරින්ගේ සංගමයට අනුබද්ධ රජයේ හෙද ආචාර්ය සංගමයේ 2 වන නිළධාරි මණ්ඩල රැස්වීම 2015.10.12 දින සංගම් කාර්යාලයේ දී පැවැත්වූ අවස්ථාව


හෙද ආචාර්ය සංගමය පිහිටුවයි.

දීර්ඝ කාලයක සිට හෙද අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල ගැටළු නිරාකරණය කර ගැනීමට සහ හෙද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම සඳහා රජයේ හෙද නිළධාරි සංගමය යටතේ රජයේ හෙද ආචාර්ය සංගමය නමින් සංවිධානයක් 2015.09.28 දින රජයේ හෙද නිළධාරින්ගේ සංගම් මූලස්ථානයේ දී ආරම්භ කරන ලදි.

Thursday, October 1, 2015

Grade 3 EB Exam Result Released

Result released on 30th See. www.health.gov.lk
Staff Access , Exam and results


Best wishes for got through

Saman Rathnapriya - President
N. H. Hettiarachchi - Secretary