Tuesday, August 7, 2012

මාධ්‍ය නිවේදන


මගේ අංක ඃ- ්‍HSTUA 01/2012                                                                        2012/07/30

ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ,
ප‍්‍රවෘත්ති කතෘ, ප‍්‍රවෘත්ති සංස්කාරක,

මහත්මයාණෙනි/ මහත්මියනි,

ජනාධිපති ලේකම්ගේ නියෝග ක‍්‍රියාත්මක කර 
¥ෂිත සෞඛ්‍ය නිළධාරීන්ට දඩුවම් දෙන්න


රුපියල් ලක්ෂ 182 පමණ වටිනා ශල්‍ය අයිතමයක් අක‍්‍රමිකව මිළදී ගෙන ඇති බවට ජනාධිපති විමර්ශන ඒකකය මගින් සිදුකල විධිමත් විමර්ශනයෙන් තහවුරු වූ පසු එයට අදාලව, චූදිත නිළධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් විසින් 2011.10.15 දින හිටපු සෞඛ්‍ය ලේකම්ට ලිඛිතව දන්වා ඇත.

එහිදි චූදිත නිළධාරීන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විකලාංග විශේෂඥ වෛද්‍යවරයෙක් හා ගණකාධිකාරවරයෙක් දක්වා ඇත. ජනාධිපති ලේකම් විසින් විනය පියවර ගන්නා ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්ට දැනුම් දී මාස 10 ක් ගතවුවද, එම නියෝගය මේ දක්වා ක‍්‍රියාත්මක කර නැත. ඒ වෙනුවට සිදුකර ඇත්තේ ¥ෂණ සිදුකර ඇති චූදිත නිළධාරීන් රැුකගැනීම වෙනුවෙන්, මෙම ¥ෂණ ක‍්‍රියා හෙළිදරව් කිරීමට උත්සාහ කල පාර්ශ්වයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශනයක් කරවීමය.

මෙම මූලික විමර්ශනය ස`දහා දී ඇති වගකීම් පැවරීමට අදාල මාතෘකාව වනුයේ ”සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ¥ෂණ පිළිබ`දව පුවත්පත් වලට වාර්තා නිකුත් කිරීම හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට අපහාස කිරීම” යන කරුණ වන අතර, එම විමර්ශන ඒකකයේ වාර්තාවෙන් තවදුරටත් මතුකරනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මූල්‍ය චෝදනා වලට නිවැරදිකරු බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මූල්‍ය ¥ෂණ පිළිබදව එසේ විමර්ශනය කිරීම ”හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්” වැනි බව ද පැහැදිලිය.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය කිසි`දු විශේෂඥ හෝ තාක්ෂණික සාක්ෂි ලබා ගැනීමක් සිදු කර නොමැත. නමුත් ජනාධිපති විමර්ශන ඒකකය විකලාංග ශල්‍ය වෛදවරු ඇතු`ඵ විශේෂඥ, තාක්ෂණ හා වෛද්‍ය පරිපාලන ආදි සාක්ෂි ලබාගෙන විධිමත් පු`ඵල් විමර්ශනයක් සිදුකර ඇති බව පෙනී යයි.

මෙම Extrnal Ficxator˜  නමැති ශල්‍ය උපකරණ ඉල්ලා සිටි විශේෂඥ වෛද්‍යවරයාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කල තාක්ෂණික ඇගයුම් කමිටුවේ සභාපති ලෙස පත්කිරීම ද ගැට`ඵවකි. සමහර කණ්ඩායම් තර්ක කරන පරිදි Machine Specific˜ යන කාරණය පිළිබ`දව ජනාධිපති විමර්ශන වාර්තාව අධ්‍යනය කිරීමේ දී ගැට`ඵවක් පැන නොනගින අතර, ගැට`ඵ වන්නේ
1 ටෙන්ඩර් පටිපාටි උල්ලංඝණය කිරීම,
2 ලියාපදිංචිය අහෝසි වූ සමාගමකින් මෙම භාණ්ඩ මිළදී ගැනීම,
3 භාණ්ඩ වෛද්‍ය සැපයුම් අංශයේ තිබීයදී මිළදී ගැනීම,
4 දෙවන ටෙන්ඩරය අවංලගු කර විමර්ශනයක් පැවැත්වීමට නියෝග කර තිබියදී, එම ලිපිගොනුව ඉවත්කර නව ලිපිගොනුවක් දමා හිටපු සෞඛ්‍ය ලේකම් නොම`ග යවා ටෙන්ඩරය අනුමත කරවා ගැනීම, ආදීයයි.
එබැවින් තවදුරටත් මෙම මූල්‍ය ¥ෂණ වහන්නට කටයුතු නොකර ජනාධිපති ලේකම්ගේ නියෝග ක‍්‍රියාත්මක කර මූල්‍ය ¥ෂණ වලට වරදකරුවන්ට එරෙහිව විනයානූකූලව කටයුතු කිරීම ස`දහා කැබිනට් පත‍්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.
මෙයට විශ්වාසි,
                     
සමන් රත්නප‍්‍රිය
සභාපති

No comments:

Post a Comment