Tuesday, June 12, 2012

සෞඛ්‍ය සේවයේ දීමනා සැමට සමානව බෙදනු ! පොදු අසාධාරණයන්ට විස`දුම් දෙනු ! පළාත් විරෝධතා උද්ඝෝෂණ අවසන් තීරණාත්මක සාකච්ඡුාව හෙට - විසදුම් නොමැති නම් අරගලය දැඩිවේ !



සෞඛ්‍ය සේවාව තුළ හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තික කණ්ඩායම් නොසලකා හරිමින් වෛද්‍ය සේවාව සදහා පමණක් දීමනා වැඩි කිරීමට එරෙහිව හා අනිකුත් පොදු අසාධාරණයන් නිවැරදි කර ගැනීම වෙනුවෙන් අප වෘත්තීය සමිති විසින් කරන ලද ඉල්ලීම් සඳහා මෙතෙක් විස`දුම් ලබාදීම සෞඛ්‍ය බළධාරීන් ඇතු`ඵ අනෙකුත් වගකිවයුතු අංශ ප‍්‍රමාද කරමින් සිටී.

ඊට එරෙහිව එම වෘත්තිකයන් නියෝජනය කරන සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධ වු අප සංගම් විසින් ආරම්භ කරනු ලැබු පළාත් උද්ඝෝෂණ ව්‍යාපාරයේ අවසාන ක‍්‍රියාමාර්ගය 2012 ජූනි මස 11 ස`දුදා, එනම් අද දින දහවල් 12ට ඒකාබද්ධ විරෝධතා උද්ඝෝෂණයක් ලෙස බස්නාහිර පළාත නියෝජනය කරමින්, ශ‍්‍රී ලංකා ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල, කඵබෝවිල ශික්ෂණ   රෝහල,  ගම්පහ මහ රෝහල, මීගමුව මහ රෝහල, මහරගම පිළිකා රෝහල, හෝමාගම මූලික රෝහල, අවිස්සාවේල්ල මූලික රෝහල හා උතුරු මැද පළාත නියෝජනය කරමින් පොළොන්නරුව මහ රෝහල යන රෝහල් ඉදිරිපිට දී දහවල් 12ට පැවැත්වුනි.
ඒ අනුව,
1හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තිකයන්ට ‘රාජකාරී බාධා, අනතුරු හා ප‍්‍රවාහන දීමනා’ ලෙස මාසිකව  රු. 5000/- ක දීමනාවක් ලබා දීම
2මෙම සිය`ඵ වෘත්තිකයන්ට සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් නිවැරදි කිරීම වෙනුවෙන් මාසිකව රු.4,000/- ක උපරිම සීමාවකට යටත් දීමනාවක් ලබා දීම
3හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය ආදී වෘත්තීමය සේවාවන් සඳහා ද පැයකට මූලික වැටුපෙන් 1/90 ක අතිකාල දීමනාවක් ලබා දීම
4රා.ප.ච. 07/2008 ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් අප වෘත්තීන්ට ඇති වූ වැටුප් විෂමතා නිවැරදි කිරීම
5අප වෘත්තීන්ට අභ්‍යාසලාභීන් බඳවා ගැනීම, පළාත් සභාවන්ට පැවරීමට ගන්නා උත්සාහය අවලංගු කිරීම
                                                      යන ඉල්ලීම් වෙනුවෙන් කඩිනම් විස`දුම් ලබාදෙන ලෙස බලකරමින් සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් උක්ත උද්ඝෝෂණයට අප වෘත්තීන් නියෝජනය කරන්නාවු විශාල සාමාජික පිරිසක් සහභාගි වන ලදි. ජාතික රෝහලේ, මහරගම රෝහලේ, කඵබෝවිල ශික්ෂණ   රෝහල,  ගම්පහ මහ රෝහල හා  පොළොන්නරුව මහ රෝහලේ ඡුායාරූප මෙහි දක්වා ඇත.

2012 ජූනි 11 සඳුදා දින දවල් 12ට කොළඹ ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වු ප‍්‍රධාන උද්ඝෝෂණයේ දී එම වෘත්තීය සමිති වෙනුවෙන් අදහස් දැක්වූ රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා, නිළධාරී මට්ටමින් විවිධ සාකච්ඡුා පැවතියද තම ඉල්ලීම් සඳහා නිශ්චිත විසඳුම් ලබාදීම දිගින් දිගටම ප‍්‍රමාද කරමින් සිටින තත්ත්වය නිසා මෙම පළාත් උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වූ අතර, කෙසේ වුවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සම`ග හෙට දින ලබාදී ඇති සාකච්ඡුාවේ දී යහපත් ප‍්‍රතිඵල අපේක්ෂා කරන අතර, එසේ නොවන්නේ නම් මෙම පොදු අරගලයේ ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ග පෙරට වඩා දැඩි වනු ඇති බව ද එහි දී ප‍්‍රකාශ කරන ලදි.





















Tuesday, June 5, 2012

ශ‍්‍රමාභිමානි සම්මානයෙන් පිදුම් ලබයි


ශ‍්‍රමාභිමානි ජාතික සංවිධානය විසින් 2012.06.03 දින 6 වන වරට BMICH හිදි පවත්වන ලද ශ‍්‍රමාභිමානි වාර්ෂික සම්මාන උළෙලේ දී වැඩකරන පංතිය වෙනුවෙන් කල කැපකිරීම උදෙසා වසරේ වෘත්තීය සමිති නායකත්වයට හිමි සම්මානය රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනයේ ලේකම් සමන් රත්නප‍්‍රිය සහෝදරයාට හිමිවිය.
 
එම සම්මානය ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා අතින් ලබාදුන් අතර එම උළෙලේ අවස්ථා කිහිපයක ඡුායාරූප මෙහි දක්වා ඇත.