Tuesday, December 20, 2011

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික පරිපාලනය පිළිබඳව ආණ්ඩුකාරවරයාගෙන් විධිමත් විමර්ෂණයක් ඉල්ලීම

    බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සිය පරිපාලන බලය අත්තනෝමතික ලෙස යොදවමින් හා පරිපාලන නීතිරීති වලට පිටින් ක‍්‍රියාකිරීම නිසා පළාත් සභා හෙද කාර්ය මණ්ඩලය බලවත් අසාධාරණයකට ලක්කර ඇත.
    මෙම අසාධාරණ හා පරිපාලන විරෝධී ක‍්‍රියාදාමයට සාධාරණ විසඳුමක් නොලැබීම නිසා පළාත් සභා සෞඛ්‍ය පරිපාලනය කෙරෙහි බලවත් අප‍්‍රසාදයක් ද කාර්ය මණ්ඩලය වෙතින් එල්ල වෙමින් තිබේ.
    පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් සිදුකර ඇති පහත සඳහන් පරිපාලන විරෝධි අත්තනෝමතික ක‍්‍රියාවන් පිළිබඳව සාධාරණ විධිමත් විමර්ෂණයක් පවත්වන මෙන් 2011.09.27 දින බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අප ඉල්ලා සිටියද, මේ දක්වා එවැනි පරීක්ෂණයක් පවත්වා නොමැත.

පරිපාලන විරෝධී ක‍්‍රියාවන්
1.    ජාත්‍යන්තර කම්කරු ප‍්‍රඥප්ති අංක 87 හා 98 ද 1935 වෘත්තීය සමිති ආඥ පනත ද උල්ලංඝණය කරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට සම්බන්ධ වු හෙද නිළධාරීන් ස්ථාන මාරු කිරීම
2.    2009.11.11 දින විනය පරීක්ෂණයක් පසුව පවත්වනවා යැයි කියමින් මීගමුව රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියක දිවුලපිටිය රෝහලට මාරු කිරීම හා මේ දක්වා විනය පරීක්ෂණයක් නොපැවැත්වීම
3.    2010.11.02 පළාත් සෞඛ්‍ය ඇමතිවරයා විසින් සේවක උපදේශක සභා පළාත් සභාව තුළ ස්ථාපිත කිරීමට ගත් තීරණය හිතාමතා ක‍්‍රියාත්මක නොකිරීම
4.    ගම්පහ රෝහලේ ෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියකට මීගමුව රෝහලට ලැබුණු විශේෂ ශ්‍රේණියේ උසස් වීම අවලංගු කර, හොරණ රෝහලට බලහත්කාරයෙන් මාරු කිරීම
5.    ආයතන සංග‍්‍රහය අනුව වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල පළාත් සභාව තුළ නොපැවැත්වීම
6.    20011.02.18 දින පශ්චාත් ප‍්‍රාථමික හෙද පුහුණුව හැදැරීමෙන් පසු පත්වීම් ලැබිය යුතුව තිබු හෙද සොහොයුරියන් 79 දෙනෙකුහට පළාත් අධ්‍යක්ෂකගේ අකාර්යක්ෂමතාවය නිසා උසස් වීම් මාස 6 කට ප‍්‍රමාද වීම
7.    එම නිළධාරීන් 79 දෙනාට උසස් වීම් දීමේ දී අනුගමනය කළයුතු ලකුණු ප‍්‍රමුඛතා ක‍්‍රමය :ඵැරසඑ කසිඑ* නොසලකා පලාත් අධ්‍යක්ෂකගේ හිතවතුන්හට පහසු සේවා ස්ථාන ලබා දීම
8.    2010.08.08 දින කොරියානු ශිෂ්‍යත්ව සඳහා අවිස්සාවේල්ල රෝහලින් සුදුසුකම් නොමැති හෙද නිලධාරීන් තෝරා යැවීම
9.    මීගමුව මූලික රෝහලේ විශේෂ ශ්‍රේණියට උසස්වීමක් නොලැබු ෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියකට නිල් පැහැති උසස් වීමට අදාල නිල ඇඳුම ඇඳ රාජකාරී කරන ලෙස වැරදි උපදෙස් ලබාදීම

