Tuesday, June 11, 2013

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ වෘත්තීය සමිති මර්දනය නතර නොකලහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක්


බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් කිසිදු පදනමක් හා සාධාරණ හේතුවක් නොමැතිව අප සංගමයේ බස්නාහිර පළාත් ලේකම් හා ගම්පහ රෝහල් ශාඛාවේ ශාඛා සභාපති සුදර්ශන වික‍්‍රමාරච්චි මහතා දොම්පේ රෝහලට ස්ථාන මාරු කර ඇත. 

කිසිදු විනය චෝදනාවකින් තොරව සිදුකල මෙම ස්ථාන මාරුව සම්පූර්ණයෙන්ම නීති විරෝධි එකකි. එසේම පළාත් සභාවේ සංගමයේ ලේකම් තනතුර දරණ මොහු සාමාන්‍ය ස්ථාන මාරු පටිපාටි යටතේ ස්ථාන මාරු කල නොහැකි බව ආයතන සංග‍්‍රහයේ  ඞඞඪ - 7 පරිච්ෙ‏ඡුදයේ පැහැදිලිව ස`දහන් කර ඇත. 

එසේ තිබීයදීත් මෙසේ ස්ථාන මාරු කිරීම පලිගැනීමේ චේතනාවෙන් කල ක‍්‍රියාවක් බව පැහැදිලිය. එසේම පළාත් අධ්‍යක්ෂකට හෙද සේවාවේ ස්ථාන මාරුවීම් කිරීමට බලයක් නොමැති අතර, එය කල යුත්තේ පළාත් සෞඛ්‍ය ලේකම් විසිනි. මෙයට පෙර ද ගම්පහ රෝහලේ හෙද නිළධාරියෙකු අසාධාරණ ලෙස මාරු කිරිම, කුසලතා ලේඛනයට පටහැනිව පක්ෂග‍්‍රාහීව උසස් වීම් ලබාදීම, වැරදි කල තම හිතවතුන්ට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග නොගැනීම වැනි බරපතල වැරදි මෙම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් සිදුකරන ලදි. මොහුගේ මෙම ක‍්‍රියාකලාපය තුළ පළාත් සභා හෙද නිළධාරීන් දැඩි අපහසුතාවයට පත්වි ඇත.  

මොහුගේ හිතවතුන් වැරදි කලද කිසි`දු විනය ක‍්‍රියාමාර්ගයක් නොගන්නා අතර, එයට හො`දම උදාහරණයක් නම් බලූ පැටව් 4 දෙනෙකු මෝචරියට දැමු ගම්පහ රෝහලේ හෙද පාලිකාවට අද වනතුරු කිසි`දු ද`ඩුවමක් ලබ නොදීමයි. 

මොහුගේ මෙම ¥ෂිත ක‍්‍රියාදාමයට එරෙහිව 2011.09.27 දින පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අප පූර්ණ විමර්ශනයක් ඉල්ලා සිටි අතර, එම විමර්ශණයේ වාර්තාව ද මේ දක්වා එළිදක්වා නැත. 

එබැවින් මොහුගේ මෙම පක්ෂග‍්‍රාහී, අවනීතික ක‍්‍රියා කලාපයට එරෙහිව අප සංගමය විසින් විරෝධතා උද්ඝෝෂණයක් ජූනි 05 පෙ. ව. 10.30 ට මාළිගාවත්ත පළාත් සභා අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිට දී ක5ියාත්මක කරන ලදි. 

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ මර්දනීය හා ¥ෂිත ක‍්‍රියාකලාපය නතර නොකරන්නේ නම් පළාත් සභාව තුළ අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පළාත් සභා බළධාරීන්හට අවධාරණය කරන්නෙමු.
එහි අවස්ථාව කිහිපයක් පහත දක්වා ඇත.




Thursday, May 16, 2013




රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය හෙද දිනය සමරයි


ෆ්ලොරන්ස් නයිටිංගේල් මෙනෙවියගේ ජන්ම දිනය වන මැයි 12 දිනට යෙදෙන ජාත්‍යන්තර හෙද දිනය සැමරම රජයේ හෙද නිළධාරීන්ගේ 12 දින කොළඹ දී සාර්ථකව සිදුකරන ලදි. නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය විශේෂාංග රැුසකින් වර්ණවත් විය
නයිටිංගේල් ප‍්‍රතිඳාව ඉදිරිපත් කිරීම
නයිටිංගේල් සමරු ගීතය
හෙද දින තරග ජයග‍්‍රාහකයන්ට පදක්කම් හා සහතික පිරිනැමීම
සත්කාර සගරාවේ 2013 දෙමළ කලාපය එළිදැක්වීම
නයිටිංගේල් ගී ප‍්‍රසංගය

ආදියෙන් උත්සවය අලංකාර විය. විශේෂ ආරාධිතයන් ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මැතිතුමා, ශ‍්‍රි ලංකා  නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා, ජනාධිපති නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතා සහ විවෘත විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය ප‍්‍රමුදිතා මාධවී මහත්මිය ද සහභාගී විය. හෙද දින සමරු දේශනය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය එස්. එස්. පී. වර්ණකුලසූරීය මහතා විසින් පවත්වන ලදි. උත්වයේ විශේෂ අදහස් ප‍්‍රකාශ කිරීම කල සභාපති සමන් රත්නප‍්‍රිය මහතා හෙද දිනය සැමරීම නූතන පරපූරේ වගකීමක් බවත්, එය සමරමින් හෙද සේවාවේ අයිතීන් දිනා ගැනීමට ධෙර්යය සම්පන්නව කටයුතු කල යුතු බවත් ප‍්‍රකාශ කලේය.



















May Day 2013