Wednesday, August 8, 2012

සත්‍යග‍්‍රහයේ අවස්ථා මාධ්‍යයෙහි පළවූ අයුරු




ජනමාධ්‍ය නිවේදනය


මගේ අංක ඃ- ්‍HSTUA 01/2012                                                                                 2012/08/08

ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ,
ප‍්‍රවෘත්ති කතෘ,
ප‍්‍රවෘත්ති සංස්කාරක,

මහත්මයාණෙනි/ මහත්මියනි,

මූල්‍ය ¥ෂණ වලට වගකිව යුතු විශ‍්‍රාම ගිය 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට

කොන්ත‍්‍රාත් පදනම මත නැවත සේවයට කැදවීමේ උත්සාහයට විරෝධය

 සත්‍යග‍්‍රහය අඛණ්ඩව ඉදිරියට 
විරෝධතා උද්ඝෝෂණය - දහවල් 12 ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී 


අක‍්‍රමික ලෙස ශල්‍ය උපකරණ මිලදී ගැනීමට අදාලව එල්ලවූ මූල්‍ය චෝදනා පිළිබ`දව ජනාධිපති විමර්ශන අංශය මගින් සිදුකල විධිමත් විමර්ශනයකින් පසු මිලියන 18ක මූල්‍ය ¥ෂණ වලට වැරදිකරු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු දඩුවමක් නොමැතිව 2012 අගෝස්තු 05 දින විශ‍්‍රාම යන ලදි.

ආයතන සංග‍්‍රහයේ විනය පටිපාටියට අනුව මූල්‍ය චෝදනා වලට ලක්වීම බරපතල වැරදි ගණයට අයත් වන අතර, එවැනි අයෙකු විශ‍්‍රාම වැටුප් සංග‍්‍රහයේ 12.1 වගන්තිය අනුව විශ‍්‍රාම ගැන්විය යුතු වන අතර, එහි දී විශ‍්‍රාම වැටුප් අත්හිටුවා විධිමත් ලෙස විනය කටයුතු කර අවසාන කල යුතුය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබ`දව එසේ විනය තීරණ ගත හැක්කේ කැබිනට් මණ්ඩලයට වන අතර, එසේ තීරණ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාල නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමු  කල යුතුය. එසේ වුයේ නැත. ¥ෂිත නිළධාරියෙකුහට දඩුවම් නිර්දේශ කරනු වෙනුවට සෞඛ්‍ය බලධාරින් විසින් විශ‍්‍රාම ගිය පසුවද ඔහු නැවත කොන්ත‍්‍රාත් පදනම මත සේවාවට කැදවීමට තීරණය කර ඇති අතර එයට අදාල කැබිනට් පත‍්‍රිකාවක් අගෝස්තු 08 බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.


මෙය බරපතල වැරැුද්දකි. රටේ නීතිය වල්වැදීමකි. එසේම උක්ත තනතුරට සුදුසුකම් සම්පූර්ණ කර ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ අවස්ථා අහුරා දැමීමකි.

වැදගත් ඃ-
මෙම තත්ත්වයට එරෙහිව අප සන්ධානය ආරම්භ කල අඛණ්ඩ සත්‍යග‍්‍රහය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී අගෝස්තු 08 එනම් අද දිනයේ ද අඛණ්ඩව ක‍්‍රියාක්මක කරන්නෙමු. සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 15 ක හා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති වල ඒකාබද්ධතාවයෙන් විරෝධතා උද්ඝෝෂණයක් අගෝස්තු 08, එනම් අද දින දහවල් 12 ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වීමට සංවිධානය කර ඇත. එම උද්ඝෝෂණය ආවරණය `දහා මාධ්‍ය නිළධාරීන් සහභාගී කරවන ලෙසද ඒ සම්බන්ධව අඛණ්ඩව පුළුල් ප‍්‍රචාරයක් ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලමු.

