Tuesday, March 13, 2012

හෙද සේවා ගැටඵවලට විසදුම් ලබා නොදීමට එරෙහි මාර්තු 13 - සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වු උද්ඝෝෂණය සාර්ථකයි





හෙද සේවාවට අදාල මූලික සේවා ගැටඵ 08 කට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා අප සංගමය 2012 මාර්තු 13 දින දහවල් 12.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වු උද්ඝෝෂණ ව්‍යාපාරය ඉතා සාර්ථක විය.

ඒ සදහා දිවයිනේ සියඵ රෝහල් නියෝජනය කරමින් හෙද නිළධාරීන් 10,000කට අධික ප‍්‍රමාණයක් සහභාගී විය. විශේෂයෙන්ම කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට. රත්නපුර, අම්පාර, මඩකලපුව, යාපනය, වවුනියාව, ත‍්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, ගම්පහ, කඵතර ආදි සියඵ දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් හෙද නිළධාරීන් මේ සදහා සහභාගී වීම විශේෂත්වයකි.

පහත සදහන් සේවා ඉල්ලීම් පිළිබ`දව සෞඛ්‍ය ලේකම් සමග පෙබරවාරී 13 දින ද, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග මාර්තු 06 දින ද සාකච්ඡුා කල අතර, මෙම ඉල්ලීම් වලට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුනු නිසා උද්ඝෝෂණ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ක‍්‍රියාත්මක කරන්නට තීරණය කරන ලදි.

1.    මාණ්ඩලික ශ්‍රේණි නිශ්චය කල චක‍්‍රලේඛය නිකුත් නොකිරීම
2.    වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම
3.    හෙද සේවාවේ අතිකාල දීමනාව මාසික වැටුපෙන් පැයට 1/180 ලෙස ලබා නොදීම
4.    හෙද ව්‍යවස්ථාව නැවත සංශෝධනය නොකිරීම
5.    හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා නොගැනීම
6.    පිරිමි හෙද නිළධාරීන් බදවා ගැනීමේ ප‍්‍රතිශතය 20‍ % දක්වා වැඩි නොකිරීම
7.    හෙද සේවාවට දින 05 සතිය ලබා නොදීම
8.    හෙද නිළධාරීන්ගේ අනතුරු දීමනා, ශල්‍යාගාර දීමනා හා ඉන්වෙන්ටි‍්‍ර දීමනා වැඩි නොකිරීම


අද දින උද්ඝෝෂණයේ ඡයාරූප කිහිපයක් මෙයට යා කර ඇත.








No comments:

Post a Comment