Tuesday, April 24, 2012


±kaùuhs

msßñ fyo ks,OdÍkaf.a ks, weÿfuys
 idlal=j i`oyd uqo%s; ks< ,dxPkh ix.ï ld¾Hd,fhka ,nd .; yel

iïnkaëldrl -                  fI,agka          -         0718081418
ld¾hd,h        -         0112684031

rcfha fyo ks,OdÍkaf.a ix.uh

Wednesday, March 28, 2012

ශාඛා ප‍්‍රධානීන් වෙත

ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ග දැන්වීම

නිළධාරි මණ්ඩල/ විධායක සභා,
පළාත් සංවිධාන/ ශාඛා සමිති නිළධාරීන් වෙත,

මහත්මයාණෙනි/ මහත්මියනි,

    හෙද සේවාවේ මූලික ඉල්ලීම් 19 ක් වෙනුවෙන් අප සංගමය විසින් ජනවාරී 31, පෙබරවාරී 09 හා මාර්තු 13 යන දිනවල ක‍්‍රියාත්මක කල වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග හමුවේ යම් ජයග‍්‍රහණ කිහිපයක් ලබා ගන්නා ලදි. එහිදි,
1.    නිල ඇඳුම් දීමනාව රු. 13000/- දක්වා වැඩි කිරීම
2.    උසස් වීම් චක‍්‍රලේඛය නිකුත් වීම
3.    හෙද ආචාර්ය දීමනාව රු.10000/- දක්වා වැඩි කිරීම
4.    මාණ්ඩලික චක‍්‍රලේඛය නිකුත් කිරීමට එකඟ වීම
5.    විශේෂ ශ්‍රේණියේ නිළධාරීන්හට රු.2000/- දීමනාවක් ලැබීම
6.    පිරිමි හෙද නිළධාරීන්ගේ නිල ඇඳුම අනුමත වීම සිදුවිය එ් සඳහා දායක වූ සිය`ඵ ක‍්‍රියාකාරීන්හට සාමාජිකයන්හට සංගමයේ ස්තූතිය පිරිනමන්නෙමු.

නමුත් අපගේ මූලික ඉල්ලීම් වන
1.    දින 05 සතිය දිනා ගැනීම
2.    අනතුරු, ශල්‍යාගාර, ඉන්වෙන්ටි‍්‍ර දීමනාව වැඩිකර ගැනීම
3.    උපාධිධාරින් හෙද සේවාවට බඳවා ගැනීම
4.    දුරකථන දීමනාව දිනා ගැනීම
5.    අතිකාල දීමනා පැයට 1/180 ක් ලෙස දිනා ගැනීම හෝ වැඩි රේට් අගයක් ලබා ගැනීම
6.    හෙද ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම

ඇතුඵ අනෙක් ඉල්ලීම් ජයග‍්‍රහණය කිරීම සඳහා තවදුරටත් වත්තීය ක‍්‍රියාමාර්ග ගතයුතු බව 2012.03.23 දින කැඳවු නියෝජිත සමු`ඵවේ දී හා පසු රැස්වීම් වලදි තීරණය කෙරිනි. ඊට අදාලව දීමනා පිළිබඳ තීරණය කිරීම රාජ්‍ය පරිපාලන ලේකම්, සෞඛ්‍ය ලේකම් හා භාණ්ඩාගාර නියෝජිතයෙක් ඇතුලත් කමිටුවක් වාර්තාව ලබා දීමට මසක් කල් දෙමින්,

1.    මැයි 09 වන දින රෝහල් ඉදිරිපිට දහවල් 12.00 සිට 1.00 දක්වා සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් පැවත්වීමටත්,
2.    මැයි 12, හෙද දින සැමරුමෙන් පසු කොළඹ දී සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීමටත්,
3.    මැයි 23 දින පෙ. ව. 8.00 සිට 10.00 දක්වා පැය 2 ක් සේවාවෙන් ඉවත් වීමටත් තීරණය කර ඇත.

පෙර ක‍්‍රියාමාර්ග වලට අදාලව තම රෝහල් ශාඛා, පළාත් සංවිධාන, අවට රෝහල් සංවිධානය කරන ලෙස සහෝදරත්වයෙන් ඉල්ලමු. මෙයට අදාලව පත‍්‍රිකා, පෝස්ටර් යථා කාලයේ දී ලබාදෙන්නට සලස්වනු ඇත.

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය