Friday, August 26, 2011

ජාතික රෝහලේ ඖෂධ 2 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි



ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ රෝගීන් සඳහා ලබාදුන් ප‍්‍රතිජීවක නික්ෂේපණ ඖෂධ වර්ග 2 ක් එම ඖෂධ වර්ග ලබාදුන් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත.

ශ‍්‍රි ලංකා ජාතික රෝහලේ වාට්ටු අංක 72 වෛද්‍යවරුන් විසින් කරන ලද පැමිණිලි නිසා මෙසේ ජාතික රෝහලේ ප‍්‍රධාන ඖෂධවේදී විසින් භාවිතයෙන් ඉවත් කර ඇත්තේ, 

1. Cefuroxime 750 mg (zinazef)

නිශ්පාදන සමාගම - Makcuro

ඉවත් කල කාණ්ඩ අංක  – Ep 735 
2.  Amoxacyllin clavunic acid 1.29 (argmentin)

                නිශ්පාදන සමාගම - Ranbaxy laboratories LTD                ඉවත් කල කාණ්ඩ අංක -  2263444
                
2278449 යන කාණ්ඩ අංක වලට අයත් ප‍්‍රතිජීවක ඖෂධ වේ.
මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීම හා රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම තුළ මෙම ඖෂධ වල ප‍්‍රමිතිය හා තත්ත්වය පිළිබඳව බරපතල සැකයක් ඇතිවන අතර, එය විධිමත් විමර්ෂනයක් තුලින් සොයාගත යුතුය.

එසේම දිගින් දිගටම ඖෂධ ගෙන්වීම හා බෙදාහැරීමට අදාලව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ දුෂණ හා වංචා සිදුවෙමින් පවතින තත්ත්වය තුළ මෙම කාරණය ද තවත් දුෂණයක් විය හැකි බැවින් මේ පිලිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාහට අවධාරණය කරන්නෙමු.                
 
සමන් රත්නප‍්‍රිය