Thursday, July 11, 2013
Wednesday, June 19, 2013
උද්ඝෝෂණ ව්‍යාපාරය සාර්ථකයි
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය හෙද සේවාවට හා රෝහල් සේවාවන් පවත්වාගෙන යාමට අදාල සේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජූනි 19 අද දින දහවල් 12 සිට 1.00 දක්වා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලදි.
පහත සදහන් සේවා ඉල්ලීම් එයට අදාල විය.
- 15,000ක හෙද හි`ගය පියවීමට වසරකට හෙද සිසුන් 3000 වත් අවම ලෙස බ`දවා ගැනීම
- උසස් වීම් ලැබිමට සුදුසුකම් ලැබු 7000ක ප්‍රමාණයකට උසස් වීම් ලබා දීම
- දින 5 සතිය හෙද සේවාවට ලබා දීම
- අමාත්‍ය මණ්ඩලය අනුමත කල කැබිනට් පත්‍රිකාවට අනුව හෙද උපාධිධාරීන් වහාම හෙද සේවාවට බ`දවා ගැනීම
- හෙද සේවාවේ දීමනා විෂමතා නිවැරදි කිරීම
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ශ්‍රි ලංකා ජාතික රෝහල, රාගම, කඵබෝවිල, ගාල්ල, කරාපිටිය, මහනුවර, මාතර, හම්බන්තොට, අනුරාධපුර, අම්පාර, යාපනය, මඩකලපුව ඇතු`ඵ ප්‍රධාන රෝහල් 50ක් ඉදිරිපිට ක්‍රියාත්මක කරන ලදි.
එම උද්ඝෝෂණ වල අවස්ථා කිහිපයක ඡුායාරූප මේ සමග එවමි. ඒවා ඔබ ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලෙස කාරූණිකව ඉල්ලමි.
ස්තූතියි.
මෙයට විශ්වාසි,
සමන් රත්නප්‍රිය
Tuesday, June 18, 2013
Monday, June 17, 2013
Tuesday, June 11, 2013
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ වෘත්තීය සමිති මර්දනය නතර නොකලහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක්
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විසින් කිසිදු පදනමක් හා සාධාරණ හේතුවක් නොමැතිව අප සංගමයේ බස්නාහිර පළාත් ලේකම් හා ගම්පහ රෝහල් ශාඛාවේ ශාඛා සභාපති සුදර්ශන වික්‍රමාරච්චි මහතා දොම්පේ රෝහලට ස්ථාන මාරු කර ඇත.
කිසිදු විනය චෝදනාවකින් තොරව සිදුකල මෙම ස්ථාන මාරුව සම්පූර්ණයෙන්ම නීති විරෝධි එකකි. එසේම පළාත් සභාවේ සංගමයේ ලේකම් තනතුර දරණ මොහු සාමාන්‍ය ස්ථාන මාරු පටිපාටි යටතේ ස්ථාන මාරු කල නොහැකි බව ආයතන සංග්‍රහයේ ඞඞඪ - 7 පරිච්ෙඡුදයේ පැහැදිලිව ස`දහන් කර ඇත.
එසේ තිබීයදීත් මෙසේ ස්ථාන මාරු කිරීම පලිගැනීමේ චේතනාවෙන් කල ක්‍රියාවක් බව පැහැදිලිය. එසේම පළාත් අධ්‍යක්ෂකට හෙද සේවාවේ ස්ථාන මාරුවීම් කිරීමට බලයක් නොමැති අතර, එය කල යුත්තේ පළාත් සෞඛ්‍ය ලේකම් විසිනි. මෙයට පෙර ද ගම්පහ රෝහලේ හෙද නිළධාරියෙකු අසාධාරණ ලෙස මාරු කිරිම, කුසලතා ලේඛනයට පටහැනිව පක්ෂග්රාහීව උසස් වීම් ලබාදීම, වැරදි කල තම හිතවතුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග නොගැනීම වැනි බරපතල වැරදි මෙම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විසින් සිදුකරන ලදි. මොහුගේ මෙම ක්‍රියාකලාපය තුළ පළාත් සභා හෙද නිළධාරීන් දැඩි අපහසුතාවයට පත්වි ඇත.
මොහුගේ හිතවතුන් වැරදි කලද කිසි`දු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා අතර, එයට හො`දම උදාහරණයක් නම් බලූ පැටව් 4 දෙනෙකු මෝචරියට දැමු ගම්පහ රෝහලේ හෙද පාලිකාවට අද වනතුරු කිසි`දු ද`ඩුවමක් ලබ නොදීමයි.
මොහුගේ මෙම ¥ෂිත ක්‍රියාදාමයට එරෙහිව 2011.09.27 දින පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අප පූර්ණ විමර්ශනයක් ඉල්ලා සිටි අතර, එම විමර්ශණයේ වාර්තාව ද මේ දක්වා එළිදක්වා නැත.
එබැවින් මොහුගේ මෙම පක්ෂග්රාහී, අවනීතික ක්‍රියා කලාපයට එරෙහිව අප සංගමය විසින් විරෝධතා උද්ඝෝෂණයක් ජූනි 05 පෙ. ව. 10.30 ට මාළිගාවත්ත පළාත් සභා අධ්යක්ෂ කාර්යාලය ඉදිරිපිට දී ක5ියාත්මක කරන ලදි.
පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ මර්දනීය හා ¥ෂිත ක්‍රියාකලාපය නතර නොකරන්නේ නම් පළාත් සභාව තුළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පළාත් සභා බළධාරීන්හට අවධාරණය කරන්නෙමු.
එහි අවස්ථාව කිහිපයක් පහත දක්වා ඇත.
Subscribe to:
Posts (Atom)














