ඊට එරෙහිව එම වෘත්තිකයන් නියෝජනය කරන සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධ වු අප සංගම් විසින් ආරම්භ කරනු ලැබු පළාත් උද්ඝෝෂණ ව්‍යාපාරයේ අවසාන ක්‍රියාමාර්ගය 2012 ජූනි මස 11 ස`දුදා, එනම් අද දින දහවල් 12ට ඒකාබද්ධ විරෝධතා උද්ඝෝෂණයක් ලෙස බස්නාහිර පළාත නියෝජනය කරමින්, ශ්‍රී ලංකා ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල, කඵබෝවිල ශික්ෂණ රෝහල, ගම්පහ මහ රෝහල, මීගමුව මහ රෝහල, මහරගම පිළිකා රෝහල, හෝමාගම මූලික රෝහල, අවිස්සාවේල්ල මූලික රෝහල හා උතුරු මැද පළාත නියෝජනය කරමින් පොළොන්නරුව මහ රෝහල යන රෝහල් ඉදිරිපිට දී දහවල් 12ට පැවැත්වුනි.
ඒ අනුව,
1හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තිකයන්ට ‘රාජකාරී බාධා, අනතුරු හා ප්‍රවාහන දීමනා’ ලෙස මාසිකව රු. 5000/- ක දීමනාවක් ලබා දීම
2මෙම සිය`ඵ වෘත්තිකයන්ට සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් නිවැරදි කිරීම වෙනුවෙන් මාසිකව රු.4,000/- ක උපරිම සීමාවකට යටත් දීමනාවක් ලබා දීම
3හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය ආදී වෘත්තීමය සේවාවන් සඳහා ද පැයකට මූලික වැටුපෙන් 1/90 ක අතිකාල දීමනාවක් ලබා දීම
4රා.ප.ච. 07/2008 ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අප වෘත්තීන්ට ඇති වූ වැටුප් විෂමතා නිවැරදි කිරීම
5අප වෘත්තීන්ට අභ්‍යාසලාභීන් බඳවා ගැනීම, පළාත් සභාවන්ට පැවරීමට ගන්නා උත්සාහය අවලංගු කිරීම
යන ඉල්ලීම් වෙනුවෙන් කඩිනම් විස`දුම් ලබාදෙන ලෙස බලකරමින් සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උක්ත උද්ඝෝෂණයට අප වෘත්තීන් නියෝජනය කරන්නාවු විශාල සාමාජික පිරිසක් සහභාගි වන ලදි. ජාතික රෝහලේ, මහරගම රෝහලේ, කඵබෝවිල ශික්ෂණ රෝහල, ගම්පහ මහ රෝහල හා පොළොන්නරුව මහ රෝහලේ ඡුායාරූප මෙහි දක්වා ඇත.
2012 ජූනි 11 සඳුදා දින දවල් 12ට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වු ප්‍රධාන උද්ඝෝෂණයේ දී එම වෘත්තීය සමිති වෙනුවෙන් අදහස් දැක්වූ රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා, නිළධාරී මට්ටමින් විවිධ සාකච්ඡුා පැවතියද තම ඉල්ලීම් සඳහා නිශ්චිත විසඳුම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින තත්ත්වය නිසා මෙම පළාත් උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වූ අතර, කෙසේ වුවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සම`ග හෙට දින ලබාදී ඇති සාකච්ඡුාවේ දී යහපත් ප්‍රතිඵල අපේක්ෂා කරන අතර, එසේ නොවන්නේ නම් මෙම පොදු අරගලයේ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පෙරට වඩා දැඩි වනු ඇති බව ද එහි දී ප්‍රකාශ කරන ලදි.
No comments:
Post a Comment