                      
සමන් රත්නප‍්‍රිය
සභාපති

Tuesday, August 7, 2012

අඛණ්ඩ සත්‍යග‍්‍රහය



මූල්‍ය ¥ෂණ වලට වගකිව යුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නැවත කොන්ත‍්‍රාත් පදනම මත සේවයට


අඛණ්ඩ සත්‍යග‍්‍රහය - අද - අගෝස්තු 07 දවල් 11.00 ට                   සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී 

අක‍්‍රමික ලෙස ශල්‍ය උපකරණ මිලදී ගැනීමට අදාලව එල්ලවූ මූල්‍ය චෝදනා පිළිබ`දව ජනාධිපති විමර්ශන අංශය මගින් සිදුකල විධිමත් විමර්ශනයකින් පසු මිලියන 18ක මූල්‍ය ¥ෂණ වලට වැරදිකරු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසි`දු ද`ඩුවමක් නොමැතිව 2012 අගෝස්තු 05 දින විශ‍්‍රාම යන ලදි.

ආයතන සංග‍්‍රහයේ විනය පටිපාටියට අනුව මූල්‍ය චෝදනා වලට ලක්වීම බරපතල වැරදි ගණයට අයත් වන අතර, එවැනි අයෙකු විශ‍්‍රාම වැටුප් සංග‍්‍රහයේ 12.1 වගන්තිය අනුව විශ‍්‍රාම ගැන්විය යුතු වන අතර, එහි දී විශ‍්‍රාම වැටුප් අත්හිටුවා විධිමත් ලෙස විනය කටයුතු කර අවසාන කල යුතුය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබ`දව එසේ විනය තීරණ ගත හැක්කේ කැබිනට් මණ්ඩලයට වන අතර, එසේ තීරණ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාල නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමු  කල යුතුය. එසේ වුයේ නැත. ¥ෂිත නිළධාරියෙකුහට ද`ඩුවම් නිර්දේශ කරනු වෙනුවට සෞඛ්‍ය බලධාරින් විසින් විශ‍්‍රාම ගිය පසුවද ඔහු නැවත කොන්ත‍්‍රාත් පදනම මත සේවාවට කැ`දවීමට තීරණය කර ඇති අතර එයට අදාල කැබිනට් පත‍්‍රිකාවක් අගෝස්තු 08 බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.


මෙය බරපතල වැරැුද්දකි. රටේ නීතිය වල්වැදීමකි. එසේම උක්ත තනතුරට සුදුසුකම් සම්පූර්ණ කර ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ අවස්ථා අහුරා දැමීමකි.

වැදගත් ඃ-
මෙම තත්ත්වයට එරෙහිව අප සන්ධානය සංවිධානය කරන අඛණ්ඩ සත්‍යග‍්‍රහය - අද - අගෝස්තු 07 දවල් 11.00 ට කොළඹ 10, ඞීන්ස් පාර, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී ආරම්භ කරන අතර, එම අවස්ථාව ආවරණය ස`දහා මාධ්‍ය නිළධාරීන් සහභාගී කරවන ලෙසද ඒ සම්බන්ධව අඛණ්ඩව පුළුල් ප‍්‍රචාරයක් ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලමු.

මාධ්‍ය නිවේදන


මගේ අංක ඃ- ්‍HSTUA 01/2012                                                                        2012/07/30

ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ,
ප‍්‍රවෘත්ති කතෘ, ප‍්‍රවෘත්ති සංස්කාරක,

මහත්මයාණෙනි/ මහත්මියනි,

ජනාධිපති ලේකම්ගේ නියෝග ක‍්‍රියාත්මක කර 
¥ෂිත සෞඛ්‍ය නිළධාරීන්ට දඩුවම් දෙන්න


රුපියල් ලක්ෂ 182 පමණ වටිනා ශල්‍ය අයිතමයක් අක‍්‍රමිකව මිළදී ගෙන ඇති බවට ජනාධිපති විමර්ශන ඒකකය මගින් සිදුකල විධිමත් විමර්ශනයෙන් තහවුරු වූ පසු එයට අදාලව, චූදිත නිළධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් විසින් 2011.10.15 දින හිටපු සෞඛ්‍ය ලේකම්ට ලිඛිතව දන්වා ඇත.

