Tuesday, August 7, 2012

මූල්‍ය ¥ෂණ වලට වගකිව යුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නැවත කොන්ත‍්‍රාත් පදනම මත සේවයට


අඛණ්ඩ සත්‍යග‍්‍රහය - අද - අගෝස්තු 07 දවල් 11.00 ට                   සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී 

අක‍්‍රමික ලෙස ශල්‍ය උපකරණ මිලදී ගැනීමට අදාලව එල්ලවූ මූල්‍ය චෝදනා පිළිබ`දව ජනාධිපති විමර්ශන අංශය මගින් සිදුකල විධිමත් විමර්ශනයකින් පසු මිලියන 18ක මූල්‍ය ¥ෂණ වලට වැරදිකරු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසි`දු ද`ඩුවමක් නොමැතිව 2012 අගෝස්තු 05 දින විශ‍්‍රාම යන ලදි.

ආයතන සංග‍්‍රහයේ විනය පටිපාටියට අනුව මූල්‍ය චෝදනා වලට ලක්වීම බරපතල වැරදි ගණයට අයත් වන අතර, එවැනි අයෙකු විශ‍්‍රාම වැටුප් සංග‍්‍රහයේ 12.1 වගන්තිය අනුව විශ‍්‍රාම ගැන්විය යුතු වන අතර, එහි දී විශ‍්‍රාම වැටුප් අත්හිටුවා විධිමත් ලෙස විනය කටයුතු කර අවසාන කල යුතුය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබ`දව එසේ විනය තීරණ ගත හැක්කේ කැබිනට් මණ්ඩලයට වන අතර, එසේ තීරණ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාල නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමු  කල යුතුය. එසේ වුයේ නැත. ¥ෂිත නිළධාරියෙකුහට ද`ඩුවම් නිර්දේශ කරනු වෙනුවට සෞඛ්‍ය බලධාරින් විසින් විශ‍්‍රාම ගිය පසුවද ඔහු නැවත කොන්ත‍්‍රාත් පදනම මත සේවාවට කැ`දවීමට තීරණය කර ඇති අතර එයට අදාල කැබිනට් පත‍්‍රිකාවක් අගෝස්තු 08 බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.


මෙය බරපතල වැරැුද්දකි. රටේ නීතිය වල්වැදීමකි. එසේම උක්ත තනතුරට සුදුසුකම් සම්පූර්ණ කර ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ අවස්ථා අහුරා දැමීමකි.

වැදගත් ඃ-
මෙම තත්ත්වයට එරෙහිව අප සන්ධානය සංවිධානය කරන අඛණ්ඩ සත්‍යග‍්‍රහය - අද - අගෝස්තු 07 දවල් 11.00 ට කොළඹ 10, ඞීන්ස් පාර, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී ආරම්භ කරන අතර, එම අවස්ථාව ආවරණය ස`දහා මාධ්‍ය නිළධාරීන් සහභාගී කරවන ලෙසද ඒ සම්බන්ධව අඛණ්ඩව පුළුල් ප‍්‍රචාරයක් ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලමු.

No comments:

Post a Comment