Tuesday, December 15, 2015



දෙසැම්බර් 16 ( අද ) රාත්‍රී 10.00 ට ජාතික රූපවාහිනි “225‘‘ වැඩසටහන සමග සමන් රත්නප්‍රිය ඔබ හමුවට.



දෙසැම්බර් 17 ( හෙට ) රාත්‍රී 9.30 ට ස්වාධීන රූපවාහිනි “ගිරය‘‘ වැඩසටහන සමග සමන් රත්නප්‍රිය ඔබ හමුවට.

Monday, December 14, 2015

දෙසැම්බර් 15 දින පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටු වීම හා අග්‍රාමාත්‍ය තුමා සමග පැවති සාකච්ඡාවෙන් ලද ජයග්‍රහණ පිළිබදව සභාපති සමන් රත්නප්‍රිය මහතා කල විශේෂ ප්‍රකාශය.








  වර්ජනය තාවකාලිකව අවලංගුයි

සමන් රත්නප්‍රිය
සභාපති

Friday, December 11, 2015

visit www.health.gov.lk , Click "Staff Access", find administrator and click, Then find exam and results to search Grade 2 EB exam result soon.

Congratulation for all nurses who got pass the exam.

Thank You

Saman Rathnapriya - President, GNOA

Nalaka Hettiarachchi - Secretary, GNOA

Tuesday, November 17, 2015

ස්ථාන මාරු මණ්ඩලයෙන් වසර 4 ට වැඩි සියලු හෙද නිළධාරින්ට ස්ථාන මාරුවීම්

 2015.11. 11 දින සහ 2015.11.17 දින පැවැත්වූ හෙද සේවා ස්ථාන මාරු මණ්ඩලයේ දී පහත සඳහන් තීරණ ගන්නා ලදී.

1.         වසර 4 සම්පූර්ණ කළ සියලු හෙද නිළධාරින්හට ස්ථාන මාරු දීමට (623 දෙනෙකුට පමණ)
           
            අංගොඩ, මහරගම, අයි.ඩී.එච්. හා වැලිසර රෝහල්වල වසර 02 සපිරූ හෙද නිළධාරින් හට ස්ථාන 
            මාරු ලබාදීමට.

2.         කුරුණෑගල, දන්තායනය, කඳාන, කෑගල්ල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල,  
            ගම්පොල, සබරගමු පළාත, අලුත්ගම යන ස්ථානවල පුරප්පාඩු නැති නිසා ස්ථාන  මාරු නොදීමට.

3.         බස්නාහිර පළාතේ ඇති පුරප්පාඩු 162 සඳහා 2013 හා 2014 ස්ථාන මාරු නියෝවලින් ජ්‍යෙෂ්ඨතා
           අනුපිළිවෙල අනුව මුදා හැරීමට.

4.         සබරගමුව පළාත තුළ පුරප්පාඩු නොමැති වුවද ඇඹිලිපිටිය රෝහලේ පවතින උග්‍ර හෙද හිඟය
            නිසා ඇඹිලිපිටිය රෝහලට ඉල්ලා ඇති හෙද නිළධාරින් හට පමණක් ස්ථාන මාරු ලබා දීමට.

5.         ජයවර්ධනපුර හා විජය කුමාරතුංග රෝහල්වල ජ්‍යෙෂ්ඨ හෙද නිළධාරින්ට ද ස්ථාන මාරු
           ලබාදීමට.

 සභාපති    -  සමන් රත්නප්‍රිය