එහිදි චූදිත නිළධාරීන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විකලාංග විශේෂඥ වෛද්‍යවරයෙක් හා ගණකාධිකාරවරයෙක් දක්වා ඇත. ජනාධිපති ලේකම් විසින් විනය පියවර ගන්නා ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්ට දැනුම් දී මාස 10 ක් ගතවුවද, එම නියෝගය මේ දක්වා ක‍්‍රියාත්මක කර නැත. ඒ වෙනුවට සිදුකර ඇත්තේ ¥ෂණ සිදුකර ඇති චූදිත නිළධාරීන් රැුකගැනීම වෙනුවෙන්, මෙම ¥ෂණ ක‍්‍රියා හෙළිදරව් කිරීමට උත්සාහ කල පාර්ශ්වයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශනයක් කරවීමය.

මෙම මූලික විමර්ශනය ස`දහා දී ඇති වගකීම් පැවරීමට අදාල මාතෘකාව වනුයේ ”සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ¥ෂණ පිළිබ`දව පුවත්පත් වලට වාර්තා නිකුත් කිරීම හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට අපහාස කිරීම” යන කරුණ වන අතර, එම විමර්ශන ඒකකයේ වාර්තාවෙන් තවදුරටත් මතුකරනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මූල්‍ය චෝදනා වලට නිවැරදිකරු බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මූල්‍ය ¥ෂණ පිළිබදව එසේ විමර්ශනය කිරීම ”හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්” වැනි බව ද පැහැදිලිය.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය කිසි`දු විශේෂඥ හෝ තාක්ෂණික සාක්ෂි ලබා ගැනීමක් සිදු කර නොමැත. නමුත් ජනාධිපති විමර්ශන ඒකකය විකලාංග ශල්‍ය වෛදවරු ඇතු`ඵ විශේෂඥ, තාක්ෂණ හා වෛද්‍ය පරිපාලන ආදි සාක්ෂි ලබාගෙන විධිමත් පු`ඵල් විමර්ශනයක් සිදුකර ඇති බව පෙනී යයි.

මෙම Extrnal Ficxator˜  නමැති ශල්‍ය උපකරණ ඉල්ලා සිටි විශේෂඥ වෛද්‍යවරයාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කල තාක්ෂණික ඇගයුම් කමිටුවේ සභාපති ලෙස පත්කිරීම ද ගැට`ඵවකි. සමහර කණ්ඩායම් තර්ක කරන පරිදි Machine Specific˜ යන කාරණය පිළිබ`දව ජනාධිපති විමර්ශන වාර්තාව අධ්‍යනය කිරීමේ දී ගැට`ඵවක් පැන නොනගින අතර, ගැට`ඵ වන්නේ
1 ටෙන්ඩර් පටිපාටි උල්ලංඝණය කිරීම,
2 ලියාපදිංචිය අහෝසි වූ සමාගමකින් මෙම භාණ්ඩ මිළදී ගැනීම,
3 භාණ්ඩ වෛද්‍ය සැපයුම් අංශයේ තිබීයදී මිළදී ගැනීම,
4 දෙවන ටෙන්ඩරය අවංලගු කර විමර්ශනයක් පැවැත්වීමට නියෝග කර තිබියදී, එම ලිපිගොනුව ඉවත්කර නව ලිපිගොනුවක් දමා හිටපු සෞඛ්‍ය ලේකම් නොම`ග යවා ටෙන්ඩරය අනුමත කරවා ගැනීම, ආදීයයි.
එබැවින් තවදුරටත් මෙම මූල්‍ය ¥ෂණ වහන්නට කටයුතු නොකර ජනාධිපති ලේකම්ගේ නියෝග ක‍්‍රියාත්මක කර මූල්‍ය ¥ෂණ වලට වරදකරුවන්ට එරෙහිව විනයානූකූලව කටයුතු කිරීම ස`දහා කැබිනට් පත‍්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.
මෙයට විශ්වාසි,
                     
සමන් රත්නප‍්‍රිය
සභාපති