මෙසේ දිගින් දිගටම පරිපාලන බලය අයුතු ලෙස යොදවමින්, අත්තනෝමතික ලෙස පරිපාලන නීති උල්ලංඝණය කරන පළාත් අධ්‍යක්ෂකවරයා පිළිබඳව විධිමත් විමර්ෂණයක් පවත්වන මෙන් ආණ්ඩුකාරවරයාගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

Curculars

Wednesday, November 30, 2011

Duty Leave

අයවැය වැටුප් වැඩි කිරීම ප්‍රෝඩාවක් රාජ්‍ය හා පෞද්ගලික සේවක වැටුප් වැඩි කරනු !

2011 නොවැම්බර් 21 දින වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2012 අයවැය යෝජනා හරහා රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් අපේක්ෂා කල ඉල්ලම් කිසිවක් ලැබී නොමැති බව පැහැදිලිය.

2012 අයවැයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි නොකිරීමට අදාලව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබ`දව අදහස් දක්වන ජනමාධ්‍ය සාකච්ඡවක් 2011 නොවැම්බර් 30 වන බදාදා පෙ.ව 11.00ට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධාන කාර්යාලයේ දී පැවැත් වුනි.
එම ජනමාධ්‍ය සාකච්ඡවේ දී,
    ජනාධිපතිවරනයේ දී රු.2,500/- ක පොරොන්දු වූ වැටුප් වැඩිවීම ලබාදෙනු !
    රාජ්‍ය සේවාවට වර්තමානයේ ගෙවන 15‍% දීමනා වැටුපට එකතු කරනු !
    රු.3,860/-ක් වු හිඟ ජීවන වියදම් දීමනාව ගෙවනු !
    අග‍්‍රහාර රක්ෂණයෙන්, විශ‍්‍රාම යෑමේ දී රු.100,000/-ක පාරිතෝෂිකයක් ලබාදෙනු !
    ජීවන අංක දීමනාව, රු.280 අගය නිත්‍යානූකූලව ගැසට් කරනු !
    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට අදාල උපයන විට අය කරන බද්ද අහෝසි කරනු !
    රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිත්‍ය සේවාවන් වලට, මානව සම්පත් ආයතන වලින් කොන්ත‍්‍රාත් පදනම මත සේවකයන් බඳවා ගැනීම නතර කරනු !

යන ඉල්ලීම් ලබාදීමට හැකිවන පරිදි 2012 අයවැයට සංශෝධන එකතු කරන ලෙස රජයට බලකිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති අදහස් දක්වන ලදී.

මෙහිදි රජය වැඩි කල 10‍% දීමනාව තුලින් අවම වැටුප් ලබන රජයේ සේවකයන්හට සත්‍ය ලෙස හිමිවන්නේ රු.593ක දීමනාවක් බවත් අවධාරණය කල අතර, රුපියල අවප‍්‍රමාණය කිරීම නිසා දැනට ලබන වැටුප් 3‍% කින් අඩුවන බව පැහැදිලි කෙරිනි. මේ සදහා සෞඛ්‍ය, තැපැල්, දුම්රිය, වරාය, රක්ෂණ, ගුරු, කළමණාකරන සහකාර, මුද්‍රණාල, වතු, ඇගලූම් හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් වෘත්තීය සමිති 20ක් පමණ සහභාගී විය.

මෙම ඉල්ලීම් දිනා ගැනීම සදහා,
x දෙසැම්බර් 2 දින සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් දැනුවත් කිරීමට අත් පත‍්‍රිකා ලක්ෂයක් බෙදා හැරීමටත්,
x    දෙසැම්බර් 06 දින පොස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමටත්,
x    රජයේ ප‍්‍රතිචාර නොමැති නම් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීමටත්,
තීරණය කළ බව වෘත්තීය සමිති නායකත්වය විසින් අවධාරණය කරන ලදී.
 
සමන් රත්නප‍්‍රිය